ග්‍රාහකයන් යනු පෘථිවි වර්ගයාට අනාගතයේදී අභ්‍යවකාශයෙන් එල්ල විය හැකි ප්‍රධාන උවදුරු අතරින් එකකි. මීට වසර මිලියන 65 කට පෘථිවිය මත විසූ දැවැන්ත ඩයිනෝසරයන් වද වීමට ද හේතු වූයේ මෙවැනි ග්‍රාහකයක් පෘථිවිය මත ගැටීමෙන් ඇතිවුණු දැවැන්ත ව්‍යසනයක් හේතුවෙනි. මෙවැනි කරුණු හේතු කොටගෙන නාසා ආයතනය ආරම්භ කළ DART (Double Asteroid Redirection Test) අභ්‍යවකාශ මෙහෙයුමෙහි ප්‍රධාන අරමුණ වනුයේ එසේ පෘථිවිය දෙසට පැමිණෙන ග්‍ර්‍රාහකයක ගමන්මග, අභ්‍යවකාශ යානයක් එහි ගැටීමට සලස්වා වෙනස් කළ හැකි ආකාරය අධ්‍යයනය කිරීමයි.
Double Asteroid Redirection Test (DART) Mission
Channel එක නම් මගේ. මේ වීඩියෝ එකෙයි, අනෙක් contents වලයි මොනවහරි ගතයුත්තක් තියනවා කියලා හිතනවනම් channel එකට සප් එකක් දෙන්න. කට්ටියටම බොහොම ස්තූතියි.

Stimulus mind





