📈 කොවිඩ් මැදින් ඉන්දීය ආර්ථිකයේ වර්ධනයක් 📈

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    Indian-economy-coronavirus.jpg



    කොරෝනා වසංගතයේ දැඩි බලපෑමකට ලක්ව තිබුනද,අපේ‍්‍රල් සහ ජූනි ඇතුළත, දළ ජාතික නිෂ්පාදනයේ 20.1% ක වර්ධනයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්ව තිබේ.මෙය එක් කාර්තුවක පෙන්නුම් කළ ඉහළම වර්ධන ප‍්‍රතිශතය බව පැවසේ.

    පසුගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව, ආර්ථිකයේ සෑම ක්ෂේත‍්‍රයකම වර්ධනයක් මෙම කාර්තුව තුළ සිදුව තිබෙන බව පැවසේ.වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී බිද වැටී තිබුණු නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය මේ වසරේදී දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබේ. නිෂ්පාදන ක්ෂේත‍්‍රය පසුගිය වසරට සාපේක්ෂව 49.6 කින් ද, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය 69.3% කින් ද ඉහළ ගොස් තිබේ.

    පසුගිය වසරේ දී පවා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය, මේ වසරේ දී තවදුරටත් 4.5%කින් වර්ධනය විය.




    Source: nethgossip.lk





     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වැක්සීන් ටිකත් හදාගන්නව ඇන්ටිජෙන් කිට් ටිකත් හදාගන්නව ඔක්සිජන් හදාගන්නව ඕව අපනයනයත් කරනව ඉතින් අහන්න දෙයක් යැ වර්ධනේ

    ඒ අස්සෙ ලංකාවෙ හදනව කුළුණු + ජොගිං ට්‍රැක්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,498
    47,624
    113
    බංග්ලාදේශයෙත් ඵහෙමයි බං.අපි තමා හිඟමනටම වැටුනේ..අපේ උන් ඒකට හේතුව කියන්නෙම ටුවරිස්ට්ල නැති නිසා කියල..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    වැක්සීන් ටිකත් හදාගන්නව ඇන්ටිජෙන් කිට් ටිකත් හදාගන්නව ඔක්සිජන් හදාගන්නව ඕව අපනයනයත් කරනව ඉතින් අහන්න දෙයක් යැ වර්ධනේ

    ඒ අස්සෙ ලංකාවෙ හදනව කුළුණු + ජොගිං ට්‍රැක්
    ආර්ථිකේට බැරි නම් අපි හරි ඉහලට යන්න ඕන නේ බන් කුලුන දිගේ .
     

    Similar threads