📱🎬 "28 YEARS LATER" සිනමාපටයේ රූපගත කිරිම් සදහා යොදාගත් 'iPhones' 20 කින් සැදුම් ලත් වූ සුවිශේෂී "Camera rig" එක 📱🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මේ මාසෙ ජුනි 20 වෙනිදා ඉදන් ලොවපුරා තිරගත කරන්න සැලසුම් කරලා තියෙන "Danny Boyle" විසින් අධ්‍යක්ෂණය කරපු "28 YEARS LATER" චිත්‍රපටය සම්පූර්ණයෙන්ම පාහේ රූපගත කරලා තියෙන්නෙ "Apple' සමාගමෙන් නිෂ්පාදනය කරන "iPhone 15 Pro Max" වර්ගයේ ස්මාර්ට් දුරකථනවල ඇතුළත් කැමරාවන් යොදාගෙන කියලා හුග දෙනෙක් දන්නවා ඇති.



    මේ තියෙන්නෙ මේ චිත්‍රපටියෙ සමහර දර්ශන රූපගත කරන්න යොදාගත්තු "iPhone 15 Pro Max" වර්ගයේ ස්මාර්ට් දුරකථන 20 කින් සැදුම්ලත්ව නිර්මාණය කරපු සුවිශේෂ "Camera rig" එකේ අලුත්ම ඡායාරූප කීපයකුයි. 'Matrix' චිත්‍රපට වල ඇතුළත් වුණු "Bullet time" කියන සුවිශේෂ කැමරා ප්‍රයෝගයට සමාන ආකාරයෙන් "28 YEARS LATER" ඇතුළත් වෙන ක්‍රියාදාම ජවනිකා අංශක 180 ක වපසරියක් ආවරණය වෙන විදිහට රූපගත කරන්න යොදාගන්නයි මේ සුවිශේෂ "Camera rig" එක මේ චිත්‍රපටය වෙනුවෙන්ම පළවෙනි වතාවට නිර්මාණය කරලා තියෙන්නෙ.

    "iPhone 15 Pro Max" වර්ගයේ ස්මාර්ට් දුරකථන 20 කින් සැදුම්ලත් සුවිශේෂ "Camera rig" එක

    GsRPAGfXAAAwd6_


    GsN6u2rbIAAW2Mh



    📱 වැඩිදුර තොරතුරු 📱



    GsRPAGZW4AAO50T



     
    Last edited:

    Similar threads