🔴 සියයට 50 අනුරට ‍හෝ සජිත්ට නැහැ - දෙවැනි මනාපය ගණං කිරීම අරඹයි

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව හරි අඩක් එනම් සියයට 50 ලබා ගැනීමට සමත්වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

    වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා සිටින අපේක්ෂකයන් දෙන්නා අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස වන නමුත් ඒ දෙන්නාම සියයට 50 පසුකර නැත.

    එම මහත්වරුන්ගේ ඡන්ද හැර අන් සියලු අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් වෙත සලකුණු කර ඇති මනාප ගණන් කිරීම ආරම්භ කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙවර ජනපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවම සිදුවන අතර මේ දක්වා අවසන් ප්‍රතිඵල නිකුත් කර නැත.

    2024 ජනාධිපතිවරණයේ දැනට පෙරමුණ ගෙන සිටින දෙන්නාගෙන් වැඩි ඡන්ද ලබනු ඇති පුද්ගලයා වෙනුවෙන් ජනපති ධූරය ලබාදෙන්නට කටයුතු කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ පවතින ඡන්ද ලබාදීමේ සම්ප්‍රදාය අනුව වැඩි පිරිසක් දෙවැනි මනාපය සලකුණු නොකරන බැවින් මෙම වෙනස සොයාගැනීමට මේ දක්වා ගණනය කළ ඡන්ද පත්‍රිකා සියල්ල නැවත පරීක්ෂාවකින් කළ යුතුවේ.

    දෙවැනි මනාපය අනුව සජිත්ට ලැබෙන අතිරේක ඡන්ද හා අනුරට ලැබෙන අතිරේක ඡන්ද දැනට පවතින ඡන්ද ගොඩට එකතු කරන අතර එයින් පසුව සැලකීමේදී වැඩිම ඡන්ද ලාබීයා ජනපති ලෙස තෝරාගනු ඇත.

    දෙවැනි මනාපය ගණන් කිරීමේ සූදානම නිසා ගණං කිරීමේ නිලධාරීන්ට අද දහවල් ගණං කිරීම අවසන් වූවද රැඳී සිටින ලෙස දන්වා තිබූ අතර ගණං කිරීම ඇරඹීම මෙතැන් සිට ඇරඹී තිබේ. ‍ඒ අනුව අවසන් ප්‍රතිඵලය ලබාදීමට පමා වනු ඇතැයි අනුමාන කර තිබේ.

    GLN