"යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ" (European Space Agency - ESA) සහ "ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ" (Japan Aerospace Exploration Agency - JAXA) එකාබද්ධ අභ්‍යවකාශ මෙහෙයුමක් යටතේ සූර්යයාට වඩාත්ම ආසන්නයෙන් පිහිටා තිබෙන ග්‍රහලොව වන, බුධ (Mercury) ග්‍රහයා ගවේෂණය සදහා 2018 වර්ෂයේදී දියත් කළ "BepiColombo" අභ්‍යවකාශ යානය පසුගිය සැප්තැම්බර් 4 වනදා බුධ ග්‍රහයා වටා සිදු කළ තම 4 වැනි කක්ෂ ගතවීම ද සම්පූර්ණ කරනු ලැබුවා. මෙම කක්ෂ ගත වීම් 4 අතරින්, "BepiColombo" යානය බුධ ග්‍රහයාට වඩාත් ආසන්නයෙන් ගමන් කළ අවස්ථාව ලෙස මෙවර සිදු කළ නවතම කක්ෂ ගත වීම වාර්තා අතරට ද එක්වුණා. මෙම කක්ෂ ගත වීම අතරතුරදී බුධ ග්‍රහයාගේ සමීප ඡායාරූප 128 ක් ලබා ගැනීමට "BepiColombo" අභ්‍යවකාශ යානය සමත් වූ අතර පළමු ඡායාරූපය බුධ ග්‍රහයාගේ සිට කිලෝමීටර 191 ක දුරක සිට සහ සමීපතම ඡායාරූපය බුධ ග්‍රහයාට ආසන්නයෙන්ම ගමන් කළ අවස්ථාව වූ කිලෝමීටර 165 ක දුරක සිට හසු කර ගැනීමට "BepiColombo" යානය මෙහිදී සමත් වුණා. මීට අමතරව බුධ ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවය ආශ්රිත ප්‍රදේශය වඩාත් පැහැදිලිව ඡායාරූප ගත කිරීමට හැකියාව ලැබුණේ ද මෙවර සිදු කළ කක්ෂ ගත වීම අතරතුරදීයි. පහත දැක්වෙන්නේ මෙම ලබාගත් සමීප ඡායාරූපයන් 128 යොදාගනිමින් "යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය" මගින් නිර්මාණය "Timelapse' වීඩියෝවකුයි. මෙම වීඩියෝවේ පසුබිමට යොදා ඇති "Vivaldi : The Four Seasons, "Summer" - 3, Presto" සංගීත ඛණ්ඩය නිර්මාණය කළ සුප්‍රකට ඉතාලි ජාතික සංගීතඥයකු වූ "Antonio Vivaldi" සිහිවීම පිණිස බුධ ග්‍රහයා මත ඇති ආවාටයක් ද ඔහුගේ නමින් හදුන්වනු ලබනවා. "Vivaldi' ආවාටය (Vivaldi crater) නමින් හදුන්වන මෙම ආවාටයේ විෂ්කම්භය කිලෝමීටර 213 ක අගයක් ගනු ලබනවා. එම ආවාටය ද මෙම වීඩියෝවේදී දැක ගන්නට පුළුවන්.
පෘථිවියේ සිට බුධ ග්‍රහයාට මේවන විට ඇති දුර (Current distance) - කිලෝමීටර මිලියන 172.64
සැ:යු: මෙම දුර ප්‍රමාණයන් බුධ ග්‍රහයා, සූර්යයා වටා ගමන් කරමින් (කක්ෂ ගත වී) සිටින ස්ථානය අනුව වෙනස්වන අතර බුධ ග්‍රහයා පෘථිවියට වඩාත් ආසන්න වන දුර කිලෝමීටර මිලියන 77 ක් පමණ වන අතර වඩාත් දුරින්ම පිහිටි අවස්ථාවේදී පෘථිවියේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන 222 ක් පමණ දක්වා ඉහළ යෑම ද සිදු වෙනවා

සටහන: @Stimulus mind
- Mercury Facts -
CREDIT: ESA/BepiColombo/MTM
"BepiColombo" මෙහෙයුම පිළිබදව තොරතුරු