🟣 අද IMF 3rd Review පිළිබඳ Press එක තිබ්බා - සාරාංශය සැකෙවින් 👇

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113


    මේ Press එක කර IMF Agent - Peter Brewer ... මූ කතාව පටන් ගත්තෙ Summer එකට උගෙ Family එක එක්ක ලංකාවට Vacation ආව කියල, ලංකාවෙ බොහෝ ප්‍රදේශ වල ඇත්ත තත්වය දැකගැනීමට හැකි උනා කියල .. හරි දැන් බලමු මොනවද කිව්වෙ කියල

    ආර්ථික වර්ධනය​


    • පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය 4% වෙලා තියනව
    • විදේශ සංචිත ප්‍රමාණ්‍ය $6.4 Billion දක්වා වැඩි වෙලා කිව්වා

    ප්‍රථිසංස්කරණ​


    • නව ආර්ථික ප්‍රතිසංස්කරණ මගි Public Finance ශක්තිමත් කරා කියල කිව්ව
    • Tax අයවිය යුතු ප්‍රමාණය අය කරගැනීමට සිදුකිරීමට ගන්නා වැඩපිලිවෙල පැසසුවා
    • ගොඩක් Vulnerable ජන කොට්ටාස හෙවත් දිළිඳු, වැඩිහිටි ප්‍රජාවන් ට ලබාදිය යුතු සහන ලබාදීමට රජය අපොහොසත් වෙලා කියල කිව්ව, ඒ ගැන අවධානය දෙන්න කිව්ව

    ණය ප්‍රථිව්‍යුහගතකරණය​


    • රාජ්‍ය දෙස් විදෙස් ණය බැඳුම්කර හිමියන් සමග කල සාකච්ඡා/එකඟතා මේ වැඩපිලිවෙලේ හොඳ කඩයිමක් පසුකිරීමක් (milestone) කිව්වා.
    • ඊළඟට ණය හිමි ද්වීපාර්ශවික එකඟතා පිළිබඳ සාකච්ඡා කොට ඒවා අවසන් කරගත යුතුයි කිව්වා.

    නව රජය​


    • ජනතා පරමාධිපත්‍යෙන් බිහිවූ නව රජයේ IMF වැඩපිළිවෙලට දක්වන සහය පැසසුවා.
    • නමුත් ජනතාවට Tax relief දෙන ගමන්, IMF ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මක යි කිව්වා

    ඉදිරි පියවර​


    • නව 2025 අය-වැය ඉක්මනින් ඉදිරිපත් කල යුතුයි සහ එය සලකා next $330 million ලබාදීමට කටයුතු කරණ බව පැවසුවා.
    • රටේ ආර්ථික විශ්වාසය ( economic confidence ) වර්ධනය කිරීම කල යුතුයි කිව්වා රජය විසින්.

    දැනට IMF විසින් ලංකාවට $970 million Fund ලබාදී තිබෙනවා සහ ඉදිරියේදී තවත් $1.9 Billon ලබාදීමට යෝජිතයි.

    ~ලිව්වේ @Yeezus