🚀🎬🎥 රුසියානු නිළියක යොදා අභ්‍යවකාශයේ චිත්‍රපට රූගත කිරීමක් 🎥🎬🚀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    Yulia-Peresild.png


    රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන යුලියා පෙරේසිල්ඩ් , ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව යැමට සුදානම් වෙයි. ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කරන චිත්‍රපටයක රංගනය සඳහාය.

    37 හැවිරිදි යුලියා, ලබන පස් වැනිදා රුසියාවේ සෝයූස් රොකට්ටුවක අධාරයෙන්, සෝයූස් එම්.එස්.19 ගගන කැප්සියුලයේ නැගී කිලෝ මීටර් 354 ක් ඉහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව යෑමට නියමිතය. යුලියා අභ්‍යවකාශය බලා යන්නේ තනිවම නොවෙයි, රුසියන් ගගනගාමීන් දෙදෙනකු සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන කිම් ෂිපෙනෝව් ද ඇය සමඟ කැප්සියුලයේ ගමන් කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
    අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන මෙම නව චිත්‍රපටය නම් කර ඇත්තේ ‘චැලේන්ජ් යනුවෙනි.

    රුසියන් අභ්‍යවකාශ ආයතනය වන 'රොස්කොස්මොස්' සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන 'චැනල් 1' නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වෙයි. අභ්‍යවකාශ නැවතුම්පොළේ චිත්‍රපටයක් රූගත කරන බවත් එහි නිෂ්පාදන කටයුතුවලට රුසියන් අභ්‍යවකාශ ආයතනය සම්බන්ධ වන බවත් එහි ප්‍රධානී දිමිත්‍රි රොගොසින් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ පසුගිය මැයි මාසයේය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන 37 හැවිරිදි කිම් ෂිපෙන්කෝ පවසන්නේ 'චැලේන්ජ්' චිත්‍රපටය හැකිතාක් තාත්වික අයුරින් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමට අවශ්‍ය බැවින්, එය සැබැවින්ම අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙනු ඇති බවය. චිත්‍රපටයේ කැමරාකරණ කටයුතු තමන් අතින් ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින සෙසු රුසියන් ගගනගාමීන් අතින් ද සිදුවනු ඇති බවත් අඩුපාඩු පසුව සකසා ගන්නා බවත් කිම් ෂිපෙන්කෝ පැහැදිලි කර තිබේ. “ චැලෙන්ජ් චිත්‍රපටය නිර්මාණය වන්නේ දක්ෂ වෛද්‍යවරයකු පාදක කර ගනිමින්. මොහු අභ්‍යවකාශයට යන්න සිහින දකින කෙනෙක් නම් නොවෙයි. අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන්ගෙන් කෙනකු අකරතැබ්බයකට මුහුණ දී රෝගී වෙනවා. ඔහු පෘථිවියට ගේන්න විදියක් නැති වෙනවා. ඔහුට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයාට අකමැත්තෙන් වුණත් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්න වෙනවා' යැයි චිත්‍රපටයේ කතාව මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් කිම් ෂිපෙන්කෝ පවසා තිබේ.

    වැලෙජ් චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාවේ මා සතුටට පත් වුණා. ඒත් හිතුවේ නැහැ ඇත්තටම අභ්‍යවකාශයට යන්න වේවි කියලා. ඒත් ඒක කරන්න සිදුවෙනවා. මාස ගණනක් තිස්සේ චිත්‍රපටයේ මම සහ කිම් ෂිපෙන්කෝ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ පුහුණුවීම් කළා. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව අපට ලැබුණා. බයයි නම් තමයි. ඒත් දැන් ආපසු හැරෙන්න බැහැ යැයි යුලියා මාධ්‍ය හමුවේ පවසා ඇත. අභ්‍යවකාශ නැවැතුම්පොළට යන සහ එහි රැදී සිටින සැබෑ රුසියන් ගගනගාමීන් ද නළුවන් ලෙස චිත්‍රපටයට එක් වනු ඇතැයි පැවැසෙයි. මේ අතර, පසුගිය දා ස්පේස් එක්ස් සමාගම සහ නාසා ආයතනය එක් වී, ස්පේස් එක්ස් රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක් ආධාරයෙන් ගගනගාමීන් නොවන සිවිල් වැසියන් සිවු දෙනකු ගගනගාමීන්ට ලැබෙන පුහුණුවක් ලබා දී පෘථිවි කක්ෂයට යවා ආපසු පෘථිවියට ගෙන්වා ගත්තේය.
    ස්පේස් එක්ස් කැප්සියුලය ආපසු පැමිණියේ අභ්‍යවකාශ නැවැතුම්පොළ පිහිටා ඇති ස්ථානයටත් වඩා ඉහළට ගොස් දින 3 ක් පෘථිවි කක්ෂයේ රැදී සිටිමින් පෘථිවිය වටා ගමන් කිරිමෙන් ද අනතුරුවය. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ පෞද්ගලික ගගන සංචාර නිල වශයෙන් ආරම්භ කළේ ඒ අනුවය.

    රුසියන් නිළි යුලියා පෙරෙසිල්ඩ් සහ අධ්‍යක්ෂ කිම් ෂිපෙන්කෝ ගගනගාමීන්ට ලැබෙන පුහුණුවකින් පසු අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යන්නේ ද සිවිල් වැසියන් ලෙසය. රුසියාව පමණක් නොව ඇමෙරිකන් හොලිවුඩයත් අභ්‍යවකාශ නැවැතුම්පොළේ චිත්‍රපට රූගත කිරීමකට සූදානම් වෙයි. රූගත කෙරෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෘස්ගේ නවතම චිත්‍රපටයයි. 58 හැවිරිදි ටොම් කෘස් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ 55 හැවිරිදි ඩග් ලීමන් එම චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සඳහා ඔකතෝබර් මාසයේ අභ්‍යවකාශයට යනු ඇතැයි පැවැසෙයි. ඒම ගගන ගමනට අනුග්‍රහය දක්වන්නේ “ස්පේස් එක්ස්” සමාගම සහ නාසා ආයතනයයි. නාසා ආයතනය සහ 'ස්පේස් එක්ස්" සමාගම ටොම් කෘස් අභ්‍යවකාශයට රැගෙන යමින් චිත්‍රපටයක් නිර්මාණයට පිඹුරුපත් සකස් කෙරුණේ පසුගිය වසරේ සිටය.



    Source: gossiplankanews.com



    වැඩි විස්තර:

    E8NMeSwWUAMg-VD.jpg:large


    yulia-peresild.jpg


    The-Challenge3.jpg


    Yulia_Peresild_afp_20210703.jpg


    38922449_2969025_1f5cd43cb9ceceefaeb4326fad97fcdb_wm.jpg


    6154f10db414c10018630432


    fb6f56b965e82136353e084003a67664.jpg


    6154d9d92fb46b0019beac82


    merlin_194835756_089583e9-c71d-4ec1-8d2a-4363444998e7-articleLarge.jpg


    6154f2092fb46b0019beb04e




    Russia is launching the first film crew to the space station on Tuesday — beating NASA and Tom Cruise






     

    Sen-lu

    Well-known member
  • අඩේ මරු බං. හැබැයි තුන් හතර දෙනෙක් යන එකනම් ශුවර් නෑ. බ්ලූ එකක් එහෙම නෙමෙ වෙන්නැති නේත 😁
    අභ්‍යාවකාශෙට ගිහින් අහවල් එක නොකර එන්නෙ නම් නැති වෙයි.