දිනය: 2022 දෙසැම්බර් 11 වන දින
අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙහි ඇති ග්‍රහයන්ට අයත් චන්ද්‍රයන් අතරින් අසාමාන්‍යයම ස්වරූපයක් ගනු ලබන චන්ද්‍රයෙක් ලෙසට බ්‍රහස්පති ග්‍රහයාට අයත් තුන්වැනියට විශාලතම චන්ද්‍රයා වන "Io' (අයෝ) නම් වූ චන්ද්‍රයා හැදින්විය හැකිය. එහි සත්‍ය ස්වරූපය නැතහොත් වර්ණය, මිනිස් ඇසට වඩාත් ගෝචර වන අයුරින් ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් ලෙසට අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන පහත දැක්වෙන ඡායාරූපය සැලකිය හැකිය. බ්‍රහස්පති ග්‍රහයා හා එයට අයත් චන්ද්‍රයින් ගවේෂණය කිරීමේ අරමුණින් යවන ලද, වර්ෂ 1995 සිට වර්ෂ 2005 දක්වා බ්‍රහස්පති වටා කක්ෂ ගතව තම මෙහෙයුම් කටයුතු සිදුකළ, නාසා ආයතනයට අයත් "ගැලීලියෝ' අභ්‍යවකාශ යානය (Galileo spacecraft) මගින් 1999 වර්ෂයේ ජූලි මාසයේදී හසුකරගත් මෙම "Io' (අයෝ) චන්ද්‍රයා නිරූපණය වන ඡායාරූපය මගින් "Io' (අයෝ) චන්ද්‍රයාගේ වූ සුවිශේෂී කහ පැහැයට හේතු වී තිබෙන ගෙන්දගම් (සල්ෆර් - sulfur) හා උණු වූ සිලිකේට් පාෂාණ මගින් නිර්මිත පෘෂ්ඨය පෙන්නුම් කොට තිබේ.
"Io'(අයෝ) චන්ද්‍රයා මත ඇති සක්‍රීය ගිනි කඳු පද්ධතියෙහි ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි පෘෂ්ඨයෙහි ස්වරූපය නිරන්තරයෙන් වෙනස් වන්නා ස්වභාවයකින් යුක්තව පවතින අතර මෙම ඡායාරූපයෙහි දිස්වන "Io' (අයෝ) චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙහි වූ කඩතොළු වූ බුබුළු ආකාරයේ පිහිටීම්, බ්‍රහස්පති ග්‍රහයාගෙන් එල්ලවන බලවත් උදම් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් හටගෙන තිබේ. මෙම උදම් ගුරුත්ව ක්‍රියාවලිය මගින් "Io' (අයෝ) චන්ද්‍රයා හා බ්‍රහස්පති ග්‍රහයාත් අතර ඇතිවන ඝර්ෂණය හේතුවෙන් "Io' (අයෝ) චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ යාම සිදුවන අතර එහිදී, අභ්‍යන්තරයෙහි පවතින උණුවූ පාෂාණයන් පුපුරා,පෘෂ්ඨය හරහා ඉවතට නික්මීම සිදුවීමේදි මෙවැනි කඩතොළු නිර්මාණය වීම සිදු වේ. "Io' (අයෝ) චන්ද්‍රයා මත වූ මෙම සක්‍රීය ගිනි කඳු ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි පෘෂ්ඨයෙහි ස්වරූපය සම්පූර්ණයෙන් කණපිට පෙරළීමකට සමාන සිදුවීමක් නිරන්තරයෙන් සිදුවන අයුරු නිරීක්ෂනය කළ හැකිය.
Image Credit: NASA, JPL, Galileo Project
Io (moon)
Galileo (spacecraft)
නරක් වෙච්ච් බිත්තර කහ මදයක් වගෙ