🔴Breaking News : ICC තහනමෙන් සිංහ පෝතක වැටුප් අත්හිටුවයි..ජයවේවා...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමත් සමග එම කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදෙන සියලු මුදල් අත්හිටුවනු ඇති බව වාර්තා වෙයි.
    ඒ අනුව ක්‍රීඩකයන්ගේ කොන්ත‍්‍රාත් මුදල ගෙවීම් නතර වනු ඇත.
    එමෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේත් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන සියලු සේවක වැටුප් ගෙවීම අත්හිටුවනු ඇති බවත් වාර්තා වෙයි.
    ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගන නඩත්තු කිරීම පවා අර්බුදකාරී තත්ත්වයකට යාමට නියමිතව තිබේ.

    -LCN-


    මේක තමයි වෙන්න ඔනේ..මෙහෙම උනොත් විතරයි ලංකාවේ ක්‍රිකට් හදන්න ලැබෙන්නේ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Basikayek
    උබ හිතන්නේ ලංකාවේ player wages, staff wages, tour expenses කවුරු දෙනවා කියලද :rofl:

    SLC උන් කරන්නේ ඔය එකෙක්ගෙන් දෙන්නෙක්ගෙන් sponsor ටිකක් ගහගෙන premier league එකක් ගහල tv rights විකුණලා අමතර ආදායමක් හොයාගන්න එක. එව්වා කරන්නත් ICC member කෙනෙක් විදිහට ඉන්න ඕනි. නැත්තන් සෝමලියාවත් එක්ක match ගහන්න වෙන්නේ උන්ටත් අතින් වියදන් කරන්
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පඩි දෙන්නෙ නැති එක නම් මරු ගියපු වැඩේ හරියට කරේ නැති උනාම පඩි මොකටද?🙂
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Screenshot_20231110_231128_com.facebook.katana_edit_4235374913934.jpg
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    උබ හිතන්නේ ලංකාවේ player wages, staff wages, tour expenses කවුරු දෙනවා කියලද :rofl:

    SLC උන් කරන්නේ ඔය එකෙක්ගෙන් දෙන්නෙක්ගෙන් sponsor ටිකක් ගහගෙන premier league එකක් ගහල tv rights විකුණලා අමතර ආදායමක් හොයාගන්න එක. එව්වා කරන්නත් ICC member කෙනෙක් විදිහට ඉන්න ඕනි. නැත්තන් සෝමලියාවත් එක්ක match ගහන්න වෙන්නේ උන්ටත් අතින් වියදන් කරන්
    Denneti subject gena rachana liyana wele poddak research karahanko basicayek nowi
     
    • Like
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,442
    2,248
    113
    Sri Lanka
    ochchara deyak wenne ne

    https://www.espncricinfo.com/story/sri-lanka-cricket-suspended-by-icc-board-1408215

    Though the ICC has termed the sanction a "suspension", in reality it is a warning as the ICC seeks to prevent further government interference in the running of SLC. As it stands, the suspension will not have any immediate serious impact on Sri Lankan cricket. Sri Lanka's World Cup campaign ended on Thursday and there is no cricket happening in the country until December. No ICC funds are due to go to SLC until January.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    typical sri lanka basikaya :lol:
    මෙතන ගොන් comments දාන වෙලේ කියහන්කෝ එහෙනං ICC නැතුව උබ cricket ගහන්නේ කොහොමද කියල වියදන් කරන්.
    කෝ බලන්න කියමු එහෙනං මේ මහා ඇදුරාණෝ cricket දුවන්නේ කොහොමද කියල
     
    • Haha
    Reactions: handley

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,487
    47,597
    113
    බංගලියෝ wish කරලා...🙃

    https://m.facebook.com/story.php?st...q9RrhGW7pl&id=100044331764601&mibextid=Nif5oz


    ක්‍රිකට් තහනම ඉවත් කිරීමට නම් විය යුතු දේ .....

    අකමැත්තෙන් උනත් කියන්න ඕනි ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක්.
    ක්‍රීඩා පනතෙන් බලය දීල තියෙන්නෙ නියමිත නිලවරනයක් හරහා පත්කරගන්නා නිලධාරී මන්ඩලයකට බලය දීල දේශපාලන අත පෙවීම් වලින් තොරව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පවත්වාගෙන යන්න..
    වර්තමානයේ බලය හිමි නිලදාරිය තමා ශම්මි සිල්වා..

    Icc එකෙන් ක්‍රිකට් තහනම් කලේ ශම්මි සිල්වා දූෂිතයෙක් කියල නෙවෙයි.
    ඒක ලංකාවෙ මිනිස්සු වැරදියට හිතන් ඉන්න කාරනයක්.
    Icc එක කියන්නෙ ක්‍රීඩා ඇමති වරයා විසින් ස්වාධීන බලය හිමි ශම්මි ඇතුලු පිරිස බලයෙන් පහ කරල ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අත පෙවීමක් කරපු නිසා ක්‍රිකට් තහනම් කලා කියල.
    ඇත්තටම අතුරු කමිටුවක් පත් නොකර ශම්මි ඇතුලු පිරිසට ඉන්න දුන්න නම් මෙහෙම ක්‍රිකට් තහනම් වෙන් නෑ.
    හැබැයි ශම්මිල ඉන්නවට වඩා උන්ව මෙහම හරි එලවල ක්‍රිකට් තහනම් උනත් දෙයක් නෑ.
    හැබැයි ආයෙ ක්‍රිකට් තහනම අයින් කරගන්න ඕනි.
    ඒක කරන්න වෙන්නෙ කොහොමද ..

    ශම්මිල බලය අල්ලගන්නෙ ක්‍රීඩා සමාජ වල චන්දෙන්.
    ක්‍රීඩා සමාජවල චන්ද ගන්න කොච්චර සල්ලි වියදම් කරනව ඇතිද.
    එහෙනම් මුලින්ම කරන්න ඕනි ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕනි.
    ක්‍රීඩා සමාජ වලට හිමි චන්ද අයිතිය සල්ලි වලට විකිනෙන්නෙ නැති විදිමත් ක්‍රමයක් හදන්න ඕනි.
    ක්‍රීඩා සමාජ වලට හෝ කිසියම් කන්ඩායමකට චන්ද බලය දෙන්න ඕනි.

    ඒක අනිවාර්යයෙන් කරන්න ඕනි .
    හැබැයි හරියටම කතා වෙලා ශම්මිල සුමතිපාලල ධර්මදාසල වගේ මුදලාලිලාට බලය ගන්න බැරි වෙන විදියට
    දුප්පත් පරන ක්‍රීඩකයෙක්ට උනත් බලය ගන්න පුලුව න් විදියට චන්දයක් තියන ක්‍රමයක් හදන්න ඕනි.
    ඒක දේශපාලනයෙන් තොර කරන්න ඕනි..
    ඊට පස්සෙ ICC එකට ගිහින් කියන්න ඕනි අපි නිලවරණයකට ලෑස්තියි නැවත අපිට ක්‍රිකට් ලබාදෙන්න අපි දේශපාලන අතුරුකමිටු දාන්නෙ නෑ කියල.
    මොකද අතුරු කමිටු වලට ICC එකෙන් පිලිගැනීමක් නැති උනාට
    ලංකාවෙ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීති හරහා පත්කරන ක්‍රිකට් බෝඩ් එකක් අනිවාර්යයෙන් ICC එකෙන් පිලිගන්න වෙනව.
    එයාල ශම්මි ඉන්නවද නැද්ද කියල බලන්නෙ නෑ ඒක රටේ නීතිය වුන නිසා..

    හරියටම දකුණු අප්‍රිකාවෙ අනුපාතයකට කලු සුදු ජාතිකයින් කන්ඩායමට ඇතුලත් කරගන්නව වගේ.
    ඒක රටේ නීතියක්.
    ඒක පසුබිම් කරගෙන දැන් දකුණු අප්‍රිකාවෙ ක්‍රිකට් තහනම් කරන්නෙ නෑ..

    ඒ කියන්නෙ හරි හමන් ක්‍රීඩා පනතක් ගේන්න ඕනි.
    පාර්ලිමේන්තුවේ සම්මත නිවැරදි නීතියක්.
    ශම්මිල තිලංගල ධර්මදාසල වගේ මුදලාලිලට පත්වෙන්න බැරි ක්‍රිකට් ආයතනයක් ඒ නීතිය හරහා හදන්න ඕනි..
    කාලය අරගෙන වැඩේ කරන්න ඕනි.
    අපි කොහොමත් චැම්පියන්ස් ට්‍රොපි එකට නෑනෙ.
    ඒ නිසා ලොකු ප්‍රස්නයක් නෑ.
    මාස 6 කින් 7 කින් ආයෙ ක්‍රිකට් සාමාජිකත්වය ලැබෙයි.
    හැබැයි මාස තුනක් අරගෙන ශම්මිලට රිංගන්න හිල් නැති ශක්තිමත් ක්‍රීඩා පනතක් ගේන්න ඕනි..

    ඕක තමා ශම්මිලත් එලවල ක්‍රිකට් තහනමත් අයින් කරගන්න පුලුවන් ක්‍රමය.
    බලමු..
    දැන් අපි අකමැති උනත් පාර්ලිමේන්තුවෙ 225 අතේ තමා ගේම තියෙන්නෙ.
    අපිට ක්‍රිකට් නැතුව බෑ.
    ඒ නිසා හොඳ දෙයක් කරන්න කියල උන්ට බල කරමු.
    චන්දෙත් ලග නිසා උන් තව මඩ ගාගන්න එකක් නෑ.
    අපි කැමති දේ කරයි.
    අපිත් රැවටුනා වගේ ඒ දේ කරගෙන උන්ව ඊලග චන්දෙදි මුදලාලිල නැනි හොරු නැති මාලිමාවෙ ආන්ඩුවක් පත් කරගමු.
    උන් අපිව අවුරුදු 70 ක් රැවැට්ටුවා.
    අපි රැවටුනා වගේ මාස 3 ක් ඉමු.
    එච්චරයි..

    - මැන්ඩි-
     
    Last edited: