🔺️මැතිවරණ දිනයේ මේවා කරන්න ගියොත් අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්‼️😯🔺️🔺️#ElaNews

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

    එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,

    "ඡන්ද විමසීම් දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව හා ඡන්දය ගණනයකිරීම් සිදුවන අවස්ථාවේ කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහාමාර්ගයේ රැඳී නොසිටින ලෙස ඉල්ලා සිටිනවා. ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටීවී හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසලට මහජනතාව එක්රැස්වෙලා රූපවාහිනී වැඩසටහන් නැරඹීම, ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක්රැස්වෙලා රතිඤ්ඤා පත්තුකරලා, පාරවල්වල විනෝදවීම, ආලෝකය සහිත බැලූන් ගුවනේ පාකරහැරීම, ඒවා සියල්ල නීතියෙන් තහනම්. එවැනි එක්රැස්වීම් සියල්ල අයුතු ජනරාශිය වරදට ගැනෙනවා. ඒවා ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා".
     
    • Like
    Reactions: Challenger SRT8