📸🌟🌌 කැමරා ඇසට හසුවූ විශ්වයේ අසිරිය - 2023 වසරේ හොදම තාරකා විද්‍යා ඡායාරූප 📸🌎🌜

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    NdgkkeZ.jpg



    සෑම වසරකදී ලන්ඩනයේ 'Greenwich' හි පිහිටි රාජකීය අභ්‍යවකාශ නිරීක්ශනාගාරය (Royal Observatory Greenwich) මගින් පවත්වනු ලබන ලෝකයේ හොදම තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියා තේරීමේ තරගාවලිය වන 'Astronomy Photographer of the Year' අන්තර්ජාතික තරගාවලියේ 2023 වසරට අදාළ තරගාවලිය පසුගියදා පවත්වනු ලැබිණි. මෙවරද ලෝකයේ රටවල් 64 ක් නියෝජනය කරමින් තරගකරුවන් 4000 කර අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සදහා තමන්ගේ ඡායාරූපයන් ඉදිරිපත් කර තිබූ අතර පහත දැක්වෙන්නේ එම ඡායාරූප අතරින් ජයග්‍රාහී සහ අවසාන වටයට තෝරා ගත් ඡායාරූපයන්ය. මෙහිදී කාණ්ඩ 11 ඔස්සේ සම්මාන ලබාදී ඇත.



    ✨මණ්දාකිණි කාණ්ඩයේ සහ තරගාවලියෙහි සමස්ත ජයග්‍රහණය ලබා ගත් ඡායාරූපය - "Andromeda, Unexpected"

    ක්ෂීරපථය මන්දාකිණියෙහි අසල්වැසියා වන "ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය"

    Image credits: Marcel Drechsler, Xavier Strottner and Yann Sainty

    5901.jpg




    ✨වසරේ හොදම නවක තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනාගත් ඡායාරූපය - "The Running Chicken Nebula"

    විමෝචන නිහාරිකාවක් වන "Running Chicken Nebula" ( IC2944). පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6000 ක් ඈතින්, 'Centaurus' නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇත.

    Image Credits: Runwei Xu and Binyu Wang

    5315.jpg




    ✨තාරකා සහ නිහාරිකා කාණ්ඩයේ ජයග්‍රාහී ඡායාරූපය - "New Class of Galactic Nebulae Around the Star YY Hya"

    "The heart of the Hydra" ලෙස නම් කර ඇති ද්විමය තාරකා පද්ධතියක අවශේෂ ව්‍යුහය

    Image credit: Marcel Drechsler

    7264.jpg




    ✨"මිනිසා සහ අභ්‍යවකාශය" යන කාණ්ඩයේ ජයග්‍රාහී ඡායාරූපය - 'Zeila'

    නැම්බියාවේ උතුරු ප්‍රදේශයට අයත්, අත්ලාන්තික සාගරයට මුහුණලා පිහිටි ලොව පවතින කර්කෂම වෙරළාශ්‍රිත කලාපයක් ලෙස සලකනු ලබන "Skeleton Coast' නම් ප්‍රදේශය මෙම ඡායාරූපයෙන් දැක්වේ. මීදුමෙන් වසාගත් මෙම වෙරළාශ්‍රිත ප්‍රදේශයේදී අනතුරකට මුහුණ දීම හේතුවෙන් අතහැර දමා ඇති, දිරාපත් වෙමින් පවතින යාත්‍රාවක් සහ ඊට පසුබිමින් දිස්වන මනරම් අහස් කුසක් මෙයින් නිරූපණය කෙරේ.

    Image credit: Vikas Chander

    7087.jpg





    ✨ "අපේ සූර්යයා' කාණ්ඩයේ ජයග්‍රාහී ඡායාරූපය - "A Sun Question"


    ප්‍රශ්ණාර්ථ ලකුණක හැඩය ගත් සූර්ය සූත්‍රිකාව. සූර්ය සූත්‍රිකාවන් (solar filament) යනු සූර්යයාගේ පවති චුම්භක ක්ෂේත්‍රයෙහි බලපෑම හේතුවෙන් සූර්යයාගේ වායුගෝලය තුළ හටගනු ලබන අයනීකරණයට භාජනය වූ එනම් ප්ලාස්මාවන්ගෙන් සමන්විත වූ සූර්ය පෘෂ්ඨයට සාපේක්ෂව මදක් අඩු උෂ්ණතවයකින් යුක්ත වූ දැවැන්ත චාපාකාර ව්‍යුහයන් නැතහොත් දැවැන්ත තාපදීප්ත ප්ලාස්මා ධාරාවන්‍ ය.

    Image credit: Eduardo Schaberger Poupeau


    4724.jpg





    ✨හොදම නවක තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියාට හිමිවන "Sir Patrick Moore" ත්‍යාගය - "Sh2-132: Blinded by the Light"


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 10400 ක් ඈතින්, 'Cepheus' සහ 'Lacerta' තාරකා රාශීන්ට අයත්ව පිහිටා ඇති "SH2-132" (The Lion Nebula) නම් විමෝචන නිහාරිකා සංකීර්ණය

    Image credit: Aaron Wilhelm

    4562.jpg





    ✨ඡායාරූප නවෝත්පාදනය (image innovation) සදහා පිදෙන "Annie Maunder" ත්‍යාගය - "Black Echo"


    නාසා'හි චන්ද්‍ර අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදුකළ "data Sonification' ව්‍යාපෘතිය මගින් ලබාගත් ශබ්ද දත්ත ප්‍රභවයන් යොදාගනිමින් නිර්මාණය කළ 'Perseus' මන්දාකිණිය මධ්‍යයයේ පිහිටි කළු කුහරයෙහි ස්වරූපය. ඡායාරූපයන්ගෙන් උකහා ගනු ලබන ඩිජිටල් රූපන දත්තයන්, ශබ්ද තරංගයන් බවට පරිවර්තනය කළ හැකි ක්‍රමවේදය "data sonification" ලෙස මෙහිදී හදුන්වනු ලබයි.


    Image credit: John White

    3597.jpg




    ✨"චන්ද්‍රයා' කාණ්ඩයේ ජයග්‍රාහී ඡායාරූපය - "Mars-set"


    2022 වසරේ දෙසැම්බර් මස 8 වන දින සිදුවූ "Mars occultation" අවස්ථාවේදී අඟහරු ග්‍රහයාට ඉදිරියෙන් ගමන් කළ පෘථිවි චන්ද්‍රයා. මෙහිදී අඟහරු ග්‍රහයා දිස්වන්නේ චන්ද්‍රයාගේ ක්ෂිතිජය දෙසින් උදාවන ආකාරයෙනි.

    Image credit: Ethan Chappel

    4724.jpg





    ✨"ග්‍රහලෝක, වල්ගාතරු සහ ග්‍රාහක" කාණ්ඩයේ ජයග්‍රාහී ඡායාරූපය - "Suspended in a Sunbeam"


    අධෝරක්ත කිරණ ආලෝක මාධ්‍යයය යොදාගනිමින් ලබාගත් සිකුරු ග්‍රහයාගේ "ව්‍යාජ වර්ණ ඡායාරූපය" (False color image)

    Image credit: Tom Williams

    Ck7bkFnAPXN8bmRo7f8JsV-970-80.jpg





    ✨"අවුරෝරා (Aurora)" කාණ්ඩයේ ජයග්‍රාහී ඡායාරූපය - 'Brushstroke'

    Image credit: Monika Deviat

    Yno3cn4XJvGAxZ3gr6qkrX-970-80.jpg




    ✨"Skyscapes' කාණ්ඩයෙහි ජයග්‍රාහී ඡායාරූපය - "Grand Cosmic Fireworks"


    හිමාල කඳු වැටියේදී කැමරා කාචයට හසුකර ගත් "atmospheric luminescence" නමින් හදුන්වන දුර්ලභ ගණයේ ස්වභාවික සංසිද්ධියක්

    Image credit: Angel An


    5304.jpg





    එක් එක් කාණ්ඩයේ අනුශූරතාවය ලබා ගත් ඡායාරූපයන්


    ✨"අපේ සූර්යයා' කාණ්ඩය - "Dark Star"


    සූර්යයාගේ ධ්‍රැවීය ඛණ්ඩාංකයන් ඔස්සේ ප්‍රතිලෝමව සකස් කළ මේ ඡායාරූපයෙන් නිරූපණය වන්නේ, සූර්යයාගේ කෙළවරි පැන නගින කුඩා සූර්ය ගින්දළු (solar prominence) කීපයකි.

    Image credit: Peter Ward

    3500.jpg




    ✨"මිනිසා සහ අභ්‍යවකාශය" යන කාණ්ඩය - "A Visit to Tycho"


    පෘථිවි චන්ද්‍රයා මත පිහිටි "ටයිකෝ' ආවාටයට ඉහළින් ගමන් කරන්නාක් මෙන් දිස්වන ජාත්‍යයන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

    Image credit: Andrew McCarthy

    6300.jpg





    ✨අවුරෝරා (Aurora) කාණ්ඩය - "Circle of Light"

    නෝර්වේ රාජ්‍යයය අයත් 'Lofoten' දූපතෙහි පිහිටි 'Skagsanden' වෙරළ තීරයට දිස්වූ වර්ණවත් අවුරෝරාවක් මෙයින් නිරූපණය කෙරේ. පසුබිමින් දිස්වන්නේ 'Hustinden' නම් කඳු වැටියයි.

    Image credit: Andreas Ettl

    4724.jpg





    ✨ "තාරකා සහ නිහාරිකා" කාණ්ඩය - "LDN 1448 et al"


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 800 ක් ඈතින්, 'Aries' නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති "LDN 1448" (Barnard 203) නමින් හදුන්වන "අඳුරු නිහාරිකාව'.

    Image credit: Anthony Quintile

    6496.jpg





    ✨'Skyscapes' කාණ්ඩය - "Celestial Equator Above First World War Trench Memorial"

    පළමු ලෝක යුද්ධය පැවති සමයේදී "කැනේඩියානු ගවේෂණ බලකායට" (Canadian Expeditionary Force) අයත් වූ සෙබළුන් රැසක් මියගිය උතුරු දිග ප්‍රංශයේ පිහිටි හමුදා අගල් ඉදිකර තිබූ ප්‍රදේශයේ ස්ථාපනය කොට ඇති "Canadian National Vimy Memorial" නම් ස්මාරකය ආශ්‍රිත ප්‍රදේශයට ඉහළින් ඇති ආකාසයේ දිස්වූ මනරම් තාරකා මංපෙත්.

    Image Credit: Louis Leroux-Gere

    5315.jpg


     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    තරගාවලියේදී විශේෂ අවධානයට සහ ඇගයීම්වලට පාත්‍ර වූ අනෙකුත් ඡායාරූප


    ✨The Dark Wolf – Fenrir


    "Wolf Nebula" (Fenrir Nebula) ලෙස හදුන්වනු ලබන ඝන අණුක වළාවන්ගෙන් සමන්විතව නිර්මාණය වූ නිහාරිකාව

    Image credit: James Baguley


    6496.jpg





    ✨Roses Blooming in the Dark: NGC 2337


    "The Rosette Nebula" (NGC 2337) ලෙස හදුන්වනු ලබන ආලෝක වර්ෂ 130 ක විෂ්කම්භයකින් යුක්ත වූ විමෝචන නිහාරිකාව (Emission nebula).

    Image credit: Yanhao Mo

    3900.jpg




    ✨Blue Spirit Drifting in the Clouds


    "Pleiades' විවෘත්ත තාරකා පොකුර මෙයින් නිරූපණය කෙරේ. මෙය "Messier 45" මෙන්ම, හත් දින්නත් තාරකා පොකුර සහ සහෝදරියන් සත් දෙනාගේ තාරකා පොකුර ලෙසින් ද හදුන්වනු ලබයි.

    Image credit: Haocheng Li and Runwei Xu

    4724.jpg




    ✨Moon at Nightfall


    චීනයේ, "Xinghai Bay" ප්‍රදේශයේ පිහිටා ඇති 'Dalian' නම් පාලමට ඉහළින් දිස්වූ චන්ද්‍රයාගේ උදාව.

    Image credit: Haohan Sun

    5602.jpg





    ✨Fire on the Horizon


    නවසීලන්තයේ, "Birdlings Flat" නම් ප්‍රදේශයට දිස්වූ මනරම් අවුරෝරාව

    Image credit: Chester Hall-Fernandez

    5906.jpg




    ✨Noctilucent Night


    හංගේරියාවේ පිහිටි කුඩා විලකට ඉහළින් දිස්වූ "Noctilucent clouds". "Noctilucent clouds" යනු පෘථිවියේ ඉහළ වායුගෝලයට වන්නට නිර්මාණය වන සිහින් ආකාරයේ හැඩයක් ගන්නා වළාකුළු විශේෂයකි.

    Image credit: Peter Hoszang

    3543.jpg




    ✨Lunar Occultation of Mars

    2022 වසරේ දෙසැම්බර් මස 8 වන දින සිදුවූ "Mars occultation" අවස්ථාවේදී පෘථිවි චන්ද්‍රයාට පිටුපසින් දිස්වූ අඟහරු ග්‍රහයා.

    Image credit: Joshua Harwood-White

    3024.jpg





    ✨Close Encounters of the Haslingden Kind


    එංගලන්තයේ, 'Lancashire' ප්‍රාන්තයට අයත් 'Rossendale' නගරයේ ඉදිකර තිබෙන "Haslingden’s Halo" නම් ලෝහමය කලා නිර්මාණයට පසුබිමින් දිස්වන ආකාසයේ දිස්වූ මනරම් තාරකා මංපෙත් (Star trails) මෙයින් නිරූපණය කෙරේ. ඡායාරූප 150 ක් පමණ භාවිතා කොට නිර්මාණය කොට ඇති ඡායාරූපය ස්ටීවන් ස්පීල්බර්ගේ "Close Encounters of the Third Kind" සිනමාපටයේ වූ සුප්‍රකට ජවනිකාව සිහි ගන්වන බැවින් මෙලෙස නම්කොට තිබේ.

    Image credit: Katie McGuinness


    6926.jpg



    ✍️✨💥 ලිපිය සැකසුම: @Stimulus mind 💥✨✍️

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    මෙච්චර විස්තර කොහෙන්ද බන් හොයාගන්නෙ? TFS හොඳේ
    නෙට් එකෙන් සර්ච් කරලා තමයි, සහෝ. මේ ආර්ටිකල් එක ලියන්න නම් මං තොරතුරු හොයාගත්තෙ theguardian.com එකෙයි, space.com එකෙයි පබ්ලිෂ් කරපු ආර්ටිකල් වගේකිනුයි. මංම තමයි ඔක්කොම ලියන්නෙ. :yes: :)

    https://www.theguardian.com/science...2023-winners-and-finalists-in-pictures#img-21
     

    Similar threads