🤣මල් පෝච්චියක් පෑගුවා කියා හරිනිට නඩු…🏵️

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    මල් පෝච්චියක් පෑගුනා කියා තමන්ට විරුද්ධව නඩු පවරා ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

    අද පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පළ කළේ පසුගිය වසරේ කාන්තා දිනයේදී පොල්දුව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයක් සිහිපත් කරවමිනි.

    “ගිය අවුරුද්දේ මාර්තු අට මට සිහි වෙනවා.මෙතන ඉන්න කාන්තා මන්ත්‍රීවරියන් ඇතුළු අපේ කාන්තා මන්ත්‍රීවරියන්ට එදා උද්ඝෝෂණයකදී පොල්දුවේදී වතුර ප්‍රහාරයකට ලක් වෙන්න වුණා.

    මම එදා පාර්ලිමේන්තුවට ආවෙත් වතුර ප්‍රහාරය කාගෙන.මල් පෝච්චි පෑගුනා කියලා අපට විරුද්ධව නඩු පැවරුවා. තාම ඒ නඩුව අහනවා. අගමැති ලෙස සිටියදීත් මගෙන් ඊට මගෙන් කට උත්තර ගත්තා.ඒ අරගල හරහා තමයි අපත් මෙතෙන්ට ආවේ.

    76 වසරක සාපය ගැන කියද්දී අප කතා කරන්නේ දේශපාලන සාපයක් ගැන.නැතිනම් ලෝකය වෙනස් වීමත් සමඟ රටේ ඇතිවුණු සංවර්ධනය අප නොතකන්නේ නැහැ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    GIF by filmeditor
     
    • Haha
    Reactions: Asmodeus