ඇමරිකාවේ නාසා ආයතනයට හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency - ESA) අයත් "ජේම්ස් වෙබ්" අභ්‍යාකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් පහත දැක්වෙන නවතම ඡායාරූප ත්‍රිත්වය අතරින් ප්‍රථමයෙන් දක්වා ඇති ඡායාරූපය මගින් නිරූපණය වනුයේ "NGC 1365" නම් වූ මනරම් සර්පිල මන්දාකිණියයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 60 ක් ඈතින්, "Fornax' නම් තාරකා රාශිය දෙසට වන්නට පිහිටා තිබෙන "NGC 1365" සර්පිල මන්දාකිණිය "Double - barred spiral galaxy" ගනයට අයත් වන්නකි. "Fornax Cluster" නමින් හදුන්වන මන්දාකිණි පොකුරට අයත් වන ප්‍රධානතම මන්දාකිණියක් ලෙස සැලකෙන මෙම මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 200 000 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
මෙම "NGC 1365" සර්පිල මන්දාකිණිය නිරූපණය කෙරෙන පහත දැක්වෙන තියුණු වර්ණ ඡායාරූපය මගින් මන්දාකිණිය තුළ පවතින රතු පැහැයෙන් දිස්වන නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශයන් (star forming regions), මන්දාකිණියෙහි මධ්‍ය තීරුව ආසන්නයෙන් හා එහි කෙළවරට වන්නට හා සර්පිල බාහු පුරාවට පැතිර පවතින ආකාරය නිරීක්ශනය කළ හැකිය. එමෙන්ම මන්දාකිණිය තුළ පවතින අඳුරු දූවිලි මාවත් මන්දාකිණියෙහි ඇති දීප්තිමත් හරය හරහා විහිදී ගොස් ඇති ආකාරය ද මෙහිදී දැකගත හැකි අතර එම මන්දාකිණි හරය (core) තුළ අති දැවැන්ත කළු කුහරයකට (supermassive black hole) වාසස්ථාන සපයා තිබේ.
මෙම මන්දාකිණියෙහි ඇති කැපී පෙනෙන මධ්‍ය තීරුව, මන්දාකිණියෙහි සිදුවන පරිණාමීය ක්‍රියාවලියට අදාළ වැදගත් කාර්යයක් ඉටු කරන බවට තාරකා විද්‍යාඥයන්ගේ මතය වී ඇති අතර එමගින් නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශයන් වෙත මන්දාකිණිය අවට පවතින වායු හා දූවිලි ඇදගැනීමත්, අවසානයේ මධ්‍යයයේ වූ දැවැන්ත කළු කුහරයෙහි පරිභෝජනය සදහා ඒ වෙත යොමු කිරීම ද ඔවුන්ට අනුව මෙම මධ්‍ය තීරුව මගින් සිදු කරනු ලබයි. මෙම ඡායාරූපය, ජේම්ස් වෙබ් දුරේක්ෂයෙහි වූ "Mid-Infrared Instrument (MIRI)" නම් වූ මධ්‍ය - අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත්තකි.
Image Credit: NASA, ESA, CSA, Janice Lee (NOIRLab) - Processing: Alyssa Pagan (STScI)
දෙවැනි ඡායාරූපය මගින් නිරූපණය කෙරෙනුයේ "NGC 7496" නම් වූ "barred spiral galaxy" යන ගනයට අයත් සර්පිල මන්දාකිණියයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 24 ක් ඈතින්, 'Grus' නම් තාරකා රාශියට අයත්ව පිහිටි මෙම සර්පිල මන්දාකිණිය දැවැන්ත කළු කුහරයකින් සමන්විත වූ දීප්තිමත්, සක්‍රිය මන්දාකිණි න්‍යෂ්ටියකින් ද (active galactic nucleus - AGN) යුක්ත වේ. මෙම ඡායාරූපයේදී මන්දාකිණියෙහි දිස්වන නිල්, කොළ සහ රතු වර්ණයන්ගෙන් දිස්වන කලාපයන් මගින් ජේම්ස් වෙබ් දුරේක්ෂයෙහි වූ "Mid-Infrared Instrument (MIRI)" නම් වූ මධ්‍ය - අධෝරක්ත කිරණ කැමරාව මගින් මයික්‍රෝන 7.7, 10, 11.3, හා 21 හී'දී (microns - මයික්‍රෝන 1 ක් යනු මීටර 1 කින් මිලියනයෙන් පංගුවකි) ලබාගත් දත්ත නිරූපණය කෙරන අතර එම දත්තයන් 'MIRI' හි වූ F770W, F1000W හා F1130W, F2100W යන පෙරහන්වලට (filters) අයත් දත්තයන් වේ.
Credit: NASA, ESA, CSA, and J. Lee (NOIRLab), A. Pagan (STScI)
තෙවැනි ඡායාරූපය මගින් නිරූපණය කෙරෙනුයේ "NGC 1433" නම් වූ දීප්තිමත් මධ්‍ය ප්‍රදේශයකින් (හරය - Core) සමන්විත වූ "Seyfert galaxy' නම් මන්දාකිණි ගනයට අයත් වූ මෙම සර්පිල මන්දාකිණියකි (barred spiral galaxy). පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 46 ක් ඈතින්, 'Horologium' නම් වූ තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම මන්දාකිණිය හා තවත් මන්දාකිණියක් අතර මෑතකදී සිදුවූ ගැටුමක ලක්ෂණයන් ඡායාරූපයෙන් නිරූපිත "NGC 1433" මන්දාකිණියෙහි පවතින මද ආලෝක තත්ත්වය හා සාපේක්ෂව දූවිලිවලින් තොරව පවතින ස්වරූපය මගින් පිළිඹිබු වන බව තාරකා විද්‍යාඥයින්ගේ මතය වී තිබේ. මෙම ඡායාරූපය ද ජේම්ස් වෙබ් දුරේක්ෂයෙහි වූ "Mid-Infrared Instrument (MIRI)" නම් වූ මධ්‍ය - අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත්තකි.
Credit: NASA, ESA, CSA, and J. Lee (NOIRLab), A. Pagan (STScI)
NGC 1365 (MIRI Image)
NGC 7496 (MIRI Image)
NGC 1433 (MIRI Image)