පසුගිය වසරේ, එනම් 2022 වසරේ දෙසැම්බර් 21 වන දින, නාභීය දිග මිලිමීටර 50 ක් වූ කාචයකින් යුක්ත වූ "Nikon D5" ඩිජිටල් කැමරාවක් යොදාගනිමින් පෘථිවියේ සිට කිලෝමීටර 408 ක් ඉහළින් කක්ෂගතව පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි (International Space Station - ISS) රැදී සිටි ගගනගාමියෙකු විසින් ලබාගත් පහත දැක්වෙන ඡායාරූපයෙන් අයත්ව පිහිටා තිබෙන විශාලතම කඳු වැටිය "Canadian Rockies" හි අපූර්ව දසුනක් නිරූපණය කෙරේ.
කැනඩාවේ "British Columbia" නම් පළාතෙහි සිට ඇමරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රාන්තයක් වන "New Mexico" හි ගිණිකොණ දිග ප්‍රදේශය දක්වා විහිදී තිබෙන මෙම "Canadian Rockies" නම් වූ කඳු වැටිය දිගින් කිලෝමීටර 4800 ක් (සැතපුම් 3000) සහ පළලින් කිලෝමීටර 650 ක් (සැතපුම් 400) පමණ වූ අගයකින් යුක්ත වේ. මෙම කඳු වැටියට අයත් වූ කඳු මුදුන් අතරින් 50 ක්ම මීටර 3350 (අඩි 11000) කට වඩා වැඩි උන්නතාංශයකින්/ උසකින් (elevation) යුක්ත වන අතර ඒ කඳු මුදුන් අතරින් "Mount Robson" නම් වූ මීටර 3950 ක (අඩි 12970) උසකින් යුක්ත වූ කඳු මුදුන, "Canadian Rockies" කඳු වැටියෙහි ඉහළම උන්නතාංශයක් පවතින ස්ථානය ලෙස සලකනු ලබයි.
නම් කරන ලද ඡායාරූපය
මූලාශ්‍රය
මූලාශ්‍රය

