😷 XEC කොවිඩ් නව ප්‍රභේදය: රෝග ලක්ෂණ මොනවා ද? එහි ව්‍යාප්තිය කෙබඳු ද?

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    XEC Covid Variant 2024 - Know Symptoms, Treatment & Number Of Cases


    • බීබීසී - 18 සැප්තැම්බර් 2024
    ඉක්මනින් පැතිර යාමෙන් ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත් විය හැකි නව කොවිඩ් ප්‍රභේදයක් මිනිසුන්ට ආසාදනය වීම ආරම්භ වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

    පසුගිය ජූනි මාසයේදී ජර්මනියෙන් හඳුනාගැනුණු මෙම XEC ප්‍රභේදය මේ වන විට, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ඩෙන්මාර්ක් ඇතුළු රටවල් කිහිපයකට පැතිර ගොස් ඇතැයි X භාවිත කරන්නෝ පවසති.

    මෙම සරත් සෘතුවේ පැතිරී යාමට බලපෑ හැකි නව විකෘති කිහිපයක් එහි අන්තර්ගත වන අතර, කොවිඩ් ආශ්‍රිත දරුණු රෝග තත්ත්වයන් වැළැක්වීමට තවදුරටත් එන්නත් භාවිත කළ යුතු බව විශේෂඥයෝ පවසති.

    කොවිඩ් වෛරසයෙන් බරපතළ ලෙස රෝගාතුර වීමට වැඩි ඉඩක් ඇති අය සඳහා, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය නොමිලේ බූස්ටර් එන්නතක් ලබා දෙයි.

    මීට පෙර පැවති ඔමික්‍රෝන් උප ප්‍රභේදයෙන් මතු වී ඇති XEC ප්‍රභේදය වෙනුවෙන් නිෂ්පාදනය කර නැතත්, මෑත කාලීන ප්‍රභේදවලට වඩා හොඳින් ගැලපෙන පරිදි කොවිඩ් එන්නත් යාවත්කාලීන කර තිබේ.

    ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් ආයතනයේ ජාන විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ෆ්‍රන්ෂුවා බැලූක්ස් බීබීසී පුවත් සේවයට පැවසුවේ, අනෙකුත් මෑත කාලීන කොවිඩ් ප්‍රභේදවලට වඩා XEC “සුළු සම්ප්‍රේෂණ වාසියක්” තිබුණ ද, එන්නත් මගින් තවදුරටත් හොඳ ආරක්ෂාවක් ලබා දිය යුතු බවජය.

    ඔහු පවසන්නේ, ශීත ඍතුවේදී XEC ප්‍රභේදය ප්‍රමුඛතම උපප්‍රභේදය බවට පත්වීමේ සම්භාවිතාවක් පවතින බව ය.


    'සියලු ප්‍රභේද අභිබවා යාම'​

    කැලිෆෝනියාහි Scripps පර්යේෂණ පරිවර්තනීය ආයතනයේ අධ්‍යක්ෂ එරික් ටොපල් පවසන්නේ, XEC ප්‍රභේදය "ආරම්භ වෙමින් පවතින" බව ය.

    "ඒ ප්‍රභේදය ප්‍රමුඛත්වය අරගෙන රැල්ලක් බවට පත් වෙන්න සති කිහිපයක්, මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්," ඔහු ලොස් ඇන්ජලීන් ටයිම්ස් පුවත්පතට පැවසීය.

    "XEC ප්‍රභේදය අනිවාර්යයෙන් ම සියලු ප්‍රභේද අභිබවා යනවා."

    "ඒක ඊළඟ ප්‍රභේදය බවට පත් වේවි."

    "ඒත්, ඉහළ මට්ටමකට එන්න මාස කිහිපයක් ගත වෙයි."

    XEC ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?​

    රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ රෝග ලක්ෂණවලට සමාන වේ.
    • අධික උෂ්ණත්වය
    • ඇඟපත වේදනාව
    • අධික වෙහෙස
    • කැස්ස හෝ උගුරේ ආබාධ
    කොවිඩ් ආසාදනය වීමෙන් සති කිහිපයකදී වැඩි පිරිසක් සුවය ලබන අතර, මෙම ප්‍රභේදය ඊට වඩා වැඩි කාලයක් බලපානු ඇත.

    කොවිඩ් දත්ත විශ්ලේෂකයෙකු වන මයික් හනී Xහි සටහන් කර තිබුණේ, XEC ප්‍රභේදය ඩෙන්මාර්ක් සහ ජර්මනියේ ප්‍රබල ලෙස ව්‍යාප්ත වී ඇති බව ය.

    මේ වන විට පෙරට වඩා බොහෝ අඩු දෛනික පරීක්ෂණ සිදු කෙරෙන අතර, කොවිඩ් කොපමණ ප්‍රමාණයක් අවට සංසරණය වී තිබේදැයි දැන ගැනීම දුෂ්කර ය.

    NewScientist - What to know about the new covid-19 XEC variant
    DW - COVID FLiRT variants KP.3 and XEC: What you need to know
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93

    අවුලක් නැහැ, කාටවත් මේ ගැන සැලකිල්ලක් නෑ දැන්
    දුර්වල ප්‍රතිශක්තියක් තියෙන අය පරිස්සම් වෙන්න ඕනි
     
    • Sad
    Reactions: krisco