🕊️ ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

    සියඹලාපිටිය මහතාගේ දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට අද (04) ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වු අතර ඒ මහතාගේ බිරිඳ, මාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් වල යෙදී සිටියදී සිදුවූ අනතුරින් ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතා මිය ගියේය.

     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya