🔴 ඩයනා සහ ගංජා ගැන තවත් එක් ප්‍රවෘත්තියක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    IMG_20230801_231029.jpg



    කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

    ශ්‍රී ලංකාව තුළ ගංජා වර්ග 22 ක් ඇති බවත්, කංසා වලින් ලබාගත හැකි ඖෂධීය නිෂ්පාදන රාශියක් ඇති බවත්, ශ්‍රී ලංකාවට එහි වගාවෙන් සහ අපනයනයෙන් ප්‍රයෝජන ගැනීමට සැලකිය යුතු අවස්ථාවක් උදාකර දෙන බවත් ඇය පැවසුවාය.

    රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

    සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙසේද පැවසුවාය,

    පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරය ඉතාම කනගාටුදායක තත්ත්වයකට ඇද වැටිලා තිබුණා. රටේ පැවැති ආර්ථික අර්බුදය හා අරගලය නිසා සංචාරකයන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත් කරගත්තේ නැහැ. විවිධ රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර තිබුණා.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනය සමඟ රටේ තිබුණු පෝලිම් යුගය අවසන් වුණා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා. ඒ සමඟම සංචාරක ක්ෂේත්‍රයටත් සුභ තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් සහ මඟපෙන්වීම ද ඉවහල් වුණා.

    මේ වසරේ පළමු මාස 7 තුළ සංචාරකයන් හත් ලක්ෂ හැට තුන් දහසක් (763,000ක් ) ලංකාවට පැමිණ තිබෙනවා. එයින් ඇමරිකානු ඩොලර් මිලියන 800කට වඩා ආදායම් උපයා ගැනීමටත් ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. පසුගිය වසරට වඩා මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 205%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

    මෙමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සංචාරක ක්ෂේත්‍රය විසින් සපයා තිබෙන බව සඳහන් කළ යුතුයි. විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමත් මෙමඟින් සිදු වී තිබෙනවා.

    ඒ වගේම සංචාරක රාජ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පසුගියදා අවසන් වුණු ලෝක සංචාරක රූ රැජන තරගාවලියේ අවසන් තරග වටය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ . එහිදී රටවල් 30ක තරගකාරිනියන් ශ්‍රී ලංකාවට පැමිණියා . ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඔවුන් ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වුණා. මේ වසර අවසානය වන විට World Travel Awards තරගාවලියේ අවසාන තරගය ලංකාව තුළ පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. එය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ ජනාධිපතිවරයාත් දැනුවත් කර තිබෙනවා. ඒ සඳහා රටවල් 117ක් සහභාගීවීමට නියමිතයි.

    ඒ වගේම පසුගිය කාලයේ එංගලන්තය, රුසියාව, ජර්මනිය සහ ප්‍රංශය රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා. එම පැමිණීම දිගටම පවත්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි.

    සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දී අමාත්‍යංශයකින් සිදු කරන්න පුළුවන් 10% ක ප්‍රමාණයක් විතරයි. අනෙක් සියල්ල පෞද්ගලික ආයතන සහ පුද්ගලයන්ගේ මැදිහත්වීම් හරහා සිදුකළ යුතුයි.

    ඒ වගේම ඇතැම්විට එක් පුද්ගලයෙක් කරන දෙයක් නිසා සංචාරක ව්‍යාපාරයට විශාල හානියක් සිදු විය හැකියි. ඒ නිසා සංචාරක ව්‍යාපාරය නියාමනය කිරීමේ වැදගත්කම තිබෙනවා. සංචාරකයෙක් අපහසුතාවයට පත් වණොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ලෙස බලපාන්න පුළුවන්. ඒ වගේම සංචාරකයන්ට ලබා දෙන Homestay වැනි පහසුකම්වල දී ඒවායේ ප්‍රමිතිය සලකා බැලීමටත් ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. අපේ ඉලක්කය මෙම වසර අවසානය වන විට 2018 වසරේ සංචාරක ආදායම යළි මේ වසරේදී ලබාගෙන සාර්ථකත්වයට පත්වීමයි.

    කංසා වගාව සම්බන්ධයෙන් ද අදහස් කිහිපයක් දැක්විය යුතුයි . කංසා ගැන කතා කිරීමේදී එය මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමක් ගැන මා සඳහන් කර නැහැ. කංසා කියන්නේ ඖෂධයක්. එයින් ඖෂධ විසිදෙකක් නිෂ්පාදනය කළ හැකි බව මේ වන විට සොයාගෙන තිබෙනවා. එවැන්නක් නියම ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කර අපනයන කිරීමෙන් ලංකාවට විශාල ආර්ථික ලාභයක් අත්පත් කරගන්න හැකියාව තිබෙනවා. ලෝකයේ මේ වන විට කංසා වගාවට මුල් තැනක් ලබා දෙමින් තිබෙනවා.

    කංසාවලින් ඖෂධ නිෂ්පාදනයටත් විශාල ආයෝජන අවස්ථා තිබෙනවා. කංසා අක්කර දහයක වගාවකින් ඩොලර් මිලියන 200 ක් ආදායමක් ලැබිය හැකි බවට තක්සේරු කළ ව්‍යාපෘති තිබෙනවා. නමුත් අපේ රටේ හැමදේම සලකන්නේ වැරදි විදිහටයි. මුහුණු පොත භාවිතා කරන්නේ කාටහරි අපහාස කරන්න. කංසා ගැන කතා කළොත් මත්ද්‍රව්‍ය ගැන පමණයි අදහස තිබෙන්නේ. නමුත් කංසා වගාව කියන්නේ ” ඩොලර් බිලියන ගණන් ආදායම් ලැබිය හැකි කර්මාන්තයක්.

    අනෙක් කරුණ වන්නේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට නම් රාත්‍රී ආර්ථික ක්‍රමවේදයකට (Night Economy ) යා යුතුයි. සංචාරකයෙක්ගේ ගමනාන්ත වන්නේ නිදහසේ සංචාරකයින්ට ජීවිතය විඳ ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ස්ථානයයි. එම නිසා සංචාරක ගමනාන්තයක් වන ස්ථාන රාත්‍රිය 10.00ට වහනවා නම් සංචාරකයින් පැමිණෙන්නේ නැහැ. මළ නගරවලට (Death Cities) සංචාරකයෝ කොහොමත් පැමිණෙන්නේ නෑ. එම නිසා අපේ වෙරළ විඳින්න, සංචාරකයන්ට රාත්‍රිය පුරාම වෙරළේ ගත කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා නීති සකස් කළ යුතුයි. ඉදිරියේදී සෘජු ගුවන් ගමන් සේවා ඇති කිරීමෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇති කිරීමටත් රාජ්‍ය අමාත්‍යාංශය ලෙස බලාපොරොත්තු වෙනවා. ‍

    ඒ සඳහා චීනයේ ගුවන් සමාගම් සමග මේ වන විටත් සාකච්ඡා කර තිබෙනවා. ලබන මාසයේ දී ඉතාලි ගුවන් සේවාව සමඟ සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

    මේ සියලුම ප්‍රවර්ධන වැඩසටහන් වලින් සංචාරක ව්‍යාපාරය ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා

    (lankacnews)
     
    Last edited:

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මේ ගෑනි හූ කියල හැංගෙන එකෙක් වගේ ගංජ ගැන කියනව කාලයක් පේන්නවත් නෑ ආපහු ගංජ ගැන කියනව :lol:
     
    • Haha
    Reactions: asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මේ ගෑනි හූ කියල හැංගෙන එකෙක් වගේ ගංජ ගැන කියනව කාලයක් පේන්නවත් නෑ ආපහු ගංජ ගැන කියනව :lol:

    මටත් කටට ආව කියන්න 😝
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බලපල්ලකො එක පිරිමි පොන්නයෙකුටවත් නැති හයියක් මේකට තියෙන්නේ .අනෙක් පොන්නයෝ කටවහගෙන ඉන්නවා චන්දෙට කෙලවෙයි කියල ,අපේ පැත්තේ අර බලු මුණ පොන්නය නැතුව මේ ගැනි හිටියනම් චන්දෙ දෙනවා ජෝඉන්ට් එක අරන් දුන්නොත්
     
    • Like
    Reactions: rumesh.fbi

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,152
    1
    15,996
    113
    බලපල්ලකො එක පිරිමි පොන්නයෙකුටවත් නැති හයියක් මේකට තියෙන්නේ .අනෙක් පොන්නයෝ කටවහගෙන ඉන්නවා චන්දෙට කෙලවෙයි කියල ,අපේ පැත්තේ අර බලු මුණ පොන්නය නැතුව මේ ගැනි හිටියනම් චන්දෙ දෙනවා ජෝඉන්ට් එක අරන් දුන්නොත්
    ඉතිං බන් මෙකිට ජන්දයක් ගැන බය වෙන්න ඔනෙ නැ නෙහ්..
    ලිස්ට් එකෙන් ආවෙ....
    ඊලග පාරත් ලිස්ට් එකෙන් තමයි කාගෙ හරි...

    කට හැකර කමට ඔහෙ කියෙව්වට ජන්දෙ දෙන්න එපා මිට්ටො...
     
    • Haha
    • Like
    Reactions: wca and asbestos

    Similar threads