Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🙏🙏දානයේ ආනිසංස ☺️🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ආනන්ද, වෙන වෙනම පෞද්ගලිකව දිය හැකි දාන දාහතරක් තියෙනවා. කවර දාහතරක්ද යත්; තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය පළමුවන පෞද්ගලික දානයයි. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය දෙවන පෞද්ගලික දානයයි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය තුන් වෙනි පෞද්ගලික දානයයි. අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය සතරවෙනි පෞද්ගලික දානයයි. අනාගාමී ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය පස්වන පෞද්ගලික දානයයි. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය හයවෙනි පෞද්ගලික දානයයි. සකදාගාමී ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය හත්වෙනි පෞද්ගලික දානයයි. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය අටවෙනි පෞද්ගලික දානයයි. සෝතාපන්න ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය නවවෙනි පෞද්ගලික දානයයි. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය දසවෙනි පෞද්ගලික දානයයි. ශාසනයෙන් බැහැරව සිටින කාමයන් කෙරෙහි වීතරාගී වූ කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය එකොළොස්වෙනි පෞද්ගලික දානයයි. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය දොළොස්වෙනි පෞද්ගලික දානයයි. පෘථග්ජන දුස්සීල කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය දහතුන්වෙනි පෞද්ගලික දානයයි. තිරිසන්ගත සතෙක් උදෙසා දන්දෙනවා. මෙය දාහතරවෙනි පෞද්ගලික දානයයි.

පින්වත් ආනන්ද, එහිලා තිරිසන්ගත සතෙකුට දානයක් දීලා සියගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. පෘථග්ජන දුස්සීල කෙනෙකුට දානයක් දීලා දහස්ගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. පෘථග්ජන සීලවන්තයෙකුට දානයක් දීලා ලක්ෂගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. බුදුසසුනෙන් බැහැර වූ කාමයන්හි වීතරාගී කෙනෙකුට දානයක් දීලා කෝටි ලක්ෂ ගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දානයක් දීලා ගණන් කළ නොහැකි, ප්‍රමාණ රහිත දානානිසංසයක් කැමැති විය යුතුයි. සෝතාපන්න කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? සකදාගාමී කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අනාගාමී කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද?

පින්වත් ආනන්ද, සංඝගත දක්ෂිණා හතක් තියෙනවා. කවර සතක්ද යත්; බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන්දෙනවා. මෙය පළමුවෙනි සංඝගත දක්ෂිණාවයි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන්දෙනවා. මෙය දෙවෙනි සංඝගත දක්ෂිණාවයි. භික්ෂු සංඝයා උදෙසා දන්දෙනවා. මෙය තුන්වෙනි සංඝගත දක්ෂිණාවයි. භික්ෂුණී සංඝයා උදෙසා දන්දෙනවා. මෙය සතරවෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලාත්, මෙපමණ භික්ෂුණීන් වහන්සේලාත් වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය පස්වෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලා වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය සයවෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂුණීන් වහන්සේලා වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය සත්වෙනි සංඝගත දක්ෂිණාවයි. මේ තමයි සංඝගත දක්ෂිණා හත.

පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.

පින්වත් ආනන්ද, දානය පිරිසිදු භාවයට පත්වෙන ආකාර හතරක් තියෙනවා. කවර සතරක්ද යත්;

පින්වත් ආනන්දය, දානයක් තියෙනවා, ඒ දානය පිරිසිදු වන්නේ දායකයාගෙනුයි. ප්රතිග්රාහකයාගෙන් නොවෙයි. පින්වත් ආනන්ද, තව දානයක් තියෙනවා. ඒ දානය පිරිසිදු වන්නේ ප්රතිග්රාහකයාගෙනුයි. දායකයාගෙන් නොවෙයි. තව දානයක් තියෙනවා. ඒ දානය දායකයාගෙන් පිරිසිදු වෙන්නෙත් නෑ. ප්රතිග්රාහකයාගෙන් පිරිසිදු වෙන්නෙත් නෑ. පින්වත් ආනන්ද, තවත් දානයක් තියෙනවා. ඒ දානය දායකයාගෙනුත් පිරිසිදු වෙනවා. ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු වෙනවා.

පින්වත් ආනන්ද, දායකයාගෙන් පිරිසිදුවෙන, ප්රතිග්රාහකයාගෙන් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්. යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. නමුත් ප්‍රතිග්‍රාහකයෝ දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙනුයි දානය පිරිසිදු වන්නේ. ප්රතිග්රාහකයාගෙන් නොවෙයි.

පින්වත් ආනන්ද, ප්රතිග්රාහකයාගෙන් පිරිසිදුවෙන, දායකයාගෙන් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. නමුත් ප්‍රතිග්‍රාහකයෝ සීලවන්තයි. උතුම් ගුණධර්මයන්ගෙන් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, ප්රතිග්රාහකයාගෙනුයි දානය පිරිසිදු වන්නේ. දායකයාගෙන් නොවෙයි.

පින්වත් ආනන්ද, දායකයාගෙනුත් පිරිසිදු නොවෙන, ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. ඒ වගේම ප්‍රතිග්‍රාහකයෝත් දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙන්වත් ප්රතිග්රාහකයාගෙන්වත් දානය පිරිසිදු වෙන්නේ නෑ.

පින්වත් ආනන්ද, දායකයාගෙනුත් පිරිසිදුවෙන, ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු වෙන දානය කුමක්ද?

පින්වත් ආනන්ද, මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්. යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. ඒ වගේම ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත්. යහපත් ගුණධර්මවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙනුත් දානය පිරිසිදු වෙනවා. ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු වෙනවා.

පින්වත් ආනන්ද, මේ තමයි දානය පිරිසිදු වෙන ආකාර සතර.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මෙම ගාථාවන් ද වදාළා.

“යෝ සීලවා දුස්සීලේසු දදාති දානං,

ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ,

අභිසද්දහං කම්මඵලං උළාරං,

සා දක්ඛිණා දායකතෝ විසුජ්ඣති.”

යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය පිරිසිදු වන්නේ දායක පක්ෂයෙනුයි.

“යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං,

අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ,

අනභිසද්දහං කම්මඵලං උළාරං,

සා දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති.”

යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොර වූ ඒ දානය පිරිසිදු වන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂයෙනුයි.

“යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං,

අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ,

අනභිසද්දහං කම්මඵලං උළාරං,

න තං දානං විපුලප්ඵලන්ති බ්රෑමි.”

යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොර වූ ඒ දානය මහත්ඵල මහානුසස් නොවේ යැයි මා කියමි.

“යෝ සීලවා සීලවන්තේසු දදාති දානං,

ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ,

අභිසද්දහං කම්මඵලං උළාරං,

තං වේ දානං විපුලප්ඵලන්ති බ්රෑමි.”

යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයි ද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන් ම මහත්ඵල මහානිසංස වේ යැයි මා කියමි.

“යෝ වීතරාගෝ වීතරාගේසු දදාති දානං,

ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ,

අභිසද්දහං කම්මඵලං උළාරං,

තං වේ දානං ආමිසදානානමග්ගන්ති.”

යමෙක් වීතරාගීව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව, වීතරාගී උතුමන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන්ම ආමිස දාන අතර අග්‍රයි යැයි මා කියමි.

සාදු! සාදු!! සාදු!!!

( මජ්ඣිමනිකාය - උපරිපණ්ණාසපාළි - දක්ඛිණවිභංග සූත්‍රය )

[QUOTE="asliyanage, post: 29132487, member: 8764"] පින්වත් ආනන්ද, වෙන වෙනම පෞද්ගලිකව දිය හැකි දාන දාහතරක් තියෙනවා. කවර දාහතරක්ද යත්; තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය පළමුවන පෞද්ගලික දානයයි. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය දෙවන පෞද්ගලික දානයයි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය තුන් වෙනි පෞද්ගලික දානයයි. අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය සතරවෙනි පෞද්ගලික දානයයි. අනාගාමී ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය පස්වන පෞද්ගලික දානයයි. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය හයවෙනි පෞද්ගලික දානයයි. සකදාගාමී ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය හත්වෙනි පෞද්ගලික දානයයි. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය අටවෙනි පෞද්ගලික දානයයි. සෝතාපන්න ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය නවවෙනි පෞද්ගලික දානයයි. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්රාවකයා උදෙසා දන්දෙනවා. මෙය දසවෙනි පෞද්ගලික දානයයි. ශාසනයෙන් බැහැරව සිටින කාමයන් කෙරෙහි වීතරාගී වූ කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය එකොළොස්වෙනි පෞද්ගලික දානයයි. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය දොළොස්වෙනි පෞද්ගලික දානයයි. පෘථග්ජන දුස්සීල කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය දහතුන්වෙනි පෞද්ගලික දානයයි. තිරිසන්ගත සතෙක් උදෙසා දන්දෙනවා. මෙය දාහතරවෙනි පෞද්ගලික දානයයි. පින්වත් ආනන්ද, එහිලා තිරිසන්ගත සතෙකුට දානයක් දීලා සියගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. පෘථග්ජන දුස්සීල කෙනෙකුට දානයක් දීලා දහස්ගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. පෘථග්ජන සීලවන්තයෙකුට දානයක් දීලා ලක්ෂගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. බුදුසසුනෙන් බැහැර වූ කාමයන්හි වීතරාගී කෙනෙකුට දානයක් දීලා කෝටි ලක්ෂ ගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දානයක් දීලා ගණන් කළ නොහැකි, ප්‍රමාණ රහිත දානානිසංසයක් කැමැති විය යුතුයි. සෝතාපන්න කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? සකදාගාමී කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අනාගාමී කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? පින්වත් ආනන්ද, සංඝගත දක්ෂිණා හතක් තියෙනවා. කවර සතක්ද යත්; බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන්දෙනවා. මෙය පළමුවෙනි සංඝගත දක්ෂිණාවයි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන්දෙනවා. මෙය දෙවෙනි සංඝගත දක්ෂිණාවයි. භික්ෂු සංඝයා උදෙසා දන්දෙනවා. මෙය තුන්වෙනි සංඝගත දක්ෂිණාවයි. භික්ෂුණී සංඝයා උදෙසා දන්දෙනවා. මෙය සතරවෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලාත්, මෙපමණ භික්ෂුණීන් වහන්සේලාත් වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය පස්වෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලා වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය සයවෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂුණීන් වහන්සේලා වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය සත්වෙනි සංඝගත දක්ෂිණාවයි. මේ තමයි සංඝගත දක්ෂිණා හත. පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ. පින්වත් ආනන්ද, දානය පිරිසිදු භාවයට පත්වෙන ආකාර හතරක් තියෙනවා. කවර සතරක්ද යත්; පින්වත් ආනන්දය, දානයක් තියෙනවා, ඒ දානය පිරිසිදු වන්නේ දායකයාගෙනුයි. ප්රතිග්රාහකයාගෙන් නොවෙයි. පින්වත් ආනන්ද, තව දානයක් තියෙනවා. ඒ දානය පිරිසිදු වන්නේ ප්රතිග්රාහකයාගෙනුයි. දායකයාගෙන් නොවෙයි. තව දානයක් තියෙනවා. ඒ දානය දායකයාගෙන් පිරිසිදු වෙන්නෙත් නෑ. ප්රතිග්රාහකයාගෙන් පිරිසිදු වෙන්නෙත් නෑ. පින්වත් ආනන්ද, තවත් දානයක් තියෙනවා. ඒ දානය දායකයාගෙනුත් පිරිසිදු වෙනවා. ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු වෙනවා. 🌼පින්වත් ආනන්ද, දායකයාගෙන් පිරිසිදුවෙන, ප්රතිග්රාහකයාගෙන් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්. යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. නමුත් ප්‍රතිග්‍රාහකයෝ දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙනුයි දානය පිරිසිදු වන්නේ. ප්රතිග්රාහකයාගෙන් නොවෙයි. 🌼පින්වත් ආනන්ද, ප්රතිග්රාහකයාගෙන් පිරිසිදුවෙන, දායකයාගෙන් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. නමුත් ප්‍රතිග්‍රාහකයෝ සීලවන්තයි. උතුම් ගුණධර්මයන්ගෙන් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, ප්රතිග්රාහකයාගෙනුයි දානය පිරිසිදු වන්නේ. දායකයාගෙන් නොවෙයි. 🌼පින්වත් ආනන්ද, දායකයාගෙනුත් පිරිසිදු නොවෙන, ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. ඒ වගේම ප්‍රතිග්‍රාහකයෝත් දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙන්වත් ප්රතිග්රාහකයාගෙන්වත් දානය පිරිසිදු වෙන්නේ නෑ. 🌼පින්වත් ආනන්ද, දායකයාගෙනුත් පිරිසිදුවෙන, ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු වෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්. යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. ඒ වගේම ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත්. යහපත් ගුණධර්මවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙනුත් දානය පිරිසිදු වෙනවා. ප්රතිග්රාහකයාගෙනුත් පිරිසිදු වෙනවා. පින්වත් ආනන්ද, මේ තමයි දානය පිරිසිදු වෙන ආකාර සතර. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මෙම ගාථාවන් ද වදාළා. “යෝ සීලවා දුස්සීලේසු දදාති දානං, ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ, අභිසද්දහං කම්මඵලං උළාරං, සා දක්ඛිණා දායකතෝ විසුජ්ඣති.” යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය පිරිසිදු වන්නේ දායක පක්ෂයෙනුයි. “යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං, අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ, අනභිසද්දහං කම්මඵලං උළාරං, සා දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති.” යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොර වූ ඒ දානය පිරිසිදු වන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂයෙනුයි. “යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං, අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ, අනභිසද්දහං කම්මඵලං උළාරං, න තං දානං විපුලප්ඵලන්ති බ්රෑමි.” යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොර වූ ඒ දානය මහත්ඵල මහානුසස් නොවේ යැයි මා කියමි. “යෝ සීලවා සීලවන්තේසු දදාති දානං, ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ, අභිසද්දහං කම්මඵලං උළාරං, තං වේ දානං විපුලප්ඵලන්ති බ්රෑමි.” යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයි ද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන් ම මහත්ඵල මහානිසංස වේ යැයි මා කියමි. “යෝ වීතරාගෝ වීතරාගේසු දදාති දානං, ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ, අභිසද්දහං කම්මඵලං උළාරං, තං වේ දානං ආමිසදානානමග්ගන්ති.” යමෙක් වීතරාගීව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව, වීතරාගී උතුමන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන්ම ආමිස දාන අතර අග්‍රයි යැයි මා කියමි. සාදු! සාදු!! සාදු!!! ( මජ්ඣිමනිකාය - උපරිපණ්ණාසපාළි - දක්ඛිණවිභංග සූත්‍රය ) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom