🔴🏦 ලෝක බැංකුවෙන් රතු එළියක් 🏦🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    World-Bank002.jpg


    අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    එම නිවේදනයේ මෙසේ සඳහන් වේ

    "ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්‍යපෘතිවල සම්පත් යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට,දිළිඳු ජනතාවට,අවදානමට ලක් වූ පවුල්වලට,ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබා දෙයි.ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන ණය දීමට සැලසුම් කර ඇතැයි පල වූ මෑත කාලීන මාධ්‍ය වාර්තා නිවැරදි නොවේ."


    Source: lankadeepa.lk
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් හැදුවා කියමුකො.
    ඕක හරියට ක්‍රියාත්මක කරයි ද කියලා කවුද දන්නේ.
    මන් දන්න කඩ කාරයෝ ඉන්නවා කඩේ expand කරන්න කියලා බැංකුවෙන් ණය අරන් ගෙදරට tile අල්ලන ජාතියේ බඩු.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,230
    113
    ආශ්චර්යමත් රටක
    නියමයි. ඒ කියන්නෙ අපේ රට වලපල්ලට යවන්න ලෝක බැංකුව උදව් කරන්නෙ නෑ. 😍😍😍

    ලංකාවෙම ඉපදිච්ච ඉන්ද්‍රජිත් වගේ ගල් මූසලයො ලංකාව වලපල්ලට යවන්න හදනකොට ලෝක බැංකුව වත් එහෙම නොකරන එක කොච්චර දෙයක්ද.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් හැදුවා කියමුකො.
    ඕක හරියට ක්‍රියාත්මක කරයි ද කියලා කවුද දන්නේ.
    මන් දන්න කඩ කාරයෝ ඉන්නවා කඩේ expand කරන්න කියලා බැංකුවෙන් ණය අරන් ගෙදරට tile අල්ලන ජාතියේ බඩු.

    Nanadsena stores daa???
     

    Similar threads