'SpaceX' ආයතනයේ "Starship" අභ්‍යවකාශ යානයෙහි (fully-reusable, super-heavy-lift launch vehicle) පළමු කක්ෂීය පියාසැරි පරීක්ෂණය සිදු කිරීමට නියමිත දිනය ආසන්න වෙමින් පවතින මොහොතක, මෙම යානයෙහි යොදාගන්නා "Super Heavy booster" නමින් හදුන්වන "Raptor 2' වර්ගයේ එන්ජින් 33 කින් සමන්විත වන ඉසිලුම් පද්ධතියෙහි (launch system) සිදුකරන පරීක්ෂණ අදියරයන් 'SpaceX' ආයතනයට අයත් 'Boca Chica' ප්‍රදේශයේ පිහිටා තිබෙන 'Starbase'හීදී මේ දිනවල සිදුකරමින් පවතිනවා. එහි එක් පියවරක් ලෙස පසුගියදා “Booster 7' නම් වූ එක් "Raptor 2" එන්ජිමකින් සමන්විත 'Super Heavy booster'පද්ධතියෙහි මූලාකෘතියක් ස්තිථික දැල්වුම් පරීක්ෂාවකට (static fire test) ලක් කරනු ලැබුවා.
ස්තිථික දැල්වුම් පරීක්ෂාවේදී (static fire test), රොකට්ටුව එය රදවා ඇති පාදම මත පිහිටා තිබියදීම, "Raptor 2" එන්ජිම තත්පර කිහිපයකට ජ්වලනයකට (ignition) ලක්කිරීම සිදුකරන අතර එහිදී ඉංජිනේරුවන් හට එන්ජීමේ වූ හැකියාව හා එහි ශක්‍යතාවය පිළිබදව, රොකට්ටුව පළමු කක්ෂීය පියාසැරියට සිදු කිරීමට පෙරාතුව පරීක්ෂා කිරීමට හා ඒ පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වනවා. මීට සති කිහිපයකට පෙර සිදුකළ මෙවැනි ස්තිථික දැල්වුම් පරීක්ෂාවකදී මෙහි එක් 'Booster' මූලාකෘතියක් පිපිරීමකට ලක්වූ නමුත් මෙම ස්තිථික දැල්වුම් පරීක්ෂාව සාර්ථකව සිදුකිරීමට 'SpaceX' ආයතනයෙහි ඉංජිනේරුවන් සමත් වුණා. මෙම "Super Heavy booster" ඉසිලුම් පද්ධතියෙහි සම්පූර්ණ උස අඩි 394 ක් වන අතර ඉන් අඩි 164 ක උසකින් යුක්ත වූ ඉහළ කොටස 'Starship' ලෙස හදුන්වනු ලබයි.
මේ එම ස්තිථික දැල්වුම් පරීක්ෂාව (static fire test) සිදුකළ ආකාරයයි,
SpaceX Raptor (full-flow staged-combustion-cycle rocket engines)

