🔷⚪ වර්ණ තුනේ සිනමා වෘත්තාන්ත ත්‍රිත්වය - "Three Colours trilogy" 🔴🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    HJLZQuQ.jpg


    පෝලන්ත ජාතික ප්‍රවීණ සිනමාවේදියෙක් වුණු "Krzysztof Kieślowski" විසින් ප්‍රංශ සිනමාවට දායාද කරපු සුවිශේෂ සිනමාපට ත්‍රිත්වයක් විදිහට "Three Colours trilogy" එක හදුන්වන්න පුළුවන්. 1993 වර්ෂයේදී එළි දැක්වුණු "Three Colours: Blue" සහ 1994 වර්ෂයේදී එළිදැක්වුණු "Three Colours: White" සහ "Three Colours: Red" කියන සිනමාපට ත්‍රිත්වයෙන් සමන්විත වුණු මේ "Three Colours trilogy" එක නිර්මාණය කෙරුණෙ ප්‍රංශ ජාතික කොඩියේ පවතින නිල්, සුදු සහ රතු වර්ණ වලින් පිළිවෙලින් නිරූපණය කෙරෙන ප්‍රංශයේ ජාතික ආදර්ශ පාඨය (National motto) වෙන නිදහස (Liberty), සමානාත්මතාවය (Equality) සහ සහෝදරත්වය (Fraternity) කියන අංග තුන සිනමාපට ත්‍රිත්වයේ ප්‍රධාන කතා තේමාවට පසුබිම් කර ගනිමිනුයි.

    හදිසි මෝටර් රථ අනතුරකින් දිවි ගලවාත්තු, ඒත් එම අනතුර නිසා තමන්ගේ සැමියා සහ එකම දියණිය අහිමි වුණු කාන්තාවක් වටායි මේ සිනමාපට ත්‍රිත්වයේ පළවෙනි සිනමාපටය වෙන "Three Colours: Blue" නිර්මාණය වෙන්නේ. දෙවැනි සිනමාපටය වෙන "Three Colours: White" තමන්ට පිටුපා ක්‍රියාකරපු වංචාසහගත බිරිදක් නිසා සියල්ල අහිමි වුණු සැමියෙක් බිරිදගෙන් පළි ගන්න කරන සැලසුමක කතා තේමාවක් පසුබිම් කරගනිමින් ගොඩ නැගෙද්දි, තුන්වෙනි සිනමාපටය වෙන "Three Colours: Red" තරුණ මෝසතර ශිල්පිණියක් සහ විශ්‍රාමික විනිශ්චකාරයෙක් අතර ගෙඩ නැගෙන සුවිශේෂ අනෞන්‍යය සබදතාවක් ආශ්‍රය කර ගනිමින් නිර්මාණය වුණු කතාවකින් ද සමන්විත වුණා.



    p15793_p_v8_ah.jpg
    8K4ukPR449kP1lSWf6Nr6FM0UdC.jpg
    MV5BMTQ0YTQyYzItNGEzMi00NmI4LWJkOTMtOWMyMjAwMWEzYTZhXkEyXkFqcGc@._V1_.jpg


    ප්‍රංශ ජාතික කොඩියේ තියෙන මේ වර්ණ තුනෙන් නිරූපණය කෙරෙන නිදහස , සමානාත්මතාවය සහ සහෝදරත්වය කියන අංග තුනෙන් අර්ථවත් වෙන සාමාජීය සහ දේශපාලනික අදහසට වඩා මිනිසුන් තුළ මේ අංග තුනට අදාළව පවතින භාවමය (මනෝමය සිතුවිලි) අදහස මේ සිනමාපට ත්‍රිත්වයේ චරිත සහ කතා තේමාවන්ගෙන් පිළිඹිබු කෙරෙන බවයි මේ සිනමාපට ත්‍රිත්වය නිර්මාණය කරපු "Krzysztof Kieślowski" විසින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. "Three Colours: Blue" සිනමාපටයේ ප්‍රධාන චරිත සදහා "Juliette Binoche" සහ "Benoît Régent" ද, "Three Colours: White" සිනමාපටයේ ප්‍රධාන චරිත සදහා "Zbigniew Zamachowski" සහ "Julie Delpy" ද, තෙවන සහ අවසාන සිනමාපටය වෙන "Three Colours: Red" සිනමාපටයේ ප්‍රධාන චරිත සදහා "Irène Jacob" සහ "Jean-Louis Trintignant" මෙහිදී තම රංගන දායකත්වය සපයලා තිබෙනවා.

    "Juliette Binoche" - Three Colours: Blue (1993)

    images-original.png



    "Zbigniew Zamachowski" සහ "Julie Delpy" - Three Colours: White (1994)

    2zpGykL.jpg





    "Irène Jacob" සහ "Jean-Louis Trintignant" - Three Colours: Red (1994)

    OC6o8j1.jpg





    1994 වර්ෂයෙදි සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගත්තු "Krzysztof Kieślowski" විසින් අධ්‍යක්ෂණය කරපු අවසාන සිනමාපට ත්‍රිත්වය වෙන්නෙත් මේ "Three Colours trilogy" එකයි. ඒ විට ඔහු සිටපු සෞඛ්‍ය තත්ත්වයත් (හෘදයාබාධ තත්ත්වය), ඒ වන විට ප්‍රංශ සිනමාවෙ පැවතුණු වාණිජකරණ ප්‍රවණතාවයට තිබුණු අකමැත්ත හේතුවෙන් ලේඛණ කලාවට යොමු වීමේ අදහසත් ඇතිව තමයි ඔහු මේ විදිහට සිනමා ක්ෂේත්‍රයෙන් සමුගන්න මුල පිරුවෙ. ඒත් 1996 වසරෙදි ඔහු මුහුණ දුන්න හෘද ශල්‍යකර්මයක් අසාර්ථක වීම නිසා අවාසනාවන්ත විදිහට ඔහුට ජීවිතයෙන් සමුගන්න සිදුවෙනවා. ඒ වෙනකොට ඔහු 56 වැනි වියේයි පසු වුණේ. ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාරයන්ට නොමදව පාත්‍ර වුණු සිනමාපට ත්‍රිත්වයක් විදිහට සලකන "Three Colours trilogy" එකේ අවසාන සිනමාපටය වුණු "Three Colours: Red", 1995 වර්ෂයේදී පැවැත්වුණු 67 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළලෙදි හොදම අධ්‍යක්ෂණය, හොදම තිර රචනය සහ හොද කැමරා අධ්‍යක්ෂණය සදහා නිර්දේෂ ලබා ගන්නත් සමත් වුණා.

    "Krzysztof Kieślowski" විසින් අධ්‍යක්ෂණය කළ තවත් සිනමා නිර්මාණයක් පිළිබදව මා විසින් මීට ඉහතදී ලියා පළ කල ලිපිය



    ✍️🎞️ සටහන: @Stimulus mind 🎞️✍️



    ✨"Three Colours trilogy" බලලා තියෙන අය ඉන්නවා නම් මේ චිත්‍රපටි තුන ගැන තියෙන අදහසුත් මෙතනම දාගෙන යමු. :yes: :)
     
    Last edited:

    Similar threads