🗯️🗯️නව ආන්ඩුවකට ජනපති එකග වේ..

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    IMG-20220428-WA0009.jpg
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle

    ඔක්කොම එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න ලෑස්තියි! ඒත් අගමැති අයින් කරන්න බෑ! ශ්‍රීලනිප ඇමැතිවරු දෙන්නා අයින් කරන්න – දයාසිරි! එහෙම කරන්න බෑ- ‌ජනපති! EXCLUSIVE​

    සියලු දෙනාම එකතු කරගෙන ආණ්ඩුවක් සකස් කිරීමට තමන් සූදානම් නමුත් මේ අවස්ථාවේදී කිසිසේත්ම අගමැතිවරයාව තනතුරින් ඉවත් කළ නොහැකි බවත්, එසේ කළහොත් රටේ ස්ථාවරත්වය බිඳවැටී බරපතළ අර්බුදයක් මතුවිය හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

    අද පෙරවරුවේ ජනාධිපති මැදුරේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කොට ඇත.

    එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අගමැතිවරයා ඉවත් කළහොත් රටට ලැබීමට නියමිත ජාත්‍යන්තර ආධාර හෝ නොලැබී යෑමේ අනතුරක් මතුවිය හැකි බවකි.

    එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් එහි ස්වරූපය කෙබඳු විය යුතුද, එහි අන්තර්ගතය කෙසේද, එහි ඇමැතිවරුන් කවුරුන්ද යනාදී වශයෙන් සමස්ත සැලැස්ම තමන් වෙත ඉදිරිපත් කරන ලෙසටය.

    කෙසේ වෙතත් මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විමල් වීරවංශ සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ අගමැතිවරයාත්, ආණ්ඩුවත් වෙනස් කොට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත යුතු බවකි.

    එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ සියලු දෙනාම එකතුවී ආණ්ඩුවක් පිහිටුවීම ගැටලුවක් නොවන නමුත් අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින බවකි.

    එමෙන්ම ජනාධිපතිවරයා එහිදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාද කැඳවා රටේ පවතින මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පිරිසට පැහැදිලි කිරීමක් කරන ලෙස දැනුම්දී තිබේ.

    එහිදී අලි සබ්‍රි මහතාද දැනට රට තුළ ඇති බරපතළ මූල්‍ය අර්බුදය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකොට ඇත. එමෙන්ම ඉදිරියේදී තවත් දරුණු ආර්ථික ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට රටට සිදුවනු ඇති බවද සබ්‍රි මහතා එහිදී පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත් ඉන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් අවම වශයෙන් ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එකතුවී අමාත්‍ය ධුර ලබාගත් සුරේන් රාඝවන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ අමාත්‍ය ධුර ඉවත් කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

    නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ එසේ කළහොත් තමන්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් මතුවිය හැකි බවකි.

    කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන් වර්ජනය කර ඇති බවද දැනගන්නට ඇත.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අගමැති‼️ ඉවත් කිරීමක් ගැන කතා කලේ නැත..

    ඔන්න බලලා එලියට පැන්නා . මුන් කාටද බන් බොරු කරන්නේ. රජයෙන් එලියට එනකොට මිනිස්සු කිව්වේ ඕක.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඔන්න බලලා එලියට පැන්නා . මුන් කාටද බන් බොරු කරන්නේ. රජයෙන් එලියට එනකොට මිනිස්සු කිව්වේ ඕක.
    ඔවු මුන් මේ සුපිරි පෑලෑන් එකක් ගහන්නෙ.. කට්ටියම එකතු වෙලා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔවු මුන් මේ සුපිරි පෑලෑන් එකක් ගහන්නෙ.. කට්ටියම එකතු වෙලා..
    ඔය මොන සෙල්ලම් දැම්මත් තව ටික කාලයයි. මේක මිනිස්සු දැන් කිසිම විදිහකින් අතාරින්නෙ නැ . ඉස්සරහට වෙන්නේ ඔය පළාත් පාලන උන් ටික මුලින් කනවා. ඊළගට ඇමතියයෝ නම් මිනිස්සු අතින් ගුටි කනවමයි. ඔන්න බලාගෙන ඉන්න
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඔය මොන සෙල්ලම් දැම්මත් තව ටික කාලයයි. මේක මිනිස්සු දැන් කිසිම විදිහකින් අතාරින්නෙ නැ . ඉස්සරහට වෙන්නේ ඔය පළාත් පාලන උන් ටික මුලින් කනවා. ඊළගට ඇමතියයෝ නම් මිනිස්සු අතින් ගුටි කනවමයි. ඔන්න බලාගෙන ඉන්න
    අනිවාර්යයෙන් මචන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mun okkoma kiwwa ewa wenas karala kiyanawa dan. Kanapalenna gahai minissunta ahuwechchi welawaka.
    Okkoma boru thakkadi
    මචන් මුන්ගේ දැන් තියන මයින්ඩ් එක බලපන්කො.
    1. දැන් සාටක කාරයොන්ට සහ වටේ ඉන්න උන්ට ලංකාවේ 4 වටෙන් විරෝදය එනවා. එක මුන් හොදටම දන්නවා නේ. එකෙන් කියන්නේ මුන්ගේ දේශපාලන ගමන හුගක් දුරට ඉවරයි කියන එක. ඒක නිසා වටේ ඉන්න උන් දැන් බලන්නේ ආණ්ඩුවෙන් ඇත්තටම ගැලවෙන්න. මොකද ඉස්සරහා දේශපාලන ජිවිතේ මුන්ට කොටි 120 ට වඩා අනිවාර්යෙන් වටිනවා.

    2. අනික් පැත්තෙන් අනිවාර්යෙන් මුන්ගේ හොරකම් මැරකම් ඔක්කොම ඔප්පු කරන්න පුළුවන් එකම එකා මයිනා. ඉතින් ගෝටා එන්න කිව්වම නොගිහින් බැ . මොකද මුන්ට වෙනම කෝල් කරලා ඕවා මතක් කරල දෙනවා ඇති . ඒ නිසා පාර්ලිමන්ට් එකේදී සිංහයෝ වගේ උනාට රාජපක්ෂ ලා ඉස්සරහ මුන් හිවල්ලු වගේ.

    දයාසිරියා මොකද කිව්වේ? ඌ ඇත්තටම මේ වෙන වැඩේට කැමති නැ . හැබැයි උනුත් හොරු . ඉතින් රාජපක්ෂලා යන්න ඔය ඉන්න ඔකොම පාවලා දීලා තමා.එහෙම උනාම උනුත් ගැවෙන නිසා දැන් මුන් අර මග හිටියොත් උබ නසි වගේ වෙලා තියෙන්නේ. අසරණ මිනිසුන්ගේ සල්ලි හොරා කෑවම කබුරන්න වෙනවා. කාලේ විතරයි යන්නේ
     
    👍👍👍👍

    #නව ආණ්ඩුවකට ජනපති එකඟ වුණා - මෛත්‍රී🤣🤣
    #ජනාධිපතිතුමා පොරොන්දු වුණා අගමැතිවරයාව ඉවත් කරන්නෑ කියලා -වාසු
    මේ දෙන්නා එකතුවෙලා රටේ ජනතාව අන්දනවා වගේ 🤔
    ------ Post added on Apr 29, 2022 at 5:03 PM

    🤣🤣🤣
    ------ Post added on Apr 29, 2022 at 5:09 PM
     
    • Haha
    Reactions: IMMuhandiram

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ජනාධිපති ට එන විරෝධය වෙනතකට හරවා පොහොට්ටුවේ වෙනත් කන්ඩායකමකට ඇමතිකම් දී ජනතාව රැවටීමේ නාට්‍යය ඇරඹී ඇත

    ගරු රඟපෑම - වීරවංශ වාසු උදය
     
    • Sad
    Reactions: HAneo

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    😎මිනිස්සු අන්දන්න ආවොත් ඉස්සෙල්ල වටකරන්න ඕන මිනිස්සු ගොනාට අන්දල අරගලේ අයුතු වාසි අරන් තනතුරු ගන්න පෙරේතයන්වයි😶
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජනාධිපති ට එන විරෝධය වෙනතකට හරවා පොහොට්ටුවේ වෙනත් කන්ඩායකමකට ඇමතිකම් දී ජනතාව රැවටීමේ නාට්‍යය ඇරඹී ඇත

    ගරු රඟපෑම - වීරවංශ වාසු උදය
    වැඩක් වෙන්නේ නැ හුගක් දෙනා දන්නවා. අපිට ඕක නවත්තන්න බැරි එක වැඩේ. එත් අපේ විරෝදය දිගටම. අව්රුද්දක් හරි අල්ලාගෙන ඉදල මුන්ව එලවනවා. තාම මාසයක් නැ . අරගලේ කරන හැම කෙනාම හිත හයය කරගන්න ඕනේ. විශේෂෙන් සාටක උන්ට චන්දෙ දීපු උන් මේකට බැහැලා ගේමක් දෙන්නම ඕනේ. එහෙම උනාම තම කොන්චස් එක ක්ලියර් වෙලා ඉතුරු කාලේ සතුටින් ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: IMMuhandiram

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    වැඩක් වෙන්නේ නැ හුගක් දෙනා දන්නවා. අපිට ඕක නවත්තන්න බැරි එක වැඩේ. එත් අපේ විරෝදය දිගටම. අව්රුද්දක් හරි අල්ලාගෙන ඉදල මුන්ව එලවනවා. තාම මාසයක් නැ . අරගලේ කරන හැම කෙනාම හිත හයය කරගන්න ඕනේ. විශේෂෙන් සාටක උන්ට චන්දෙ දීපු උන් මේකට බැහැලා ගේමක් දෙන්නම ඕනේ. එහෙම උනාම තම කොන්චස් එක ක්ලියර් වෙලා ඉතුරු කාලේ සතුටින් ඉන්න පුළුවන්
    👍
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    රාජපක්සලට යන්න කිව්වම ඔක්කොම එවුන් මාරු කරලා මයිනයි පිස්සයි ඉන්න හදනවා

    මුන්ට සිංහල බැරිද?
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගයක් සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයැයි කීම සාවද්‍ය ප්‍රකාශයකි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවේ දී දෙවරත් තුනෙන් දෙක සම ජනමත විචාරණයක් අවශ්‍ය බව කියනු දුටුවෙමි. දෙවෙනි වර තුනෙන් දෙක ලැබුණු පසු කතාව අවසන් වේ.

    ඔහුට තවමත් උපදෙස් දෙන්නේ 2018 ඔක්තෝබර් 26 වැනිදා සවස උපදෙස් දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින්ම විය යුතුය.

    පරිශීලනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38-2

    #භාරත

    @වස්ථාව