නිදා සිටින අතරවාරයේදී හෝ නින්දෙන් අවදිවීමට මොහොතකට පෙර පිපිරුම් වැනි ප්‍රබල ශබ්ද (auditory hallucinations) ශ්‍රවණය වන "sleep disorder" ගනයට අයත් ආබාධ තත්ත්වයක් ලෙස "Exploding head syndrome (EHS)" නම් ආබාධ තත්ත්වය සලකනු ලබනවා. ප්‍රබල ශබ්දවලට අමතරව ඇතැම් අවස්ථාවලදී දීප්තිමත් ආලෝක ධාරාවන් දිස්වීම, මස්පිඩු වෙව්ලීම සහ මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේදී ශරීරයට දැඩි උණුසුමක් දැනීම මේ "Exploding head syndrome (EHS)" හිදී දක්නට ලැබෙන අමතර රෝග ලක්ෂණ ලෙස සදහන් කළ හැකියි.
මෙම "Exploding head syndrome (EHS)" භයානක නොවන, සුලභ ආබාධ තත්ත්වයක් ලෙස සලකනු ලබන අතර ලෝක ජනගහනයෙන් 10% ත් 18% ත් අතර ප්‍රතිශතයක් මෙම ආබාධ තත්ත්වයට තම ජීවිත කාලය තුළදී අවම වශයෙන් එක්වරක් හෝ මුහුණ දී තිබෙන බවට සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ආබාධ තත්ත්වය මගින් බිය, කාංසාව (anxiety) සහ නින්ද නොයාමේ රෝගී තත්ත්වය (Insomnia) ඇති කරවීමේ අවදානමක් පවතින බවයි හදුනාගෙන තිබෙන්නේ. මොළයේ ක්‍රියාකාරීත්වයෙ'හි හටගනු ලබන හදිසි ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් මෙම "Exploding head syndrome (EHS)" හටගැනීම සිදුවන බවට සැක කළ ද මෙම ආබාධ තත්ත්වය ඇති කරවීමට හේතු වන කරුණු මොනවාදැයි යන්න පිළිබදව නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට විද්‍යාඥයන් හට මෙතෙක් නොහැකි වී තිබෙනවා. පහත වීඩියෝවෙන් සාකච්ඡා කරනු ලබන්නේ මෙම ආබාධ තත්ත්වය පිළිබදවයි.

Last edited: