ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කැලණිය විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට ඊයෙ ඇවිත් යද්දි විශ්වවිද්‍යාල ශිෂ්‍යයො පිරිසක් විරෝධතාවක් පැවැත්වුවා. එතනදි ඔවුන් කිව්වා ''පශ්චාත් උපාධිය හදාරන අයට දේශන තියන්න ඩඩ්ලි කවුද ? ඩඩ්ලි හාල් හංගන හොරෙක්.'' වගේ කතා. ඔවුන්ගේ විරෝධයත් ශිෂ්ටසම්පන්න එක්ක වුණේ නැහැ.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
ඩඩ්ලි විශ්වවිද්‍යාලයක ආරාධිත දේශනයක් පවත්වන්න සුදුසුයි. මොකද ඔහු බිම් මට්ටමේ ඉඳලා - කට්ටක් කාලා - උත්සාහයෙන් දියුණු වෙලා - ව්‍යාපාර ලෝකයේ හිනිපෙතට පැමිණි අයෙක්. අවුරුදු හතරක් කටපාඩම් කරලා උපාධිය ගත්තු කෙනෙක්ට නැති බොහෝ දැනුම් සම්භාරයක් ඩඩ්ලිට තියෙනවා. මොකද ඔහුට දශක තුනක තමන්ගෙම ගමනක් තිබ්බ ව්‍යාපාරිකයෙක් නිසා. ( ඔහුට එල්ල වන චෝදනා වෙනයි. ඒවාට ඔහු නීතිය ඉදිරියේ වරදකරුවකු වන තාක් කල් අපිට ඔහුව චෝදනා මතම බැහැර කරන්න බැහැ. )
විශ්වවිද්‍යාල ශිෂ්‍යයො කරන්න ඕන එහෙම මනුස්සයෙක්ගෙන් ඒ අත්දැකීම් ටික , දැනුම ලබාගන්න එක මිසක් ඒ මනුස්සයාට විරෝධය පාලා වාහනේ බ්ලොක් කරලා කෑගහලා එලවන එක නෙමේ. මේ විරෝධයෙන් පෙන්නුවේ අපේ විශ්වවිද්‍යාලවල ඉන්න බහුතරයක අපරිණත මට්ටම. අද ජොබ්ස්වලට ඉන්ටවීව් කළොත් එන බහුතරයක් උපාධිධාරීන්ට තියෙන්නේ උපාධිය විතරයි. විශේෂිත කුසලතාවක් , ප්‍රායෝගික අවබෝධය , සාමාන්‍ය දැනීම වගේම භාෂා දැනුමත් අවමයි. සන්ඩේ ඔබ්සර්වර් එකේ වෙකන්සීස් හැම සතියකම ගොඩක් තියෙන්නෙත් - රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හැමදාම ඉතිරිවෙලා ඉන්නෙත් ඔය යථාර්ථය නිසයි.
එනිසා විශ්වවිද්‍යාල සිසුන් ඩඩ්ලිට දක්වපු විරෝධය ගොඔම්කම පෙන්වන පාට් එකක්. තව එකක්... ඒ සිසුන් ළමා අපචාර චෝදනා එල්ලවුණු පොප් ගායක මයිකල් ජැක්සන් බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියෙ ආරාධිත දේශනයට ගිහින් කරපු කතාව හොයාන් බැලුවානං තවත් හොඳයි.
දර්ශන එරංග ( 2024 / 01 / 15 )