වීඩියෝ සංස්කරණය සදහා යොදාගනු ලබන "Adobe Premiere Pro" මෘදුකාංගය මගින් ලබාදෙන අලුත්ම පහසුකමක් පිළිබදව තොරතුරකුයි මේ. "Generative Extend" ලෙස හදුන්වන මේ අලුත් යෙදවුම මගින් මිනිත්තු 2 කට වඩා වැඩි කාලයකින් යුක්ත වූ වීඩියෝවකට හෝ ඕඩියෝවකට AI තාක්ෂණය මගින් අමතර රූපරාමු හෝ ශබ්දයන් එකතු කරමින්, එම වීඩියෝ හෝ ඕඩියෝ ඛණ්ඩයේ ධාවන කාලය තමන් සංස්කරණය කරමින් සිටින සම්පූර්ණ වීඩියෝවේ හෝ ඕඩියෝවේ කාල රාමුවට ගැළපෙන ආකාරයෙන් දීර්ඝ කර ගැනීමේ පහසුකම මින් ලබා දී තිබෙනවා. "Adobe Firefly" මගින් පණ ලබන මෙම සුවිශේෂ යෙදවුම දැනට පවතින්නේ "Beta' සංස්කරණයක් ලෙසිනුයි.
