🤠🎬 "Western' genre එකේ චිත්‍රපටි / TV Series බලන්න කැමති අයට... 🐎🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    "Old west" එහෙමත් නැත්නම් "American frontier" කියලා හදුන්වන 17 වෙනි සියවසත් 20 වෙනි සියවසත් අතර ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවුණු කාලපරිච්ඡේදය සම්බන්ධ කරගෙන ගොඩ නැගුණු කෙටි ටෙලි කතා මාලාවක් (TV mini series) විදිහට 1989 වසරෙදි විකාශය වුණු "Lonesome Dove" කියන ටෙලි කතා මාලාව හදුන්වන්න පුළුවන්. ඇමරිකානු ජාතික ප්‍රකට ගත් කතුවරයෙක් වුණු "Larry McMurtry" ගෙ "Lonesome Dove" කියන 'Pulitzer' ත්‍යාගය දිනාගත්තු නවකතාව ඇසුරෙන් තමයි මේ ටෙලි කතා මාලාව නිර්මාණය වුණේ. මේ නවකතාව ඇසුරු කරගෙන "William D. Wittliff" විසින් ලියපු තිරරචනාවක් යොදාගනිමින් 'Simon Wincer' විසින් අධ්‍යක්ෂණය කරපු මේ ටෙලි කතා මාලාවෙ කතාව ප්‍රධාන වශයෙන් "Augustus McCrae" සහ "Woodrow F. Call" කියන චරිත දෙක මුල් කරගෙන තමයි ගොඩනැගෙන්නෙ.


    p431931_b_h10_ae.jpg





    'Texas' ප්‍රාන්තයට අයත් "Lonesome Dove" කියන කුඩා ගමේ ජීවත් වෙන හිටපු "Texas rangers" ලා දෙන්නෙක් වෙන මේ දෙන්නත් ඔවුන්ට හිතවත් තවත් කීපදෙනෙකුත් තමන්ට අයත් වුණු ගව පට්ටි සහ අශ්ව රංචුවත් අරගෙන ඊට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටලා තිබෙන 'Montana' ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක් කරා අලුත් ජීවිතයක් ඇරඹීමේ අරමුණින් කරන ගමන තමයි මේ ටෙලි කතා මාලාව මගින් මූලිකව නිරූපණය කරන්නෙ. හොලිවුඩයෙ ඉන්න ප්‍රවීණතම වගේම සම්මානනීයම රංගන ශිල්පීන් දෙන්නෙක් වෙන "Robert Duvall" සහ "Tommy Lee Jones" තමයි පිළීවෙළින් "Augustus McCrae" සහ "Woodrow F. Call" කියන චරිතවලට මේ ටෙලි කතා මාලාවෙදි පණ පොවන්නෙ. මේ දෙන්නට අමතරව Robert Urich, Danny Glover, Diane Lane, Anjelica Huston, Chris Cooper, Frederic Forrest, Steve Buscemi වගේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් රැසකුත් මේ ටෙලි කතා මාලාවට රංගනයෙන් දායක වෙනවා.


    EVCTCDLODOEC001H__20052.1706774801.jpg
    4qat6gtxpqd81.jpg

    w=736,h=414
    s-l1200.jpg

    lonesome-dove34.jpg


    සාමාන්‍යයෙන් හොලිවුඩයෙ නිර්මාණය වෙන "Old west" එක "romanticize" කරන චිත්‍රපට සහ ටෙලි කතා මාලාවලින් බැහැරව ගිහිල්ලා ඒ යුගයෙ ජීවත් වුණු මිනිස්සු ගත කරපු කටුක ජීවිතය වගේම ඒ යුගය තනිකරම පාහෙ කැලෑ නීතිය රජ කරපු කොයිතරම් අඳුරු කාලපරිච්ඡේදයක් ද කියන එකත් හොදින්ම නිරූපණය කරන ටෙලි කතා මාලාවක් විදිහට "Lonesome Dove" හදුන්වන්න පුළුවන්. වාර්ෂිකව ඇමරිකාවෙ විකාශය වන රූපවාහිනී වැඩසටහන් අගයන්න සංවිධානය කරන ප්‍රධානම සම්මාන උළෙල වෙන "Emmy Awards" හි 1989 පැවැත්වුණු 41 වෙනි සම්මාන උළලෙදි සම්මාන 18 කට නිර්දේෂ වෙලා ඉන් සම්මාන 7 ක් දිනාගන්නත් "Lonesome Dove" ටෙලි කතා මාලාව සමත් වුණා. ඊට අමතරව 1990 වසරෙ පැවැත්වුණු " Golden Globes" සම්මාන උළලෙදි සම්මාන 4 කට නිර්දේෂ වෙලා සම්මාන 2 ක් දිනාගන්නත් "Lonesome Dove" සමත් වුණා.


    සැ:යු: මේ මිනි සීරීස් "slow burning" ටයිප් එකේ කතාවක් නිසා සමහර අයට මේක අල්ලලා යන එකක් නෑ. ඒ වුණාට බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. "Western' genre එකට කැමති කෙනෙක් නම් කතාව "slow burning" ටයිප් වුණාට 'cast' එකේ ඉන්න නළි නිළියන්ගෙ රගපෑම්වල තියෙන "top notch" ගතියයි, directing, script එක වගේම cinematography වල තියෙන හොදකම නිසා කම්මැලිකමක් නැතුව දිගටම බලන්න හිතේවි. බලන්න උවමනා කෙනෙක්ට Youtube එකේ දාලා තියෙනවා මුළු මිනි සීරීස් එකම.


    ✍️🎬 සටහන: @Stimulus mind 🎬✍️

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    ලින්ක් ??
    කොපිරයිට් කේස් නිසා ඩවුන්ලෝඩ් ලින්ක්ස් මෙතන දාන්න බෑ, බ්‍රෝ. :sorry: උඩ දාලා තියෙනවා වගේ Youtube එකේ තියෙනවා මුළු සීරීස් එකම. එහෙම නැත්නම් Limetorrents වල තියෙනවා ටොරන්ට් ෆයිල්ස්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    Boring wage ne ?
    දෙබස් එහෙම හුගක් තියෙන, Slow burning ටයිප් එකේ කතාවක් තියෙන්නෙ. එහෙම ටයිප් එකේ කතා බලන්න එච්චර කැමති නැති කෙනෙක්ට නම් මේක බලද්දි ටිකක් බෝරින් ගතියක් දැනේවි. ඒත් Western genre එකේ කතා බලන්න කැමති කෙනෙක් නම් ට්‍රයි එකක් දීලා බලන්න මේ ෂෝ එක බලන්න. රගපෑම්, කතාව, තිර රචනෙ, අධ්‍යක්ෂණේ එහෙම පැත්තෙන් ගත්තොත් ඉහළම මට්ටමක තියෙන සීරීස් එකක් මේක. :yes:
     

    Similar threads