🔴 නම හා හැඳුනුම්පතේ සුළු වැරදීම් තිබුණත් ඡන්දය දෙන්න පුළුවන්…

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නාමයෙහි සුළු වෙනස් කමක් පැවතීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඇතැම් ඡන්ද දායකයින් අලුත් හැදුනුම්පත ලබා ගෙන තිබුණද පැරණි හැඳුනුම්පත් අංකය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නිකුතුව ඇතිබව එම කොමිෂන් සභාව පවසයි.

    එවැනි අවස්ථාවල ක්‍රියා කලයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

    යම් පුද්ගලයකුගේ නමෙහි සුළු වෙනසක් සිදුවුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස උපදෙස් ලබාදි ඇතිබව වැඩිදුරටත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    නමයි photo එකයි වයසයි gender එකයි වැරදි නම් පුළුවන් වෙයිද? ඒ ටිකයි අන්කෙයි විතරයි වැරදි..