🔴 දමිතා වැඩ පෙන්වයි..රට යවන්න ලක්ෂ 30ක් ගෙන වංචා කලැයි දමිතා ගැන විමර්ශණ..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    01-189.jpg

    රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට (26) දැනුම් දුන්නේය.

    දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර ඔවුන් දෙදෙනාට බොරලැස්ගමුව පොලිසියට පැමිණීමට දැන්වුවත් එය නොසලකා හැර ඇති බැවින් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසියක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේස්ත්‍රාත්වරයා ඒ අවස්ථාවේ විමසා සිටියේය.

    “මෙතෙක් සැකකරුවන් ලෙස නම් කර නැහැ. විමර්ශන අවස්ථාවේ සිටින්නේ. පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නද පැමිණියේ නැහැ. අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

    “සැකකරුවෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකාරයෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කියමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

    -LCN-
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පව් ඉතිං මුන්ටයි ඉන්දියන් ඩස්පයොන්ටයි, සුද්දටයි රැවටිලා රට බේරගන්න වටලප්පං කකා අරගල කරපු මී හරක් ටික..මුන් ටික උන්ව හොඳට දැක්කුවා.🤣🤣.ඊළගට අමුල් ලපයා තමා තොපිව දක්කන්නේ..දැනටමත් ඵළදෙන්නු ටිකනම් ලස්සණට දක්කනවා.🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තමන්ගෙ ජනාදිපතිවරයව එලවන්න හොර ගෑනු එනකොට ඇඳ යටට වෙලා හැංගිලා ඉඳපු නිවට බයියො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    “සැකකරුවෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකාරයෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කියමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

    දෙගුරුන් විසින් තම දරුවන්ට - දෙන නොමඳ දන නම්
    වියතුන් සභා මැද - ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැයි

    පොලිස් ජොබ් එකටත් චුට්ටක් හරි දැනුමක් තියෙන්න ඕන. ☝️ :-D
    කඳ බඩ මැනල ජොබ් දුන්නම මෙහෙම මෝඩ එවුන් තමයි ජොබ්වලට එන්නෙ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පව් ඉතිං මුන්ටයි ඉන්දියන් ඩස්පයොන්ටයි, සුද්දටයි රැවටිලා රට බේරගන්න වටලප්පං කකා අරගල කරපු මී හරක් ටික..මුන් ටික උන්ව හොඳට දැක්කුවා.🤣🤣.ඊළගට අමුල් ලපයා තමා තොපිව දක්කන්නේ..දැනටමත් ඵළදෙන්නු ටිකනම් ලස්සණට දක්කනවා.🤣🤣
    දමිතා සජිත්ගේ.. අරගලයට සම්බන්ධ නෑ... :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පව් ඉතිං මුන්ටයි ඉන්දියන් ඩස්පයොන්ටයි, සුද්දටයි රැවටිලා රට බේරගන්න වටලප්පං කකා අරගල කරපු මී හරක් ටික..මුන් ටික උන්ව හොඳට දැක්කුවා.🤣🤣.ඊළගට අමුල් ලපයා තමා තොපිව දක්කන්නේ..දැනටමත් ඵළදෙන්නු ටිකනම් ලස්සණට දක්කනවා.🤣🤣
    උබ කියන්නේ ගෝඨාබයව පන්න ගත්ත එක වැරැද්දක් කියලද ?