🔰 තලේබාන් සංවිධානය ගැන තොරතුරු දැනගනිමු 🔰

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,653
    6,983
    113
    United States
    🔰 තලේබාන් සංවිධානය ගැන තොරතුරු දැනගනිමු 🔰

    1721b71905e012bac9d6e.jpg


    තලේබාන් සංවිධානය ගැන ආයෙත් සමාජයේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව කාලයක් ඇෆ්ගනිස්ථානය තුළ අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට ක්‍රියාත්මක වෙච්ච මේ සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීම සහ ඊට අදාළ පාලන තන්ත්‍රය තමන්ගේ යටතට ගැනීම කියන කාරණාව නිසයි. කලින් කලට මේ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. ඉතින් මොකක්ද මේ තලේබාන් සංවිධානය කියන එක ගැන තමයි අපි අද කතා කරන්න කල්පනා කළේ.


    1. බිහිවීම​

    d5040fb09ee0263ebbf82.jpg

    තලිබ් කියන්නෙ අරාබි භාෂාවෙන් ‘ශිෂ්‍යයා’ කියන වචනෙට. එතකොට තලේබාන් කියන්නෙ ශිෂ්‍යයන්ගේ සංවිධානය වගේ තේරුමක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ සංවිධානය නිල වශයෙන් 1994 දී තමයි ආරම්භ වෙන්නෙ. ඒ මේ සංවිධානයේ ආරම්භක නායකයා වශයෙන් හැඳින්වෙන ‘මුල්ලා මොහමඩ් ඕමාර්’ ගේ නායකත්වයෙන්. ඔහු පකිස්ථානයේ ඇෆ්ගන් සරණාගත කඳවුරුවල හිටපු ශිෂ්‍යයින් පිරිසක් එකතුකරගෙන තමයි මේ සංවිධානය පිහිටුවන්නේ. ඒ විදිහට ටිකෙන් ටික පිරිස් බලය වැඩි කරගනිමින් තලේබාන් සංවිධානය ශක්තිමත් වෙන්න පටන්ගන්නවා. ඔය කාලේදී ඇෆ්ගනිස්ථානය පාලනය කළේ රුසියානු හිතවාදී පාලනාධිකාරයක්. ඉතින් ක්‍රම ක්‍රමයෙන් 2001 වගේ වෙද්දී ඇෆ්ගනිස්ථානයෙන් 90%ක පමණ ප්‍රදේශයක් මේ තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගන්නවා.

    2. පාලන බලය අල්ලා ගැනීම​

    c1aa942ac2fc9c5c74b33.jpg

    කලින් කිව්වා වගේ ක්‍රම ක්‍රමයෙන් මේ සංවිධානය රටේ වැඩි කොටසක බලය තමන් සතු කරගන්නවා. විශේෂයෙන් 1994දී කන්දහාර් නගරය ඔවුන් විසින් අත්පත් කරගනු ලබනවා. ඉන් පස්සේ ක්‍රමයෙන් අනෙකුත් පළාත් අල්ලගන්න ඔවුන් සමත් වනවා. ඉන් පස්සේ 1996 දී ඇෆ්ගනිස්ථානයේ අගනුවර වුණු කාබුල් නගරයද තමන්ගේ යටතට ගන්න මේ සංවිධානය සමත් වෙනවා. මේ සංවිධානය මුස්ලිම් අන්තවාදී සංවිධානයක් නිසාම බොහෝවිට ජනතාවට පීඩාකාරී නීති රීති සහ කාන්තාවන් සම්බන්ධව දැඩි නීති පනවන්න කටයුතු කරනවා. විශේෂයෙන් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහනම් කරන්න ඔවුන් පියවර ගන්නවා. ඒ නීතිරීති වගේම ඉතාම දැඩි දඬුවම් ක්‍රම පවා ඔවුන් විසින් අනුගමනය කරනු ලබනවා.

    3. පාලනය බිඳවැටීම​

    407db8807a61461bacc0b.jpg

    ඉතාම වේගයෙන් බලය අත්පත් කරගත්තු මේ ත්‍රස්තවාදී සංවිධානයට නොහිතපු විදිහට තමන්ගේ බලය අත අරින තැනට වැඩ සිද්ද වෙනවා. ඒ ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය එක්කයි. ඒ ප්‍රහාරය ඇමරිකාවට ගොඩක් දැනෙන ප්‍රහාරයක් වුණා. ඉතින් ඒ ප්‍රහාරයට වගකිව යුතු අල්කයිඩා සංවිධානය ඇමරිකාවේ ප්‍රධාන සතුරෙක් බවට පත් වුණා. පස්සේ අල්කයිඩා සංවිධානයේ නායක විදිහට නම් කෙරුණු ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින බවට ඇමරිකාව නිවේදනය කරනවා. ඒ අනුව වහාම තමන්ගේ හමුදා මෙහෙයුම් ඇෆ්ගනිස්ථානය තුළ ආරම්භ කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව විසින් තලේබාන් සංවිධානය කාබුල් නගරයෙන් පලවා හරිනවා. ඉන් පස්සේ හමීඩ් කර්සායි ජනාධිපති ධුරයට පත් වෙනවා. ඉන් පස්සේ නැවත තලේබාන් සංවිධානය ඇෆ්ගන් කඳුකර ප්‍රදේශ වලට පලා යනවා.


    4. තලේබාන් නීතිරීති සහ ආගමික විශ්වාසයන්​

    f66cdb6115f29ab4b427b.jpg

    මුස්ලිම් ආගමික අන්තවාදී සංවිධානයක් විදිහට තමයි තලේබාන් සංවිධානය මුල ඉඳන්ම කටයුතු කළේ. විශේෂයෙන් මුස්ලිම් ෂරියා නීතිය ඔවුන්ගේ මූලික නීතිය බවට පත් වෙන බව මුල සිටම පෙනෙන්නට තිබුණා. ඒ වගේම ෂරියා නීතියට අමතරව මුල්ලා ඕමාර්ගේ නීති රීතිත් මේ සංවිධානයේ පාලන ක්‍රමය බවට පත් වුණා. මත්පැන්, මධ්‍යසාර, සංගීතය, රූපවාහිනී රසවින්දනය, අන්තර්ජාලය වගේ දේවල් තලේබාන් නීති වලින් තහනම් දේවල් බවට නම් කෙරුණා. කලින් සඳහන් කළා වගේ කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කළා වගේම කාන්තාවන් රැකියාවන්වල යෙදීමත් තහනම් කළා. මේ නීති රීති වලට අවනත නොවෙන අයට ඉතාම දැඩි දඬුවම් පවා ලබා දුන්නා. ඉතින් බොහෝ දුරට ඒවාට විරුද්ධ වෙන්න තරම් ධෛර්යමත් ජනතාව ඇෆ්ගනිස්තානයේ හිටියේ නෑ.


    5. මිනිස් ජාවාරම් කටයුතු​

    6e8887f2771fe3ec31c66.jpg

    සම්පුර්ණ සංවිධානය මිනිස් ජාවාරම් කටයුතු වල යෙදීම සිදු නොකළත් තලේබාන් සහ අල්කයිඩා සංවිධාන වල ඉහළ නිලධාරීන් සුළු පිරිසක් එකතු වෙලා මේ කටයුත්තේ යෙදුණා. විශේෂයෙන් සුළු ජාතික කාන්තාවන් මේ විදිහට පැහැරගෙන ලිංගික වහලුන් විදිහට අලෙවි කළා. ඒ නිසා එහෙම පැහැරගත්තු කාන්තාවන් සියදිවි නසාගන්නට පවා පෙළඹුණා, මරණය ලිංගික වහල්භාවයට වඩා හොඳ නිසා.

    6. අන්‍යාගමිකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය​

    18ebb46d249fa2ab30faa.jpg

    ෂරියා නීතිය අන්තවාදී විදිහට යොදාගත්තු සංවිධානයකින් අන්‍යාගමික ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙයි කියල කොහොමත් හිතන්න අමාරුයි. විශේෂයෙන් බෞද්ධ, හින්දු, සීක් වගේ ජන කොටස් වලට විරුද්ධව ප්‍රචණ්ඩත්වය මුදා හැරීම මොවුන් අතින් අඛණ්ඩව සිද්ද වුණා. තලේබාන් සංවිධානය විවේචනය කිරීම ඉතාම අවදානම් වැඩක් වුණා. විශේෂයෙන් මුස්ලිම් නොවන ජනතාව වෙන් කර හඳුනාගන්න විශේෂ ක්‍රම පවා ඔවුන් විසින් බලහත්කාරයෙන් නියම කරනු ලැබුවා. ඒ හරහා අන්‍යාගමික ජනතාව පීඩාවට පත් කෙරුණා.

    7. සංස්කෘතික සංහාරය​

    437b86dc498f7ea42c87e.jpg

    ඇෆ්ගනිස්ථානය කියන්නේ ඉතාම හොඳ සෞන්දර්යාත්මක සංස්කෘතියක් තිබුණු රටක්. හැබැයි තලේබාන්වරුන්ට කිසිසේත්ම එහෙම සංස්කෘතියක් අවශ්‍ය වුණේ නෑ. ඒ නිසාම රට තුළ තිබුණු සංස්කෘතික වටිනාකම් සියල්ල විනාශ කරන්න ඔවුන් පෙළඹුණා. විශේෂයෙන්, 1992 දී ජාතික කෞතුකාගාරයට පහර දී, එහි තිබුණු කෞතුක වස්තු වලින් 70% ක් විතර විනාශ කරලා දමන්නට තලේබාන්වරු කටයුතු කළා. ඒ වගේම 2001 දී බාමියන් බුද්ධ ප්‍රතිමා ඩයිනමයිට් දමා පුපුරුවා හැරියා. 1998 දී මහජන පුස්තකාලයක් විනාශ කරලා පොත් 55000කට වැඩි ප්‍රමාණයක් විනාශ කරන්නටද තලේබාන්වරු කටයුතු කළා.


    තලිබාන්වරු සහ ඔවුන්ගේ නීති ... 💔
    ----------------------------------------

    photo-2021-09-23-20-19-27.jpg


    අනාගතයේ දිනක තම බලය රට පුරා ස්ථාපිත කරන්නේ පනවනු ලබන තහංචි ගණනාවක් තලිබාන් වරු ප්‍රකාශ කළේ මීට වසර ගණනාවකට පෙරයි. ඒවායින් බොහොමයක් කාන්තාවන් මුල් කර ගත් ඒවාය.
    මෙය උපුටා ගනු ලැබුවේ Joydeep Roy - Bhattacharya ගේ අති විශිෂ්ට The Watch (2012 ) නම් ග්‍රන්ථයෙනි.

    1 . පිරිමි සහායකයෙකු නොමැතිව ( Mahram - සැමියා , සහෝදරයා , හෝ වෙනත් ළඟ ඥාතියෙක් ) කාන්තාවන්ට නිවසින් පිටත බැසීම තහනම් වෙයි.

    2. පිරිමි වෙළෙන්දන් ගෙන් මිළදී ගැනීම කාන්තාවන්ට තහනම් වෙයි.

    3. කාන්තාව නිරන්තරෙන්ම burqa ව ඇග ලා සිටිය යුතුය.

    4 . කාන්තාවකගේ විලුඹ හෝ ප්‍රදර්ශනය වේ නම් එය කස පහර හිමි වන වරදකි.

    5. කාන්තාවන්ට පිරිමියෙකු සමග කතා කිරීම හෝ අතට අත දීම තහනම් වෙයි . අමුත්තෙකුගේ සවනට කාන්තාවකගේ හඬ නෑසිය යුතුය. එසේත් නැතිනම්
    හඬ නගා කතා කිරීම කාන්තාවන්ට තහනම් වෙයි.

    6. ප්‍රසිද්ධ ස්ථාන වල සිනහවිම කාන්තාවන්ට තහනම්ය.

    7. ආදී උස සපත්තු පැළදීම කාන්තාවන්ට තහනම් වන අතර කාන්තාවකගේ පාවහන් හඬ පිරිමියෙකුගේ සවනට නෑසිය යුතුය. එසේත් නැතිනම් කාන්තාව
    සීරුවෙන් අඩි තබා ඇවිදිය යුතුය.

    8. කාන්තාවන්ට රූපාලවන්‍ය තහනම්ය. නිය පාට කරන කාන්තාවගේ ඇඟිලි කපා දමනු ලැබේ.

    9. කාන්තාවන්ට ක්‍රීඩා කළ නොහැකි අතර ක්‍රීඩා සමාජයකට ඇතුළත් වීම තහනම්ය.

    10. ලිංගික ආකර්ෂණය ඇති කරන වර්ණ රැගත් ඇඳුම් ඇඳීම කාන්තාවන්ට තහනම් වෙයි.

    11. නදී තීරයන්හි හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථාන වල ඇඳුම් සේදීම කාන්තාවන්ට තහනම්ය.

    12 . කාන්තාවන්ට තමන්ගේ නිවෙස් වල සඳළුතයන්හි පෙනී සිටීම තහනම් වෙයි. සියලු කවුළු වසා තබිය යුතු අතර පිරිමියෙකුගේ ඇසට නාදුනන
    ගැහැනියකගේ රුව හසු නොවිය යුතුය.

    13 . යම් වීදියක ගැහැනියකගේ නම සදහන් වී ඇත්නම් එය ඉවත් කළ යුතුය.

    14. සංගීතයට සවන් දීමේ අවසරය , රූපවාහිනිය හෝ වීඩියෝවක් නැරඹීම තහනම් වෙයි.

    15. කාඩ් සෙල්ලම් කිරීම, චෙස් සෙල්ලම් කිරීම හෝ සරුංගල් තහනම්ය .

    16 . පක්ෂීන් ඇති කිරීම තහනම්ය. ඇති කරන්නීය සහ පක්ෂියා මර දමනු ලැබේ.

    17. සියලුම පොත් වල ඡායාරූප මුද්‍රණය තහනම්ය. නිවෙස් වල ඡායාරූප එල්ලා තැබීම තහනම්ය . (ගැහැනු පිරිමි දෙපාර්ශවයටම )

    18. ඉස්ලාම් ධර්මයට අදාළ නොවන පොතක් ළඟ තබා ගැනීම මරණ දඩුවම මබිය හැකි වරදකි.

    19. සියලු දෙනාම ඉස්ලාම් ධර්මය පාදක කර ගත් නමක් දැරිය යුතුය.

    20. සෑම පිරිමියෙක්ම, දරුවෙක්ම සිරුර හොඳින් වැසෙන සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසිය යුතුය...


    තලේබාන් සංවිධානය සම්බන්ධව යම් අදහසක් මේ ලිපිය හරහා ඔබට ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා

    🎀 තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්.... :-)