🛰️🌌 "Messier 100" සර්පිල මන්දාකිණියෙහි අසිරිය 🌌🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    SaMVDKH.jpg



    දිනය: 2023 අප්‍රේල් 08

    "Messier 100" (M100, NGC 4321 යන නාමයන්ගෙන් ද හදුන්වයි) යනු "grand design spiral galaxy" ගණයට අයත් වන මනරම් සර්පිල මන්දාකිණියකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 56 ක් ඈතින්, "Berenice's Hair" (Coma Berenices) නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම 'M100' සර්පිල මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 107 000 ක පමණ අගයක් ගනී. අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි මෙන් ක්‍රමවත්ව නිර්මාණය වී ඇති සර්පිල බාහූන්ගෙන් සමන්විත වූ මෙම 'M100' සර්පිල මන්දාකිණිය තුළ තාරකාවන් බිලියන 100 කට අධික ප්‍රමාණයක් පිහිටා තිබේ.

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.23 ක දුරින් පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ මිලියන 7.5 ක් වන කලාපයක විහිදී ගොස් තිබෙන මෙම 'Virgo Cluster' නම් මන්දාකිණි පොකුරට අයත් දීප්තිමත්ම මන්දාකිණියක් ලෙස සැලකෙන මෙම සර්පිල මන්දාකිණියෙහි පවතින විචල්‍ය තාරකාවන් (variable stars) පිළිබදව තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ අධ්‍යනයන් මගින් සොයාගත් කරුණු විශ්වයෙහි වයස හා විශාලත්වය ගණනය කිරීම සදහා බෙහෙවින් උපකාරී වී ඇත. හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි (Hubble Space Telescope) වූ "Wide Field Camera 3" (WFC3) නමින් හදුන්වන කැමරා උපකරණය මගින් ලබාගත් 'M100' සර්පිල මන්දාකිණිය නිරූපණය කෙරෙන පහත දක්වා ඇති ඡායාරූපය මගින් 'M100' සර්පිල මන්දාකිණියෙහි පවතින දීප්තිමත් නිල්පැහැති තාරකා පොකුරු හා මනරම් ධූලි මාවත් (dust lanes) මනාව පිළිඹිබු කොට තිබේ.


    Image Credit: NASA, ESA, Hubble; Processing: Judy Schmidt

    M100_HubbleWfc3_3679.jpg




    Messier 100 (M100, NGC 4321)




    Coma Berenices (Constellation)

     

    Similar threads