🙏කාලයේ මායාව සහා වර්ථමානය🙏

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,268
    8,167
    113
    කාලය ගලනවා කියලා ඔයා දන්නේ කොහොමද? කාලය කියන්නේ අතීතය සහා අනාගතය. අතීතය සහා අනාගතයෙන් තොර කාලයක් පවතින්න බෑ නේද??

    ඉතින් දැං අතීත සිදුවීමක් මතක් කරන්නකෝ..

    දැං කොහෙද ඒක තියෙන්නේ??

    මනසේ සිතුවිල්ලක් විදිහට එහෙම නේද??

    එහෙනන් අතීතය කියලා පවතින දෙයක් තියෙනවද?, සිතුවිල්ලක් විදිහට මනසේ තියෙනවා. අනාගතය ගැන හිතුවමත් එහෙමයි. දැං මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අතීතය හෝ කාලය නෑ කිව්වම ගොඩක් අය හිතන්න ගන්නවා එහෙනන් කලින් සිද්ද උන කිසි දෙයක් නෑ කියලා.. ඒක නෙමේ මේකෙන් අදහස් වෙන්නේ.. සිදුවීම ඇත්ත.. ඒත් කාලය තුල සිදුවෙනවා කියන එක තමයි මායාව.



    හරි.. මේක මෙහෙම කිව්වට තේරුම් ගන්න ටිකක් අපහසුයි. මේ ප්‍රශ්න ඔයගෙන්ම අහන්න,
    01. මම කවදාහරි අතීතය අත්විඳලා තියෙද?

    02 මම අනගතය, අත්විදලා තියෙනවද ?

    මම අහන්නේ යම්ත සිදුවීමක් හෝ නෙමේ.. මම අහන්නේ කාලය අත්විදලා තියේද? එහෙනම් මොකක්ද ඔයාගේ අත්දැකීම කාලය සම්බන්ද?

    හුගක් වෙලාවට ඔයා කාලය කියල හදුන්වන්නේ ඔයාගේ ශරීරයේ වෙනස් වීම්, ඔය අත්විදපු සිදුවීම්, ඒ කාලය නෙමෙයි. ඒ සිදුවීම්. මම අහන්නේ ඔයා අත්වින්දා කියල හිතන් ඉන්න කාලය ගැන. ඒ අත්දැකීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද??

    ඔයාගේ අතීත සිදුවීම් සහ වෙනස් වීම් තියෙන්නේත් වර්තමානය තුල සිතුවිල්ලක් විදිහට. ඔයා ඔය අතීතය කියලා කියන්නෙත් වර්තමානය ඒක සිදුවෙනවකොට..
    ඔයා ඩ්‍රීම් එකක් දකිනකොට දන්නවද මේ ඩ්‍රීම් එකක් කියල? නෑ.. හැමදාම ඔයා නින්දට යනවා, ඒත් හැමදාම ඔයා රැවටෙනවා. අදත් ඔයා රැවටෙනවා. (lucid dreaming වගේ දෙයක් පුරුදු කරලා නැත්තං.) කොච්චර හිතාගත්තත් අදනම් මම රැවටෙන්නෙ නෑ කියලා, අදත් රෑට නින්දට වැටුනාම ඔයා රැවටෙනවා. ඔයා අවදි වෙනකන් දන්නේ නෑ ඔයා ඉන්නේ හීනෙක කියලා. සමහරවිට හීනේ ඇතුලේ ඉන්න කෙනෙක් කිව්වත් ඔයා පිලිගන්න සූදානම් නෑ. උදේට ඇහැරුනාම තමයි දන්නේ දැක්කේ හීනයක් කියලා. ඉතින් ඔය කොහොමද හරියටම දන්නේ මේ අපි අත්විඳින ලෝකෙත් හීනයක් නෙමෙයි කියල? අපි හොඳටම රැවටුන? ඇත්තම වගේ දැනෙන? ඔයාට මේ ලෝකේ ඇරෙන්න වෙන දෙයක් වෙන ලෝකයක් අත්විඳලා නෑ මේක එක්ක සසඳලා මේක හීනයක් කියලා දැනගන්න. ඔයා ඉපදුන දවසෙ ඉදන් අත්දැකලා තියෙන්නේ මේ ලෝකේ විතරයි. එහෙනම් කොහොමද ඔයා හරියටම කියන්නේ මේක විතරයි තියෙන්නෙ කියල?මෙහෙම හිතන්න. ඔයා ඩ්‍රීම් එකක් දකිනවා. ඩ්‍රීම් එක ඇතුලේ ඔයා අවුරුදු 70ක් ජීවත් වෙනවා.. ඒ කාලේ ඇතුලත ගොඩාක් දේවල් කරනවා… උදේට ඇහැරුන ගමන් මේ දැක්කේ ඔක්කොම හීනයක් කියලා දැනගත්තම මොකද හිතෙන්නේ..

    එ වගෙම හීනෙ ඇතුලේ ඉන්නකොට අවුරුදු 70ක් වගේ දැනුනට ඇහැරුනාම බලද්දි පැය ගානයි නෙද ගිහින් තියෙන්නේ..මේකත් ඒ වගෙම ඩ්‍රීම් එකක් වෙන්න පුලුවන්.. ඒත් ඇත්තටම මෙතනදි පැයගානක් වත් ගිහින් නෑ… මේක ඇතුලේ science අනං මනං ඔක්කොම තියෙනවා.. මේ ඩ්‍රීම් එක විස්තර කරගන්න. ඒත් මේකෙන් ඇහැරුනාම, හරියට උදේට ඇහැරුනාම වගේ ඔයා හීනෙදි scientist කෙනෙක් වෙලා හීනෙ ගැන හෙව්ව ඒවයින් කිසිම වැඩක් තියෙද?

    අනාගතයේ බොරුව
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Sweater Weather Reading GIF by MGM Studios
     
    • Like
    Reactions: AnuradhaRa