😠🙎🚫 ඇෆ්ගනිස්තාන කාන්තා කටයුතු අමාත්‍යාංශය කාන්තාවන්ට තහනම් 🚫🙎😠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    AP21231369084677.jpg



    තලේබාන් පාලකයන් විසින් ඇෆ්ගනිස්තානයේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ කාන්තාවන්ට ඊට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
    ස්පුටිනික් පුවත් සේවය වාර්තා කළේ, කාබුල්හි පිහිටි ඇෆ්ගනිස්තාන කාන්තා කටයුතු අමාත්‍යාංශයට ඇතුලුවීමට අවසර ලබාදී ඇත්තේ එහි පිරිමි සේවකයන්ට පමණක් බවයි.

    කාන්තාවන්ට, කාන්තා කටයුතු අමාත්‍යාංශය පවා අහිමි කර ඇති මෙම තත්වයට එරෙහිව උද්ඝෝෂණය කරන එම කාන්තාවන් පවසා තිබුණා.
    තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අල්ලා ගැනීමට පෙර සහ බලයට පත්වූ විගස සදහන් කළේ, තමන් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

    Afghanistan-Taliban-ban-female-employees-from-entering-Ministry-of-Women.jpg


    එහෙත් අන්තර්ජාතික සංවිධාන මෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ගේ පසුගිය පාලන සමයේ මෙන් කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කිරීමේ තත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි.

    රැකියා,අධ්‍යාපනය, මෙන්ම සමාජයේ නිදහසේ ජීවත්වීමේ අයිතියද ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට අහිමිවෙමින් යන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළා.



    Source: nethnews.lk



    නොදකින් මේ වගේ ගොන් කාලකණ්ණි ටිකක් :angry: :angry: :angry: :no:

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ලංකාවේ වනිතා කටයුතු අමාත්‍යාංශය ඇමැති කවුද? අපෙත් ටිකක ඒ වගේ තමයි.

    අපේ වගේ විද්‍යාත්මක ක්‍රමයකට වෙන්න ඕනේ ඇෆ්ඝන් උන් ඇමතිලා පත්කරන්නේ.


    State Minister of Women and Child Development,Pre School and Primary Education,School Infrastructure and School Services
    Hon.Minister Piyal Nishantha De Silva
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    අවුරුදු ගානක් ත්‍රස්තවාදය වපුරපු කන්ඩායමකට රටවල් අල්ලන්න උදව් කරලා දැන් කනවෝ කනවෝ ගාලා වැඩක් නෑ.