🔴 තවත් මෙඩිකල් කෙස් එකක්, දැනට මරන 5ක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම පිළිබඳව කරුණු සෙවීමට සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත්කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසයි.

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ සමහර රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වී ඇත.

    ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඔය සෞඛ්ය අමාත්‍යශය තමයි හෙනේ 😡
    ලංකාවේ මනුස්ස ජීවිතය තියන වටිනා කම දන්නේ නෑ.. වටිනා කමක් නෑ..
    මනුස්සයෙක් කියන්නේ තව එක්කෙනෙක් විතරයි 😞
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අපෙ අම්මා දැන් ඉන්න තත්වෙට වගකියන්න ඕනෙ කුරුණෑගල hospital එකයි පොල්ගහවෙල hospital එකයි,2019දි අම්මට අංශබාගෙ හැදිලා hospital අරන් ගිහින් උදේ 7ට විතර පොල්ගහවෙලට අරන් ගියේ 9ට විතර කුරුණෑගලට යවලා කුරුණෑගල hospital එකේ එදා ස්ටයික් එකක් මම අම්මා බලන්න හවස hospital යනකනුත් අම්මා දැඩි සත්කාරෙ ට්‍රොලියක් උඩ ඉන්නවා උදේ ඉදන් සේලයින් එකක්වත් වතුර උගුරක්වත් බෙහෙත් පෙත්තක්වත් මොකුත්ම නැතුව,දැඩිසත්කාරෙ ලෙඩ්ඩු පිරුලා කොන්ද කැඩිලා ආව උන් එහෙම හිටියා මර ලතෝනි දිදී කෑගහ ගහ එතන හිටපු ඩොකාල ඇවිත් බලලා යනවා ඉදගෙන කයිය ගහනවා.මම බැරිම තැන ඩොකාලට කෑගහලා වාට්ටුවකට දාගත්තා දැම්මට පස්සෙ තමා අම්මව diagnose කරන්න ගත්තෙ එතකන් මොකුත් නෑ,වාට්ටුවට දාලා ඉන්ජෙක්ශන් එකක් එහෙම දීලා සේලයින් එහෙම දුන්නා ඔය ඔක්කොම වෙද්දි රෑ 9ටත් කිට්ටුයි.ඔන්න ඔහොමයි උන්ගෙ කෙරුවාව,වාට්ටු වල රෝදපුටු තියනවා ලදරං විල්බැරෝ පරාදයි.