😂 ඒකාබඩ්ඩ විපස්සේ හඩා වැටේ 😂

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

    ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

    කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා විය.

    ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත්විය.

    සමගි ජන බලවේගයේ රීසා සරුක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබුණි.

    මේ අතර, බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණි.

    කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) උදෑසන 9.30ට ආරම්භ වුණි.

    එහිදි නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළේය.

    කෙසේවෙතත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න විමසීමත් සමග ඇති වූ මහභේදාත්මක තත්ත්වය තුළ සභාවෙහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

    එහිදී නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ලෙස හෝ විවෘත ඡන්දයක් ලෙස පවත්වනවා ද යන්න නාගරික කොමසාරිස්වරිය විමසීමක් කළ අතර එයටද ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් ද යෝජනා කරනු ලැබීය.

    අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර විපක්ෂය විසින් නගරාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම කුමන ආකාරයෙන් සිදුකළ යුතු ද යන්න විමසීමේ රහස් ඡන්දය අවශ්‍ය නොවන බව සඳහන් කළේය.

    පසුව කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීම රහස්‍ය ඡන්දයක් මඟින් පැවැත්වීමට විපක්ෂය විසින් යෝජනා කරනු ලැබීය.

    ඒ අනුව නගරාධිපති තෝරාපත්කර ගැනීම රහස් ඡන්දයක් හරහා සිදුකිරීමට සභිකයින් සියලුදෙනා ඒකමතිකව එකඟතාව පළ කළහ.

    source
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    විවෘත චන්දයක් නම් සජබෙට වාසි ද?
    වාසියක් නැ. ඒත් මලිමාවට එළියේ ඉදන් support කරන්නේ කවුද කියල බලල , උන් ට විරුද්දව එළියේ සද්දයක් හදාගන්න පුළුවන් chance එකක් එන හින්ද
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    වාසියක් නැ. ඒත් මලිමාවට එළියේ ඉදන් support කරන්නේ කවුද කියල බලල , උන් ට විරුද්දව එළියේ සද්දයක් හදාගන්න පුළුවන් chance එකක් එන හින්ද
    අම්මටසිරි එහෙමත් සීන් එකක් නේ..
    උන්ට පුළුවන් දෙපැත්තෙන්ම සල්ලි අරගෙන උන්ට කැමති එකාට ඡන්දෙ දෙන්න...
    විවෘත ඡන්ද ඉල්ලන්නෙ ගෝලයො ටික ශුවර් නැති එවුන්
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,739
    1,881
    113
    Galle
    එළිපිට හුකාන්න කථා කරන ගොතය කවුද බං... අඩේ කවුද අඩේ මු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    Ada Raata..Ada Raata..

    image.png
     
    Last edited: