📰 දැං නං චුන් පාන් අයියව නවත්තනවා බොරු

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    තිරිඟු පිටි වල හිගය සහ ඉහළ මිල හේතුවෙන් බේකරි කර්මාන්තය කඩා වැටීමට ලක්ව ඇතැයි ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.


    කර්මාන්තයේ සිටි බොහෝ පිරිසක් මේ වන විට විදෙස් රැකියාවලට පිටව ගොස් ඇතැයි ද සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසයි.


    අද වන විට චූන්පාන් රථ ධාවනය විශාල ලෙස අඩු වී ඇති බවද පැවසූ ඔහු මෙරට ප්‍රධාන පිටි සමාගම වලින් නිකුත් කරනු ලබන්නේ බේකරි වල අවශ්‍යතාවෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් බව ද කියා සිටියි.


    කුඩා පරිමාණ බේකරි විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවත් දැනට කර්මාන්තයේ යෙදී සිටින අයද විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කරමින් සිටින බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.
     
    • Dislike
    Reactions: Sandy_Fdo