🤸‍♀️🚫 ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉවත් කරන ලද අනතුරුදායී, තහනම් ජිම්නාස්ටික් කුසලතාවය - "Korbut flip" 🤸‍♀️🚫

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    3SGcdJR.jpg


    ජිම්නාස්ටික් ක්‍රීඩා ඉතිහාසය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරිකව එල්ල වන අනතුරුදායකබාවය සහ වෙනත් හේතු මුල් කරගනිමින් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉවත් කළ, තහනම් ජිම්නාස්ටික් කුසලතා (gymnastics skills) කීපයක්ම හමුවනවා. මෙවැනි තහනම් කරන ලද ජිම්නාස්ටික් කුසලතා අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන සුවිශේෂ ජිම්නාස්ටික් කුසලතාවයක් ලෙස "Korbut flip" එසේත් නැත්නම් "dead loop" නමින් හදුන්වන ජිම්නාස්ටික් කුසලතාවය සැලකිය හැකියි. මෙම සුවිශේෂී ජිම්නාස්ටික් කුසලතාවය ප්‍රථම වරට අන්තර්ජාතික මට්ටමින් සහ ඔලිම්පික් මට්ටමින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ සෝවියට් සමූහාණ්ඩුව (වර්තමානයේ බෙලරුසියාව) නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තරග වැදි "Olga Korbut" නම් වූ සුප්‍රසිද්ධ ජිම්නාස්ටික් ක්‍රීඩිකාව විසිනුයි.

    "Olga Korbut"

    2864.jpg


    olga-korbut-55556.jpg


    b8ba7231b729b7968265c8f3aacf1a91.jpg


    46fdb3d804ea2b869be1e9a5d8e73567.jpg

    1972 වසරේදී බටහිර ජර්මනියේ, මියුනිච් (Munich)නගරය මූලික කරගනිමින් පැවති ඔළිම්පික් තරගාවලිය සදහා සෝවියට් සමූහාණ්ඩුව නියෝජනය කරමින් ප්‍රථම වරට තරගවැදුණු "Olga Korbut" ඒ වනවිට 17 වැනි වියේහි'යි පසුවූයේ. එම ඔලිම්පික් තරගාවලියේ "uneven bars" ඉසව්වේදී මෙම සුවිශේෂී ජිම්නාස්ටික් කුසලතාවය ප්‍රථමවරට ලොවට ඉදිරිපත් කළ "Olga Korbut" එම අංශය වෙනුවෙන් රිදී පදක්කම සහ Floor exercise, Balance beam සහ කණ්ඩායම් ඉසව් වෙනුවෙන් රන් පදක්කම් ත්‍රිත්වයක් ද සමගින් ඔලිම්පික් පදක්කම් 4 කින් පිදුම් ලැබීමට ද සමත් වුණා. 1972 පැවති ඔලිම්පික් තරගාවලියේදී ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ වැඩිම අවධානයට සහ ආදරයට පාත්‍ර වූ ක්‍රීඩිකාව බවට පත් වූ ඇයව "Sparrow from Minsk" යන අන්වර්ත නාමයෙන් ද හදුන්වනු ලබනවා.

    "Olga Korbut" විසින් 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියේ "uneven bars" ඉසව්වේදී "Korbut flip" ජිම්නාස්ටික් කුසලතාවය ඉදිරිපත් කළ අවස්ථාව


    9mZDjUJJw8Udjxh8O4y7I4xoOfHqQv9y74zwBqOBkYiZEM3BLGt1J1GbZaNQmvTI8g







    ඇය එම ඔලිම්පික් තරගාවලියේ ඉදිරිපත් වූ ඉසව්වන්ගේ විශේෂ අවස්ථාවන් (වීඩියෝ පටයේ තත්පර 10 ත් 14 ත් අතර කාලයේදී ඇය විසින් ඉදිරිපත් කළ මෙම "Korbut flip" නම් වූ සුවිශේෂී ජිම්නාස්ටික් කුසලතාවය නැරඹිය හැකියි)


    (වීඩියෝව නැරඹීම සදහා "Watch on YouTube" ලින්කුව මත ක්ලික් කරන්න)




    1976 වසරේ කැනඩාවේ, මොන්ට්‍රියෙල් නගරයේදී පැවති ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වූ "Olga Korbut", කණ්ඩායම් (Team) ඉසව්ව වෙනුවෙන් රන් පදක්කමක් සහ "Balance beam" ඉසව්ව වෙනුවෙන් රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් 1976 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේදී ලෝකයේම අවධානයට පාත්‍ර වූයේ ලොව ප්‍රථමවරට ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්වකදී ලබාදෙනු ලබන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වන ලකුණු 10 ම ලබා ගත් රොමේනියාව නියෝජනය කරමින් තරගවැදි, කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩා ඉතිහාසයේ පහළ තවත් දක්ෂතම ක්‍රීඩිකාවක් වූ "Nadia Comăneci" වෙතටයි. ඒ වන විට 14 වැනි වියෙහි පසු වූ "Nadia Comăneci" එම තරගාවලියේදී All-Around, Uneven Bars, Balance Beam යන ඉසව් වෙනුවෙන් රන් පදක්කම ත්‍රිත්වකින් ද, කණ්ඩායම් (Team) ඉසව්ව වෙනුවෙන් ‍රිදී පදක්කමකින් සහ "Floor Exercise" ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කමකින් පිදුම් ලැබීමට ද සමත් වුණා.

    Nadia Comăneci

    Nadia-Comaneci-1976-Summer-Olympics-Montreal-1976.jpg




    (වීඩියෝව නැරඹීම සදහා "Watch on YouTube" ලින්කුව මත ක්ලික් කරන්න)



    1977 වසරේදී "Olga Korbut" ජිම්නාස්ටික් ක්‍රීඩා පිටියෙන් සමුගත් අතර ඒ වන විට ඇය 22 වියෙහි'යි පසුවූයේ. "Olga Korbut" පසුව විවිධ රටවල් නියෝජනය කළ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු විසින් "Korbut flip" ඉරියව්වෙහි වැඩි දියුණු කළ සංස්කරණයන් (Versions) අන්තර්ජාතික මට්ටමෙහි සහ දේශීය මට්ටමේ ජිම්නාස්ටික් තරගාවලියන්හීදී ඉදිරිපත් කළ අතර මෙම ක්‍රීඩිකාවන් අතරින් "Elena Mukhina" (සෝවියට් සමූහාණ්ඩුව), "Radka Zemanova" (චෙක් ජනරජය), "Steffi Kräker" (ජර්මනිය), "Lyubov Bogdanova" (සෝවියට් සමූහාණ්ඩුව), "Natalia Shaposhnikova" (සෝවියට් සමූහාණ්ඩුව), සහ "Emily May" (ඇමරිකා එක්සත් ජනපදය) ප්‍රධාන ස්ථානයක් ගනු ලබනවා. කෙසේ වෙතත් මෙම "Korbut flip" (Dead loop) නමින් හදුන්වන සුවිශේෂ ජිම්නාස්ටික් ඉරියව්ව 1980 දශකයේ මුල් භාගයේදී ජිම්නාස්ටික් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉවත් කළ, තහනම් ඉරියව්වක් බවට ප්‍රකාශයට පත් කිරීමට අන්තර්ජාතික ජිම්නාස්ටික් සම්මේලනය (International Gymnastics Federation) මගින් තීරණය කරනු ලබනවා. මෙම "Korbut flip" ඉරියව්වේ පවතින සංකීර්ණබාවය සහ ඉතා සුළු අතපසුවීමකින් ක්‍රීඩිකාවන්ගේ හිසට සහ ගෙලට එල්ල විය හැකි දරුණු ගනයේ අනතුරු වළක්වාලීමේ අරමුණ පෙරදැරි කර ගනිමිනුයි ඔවුන් මේ තීරණය ගනු ලැබුවේ.

    කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩා ක්ෂේත්‍රය නවමු මානයකට රැගෙන ගිය විශිෂ්ටතම සහ පෙරළිකාරම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක ලෙස ගෞරවාදරයට පාත්‍ර වන "Olga Korbut", 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිත්‍ය පුරවැසිභාවය ලබාගත් අතර ඉන්පසු කාලයක්ම ජිම්නාස්ටික් උපදේශිකාවක ලෙස ද කටයුතු කළ ඇය මේ වන විට 69 වෙනි වියේහි'යි පසුවන්නේ.



    2022 වසරේදී ඇය සහභාගි වූ වැඩසටහනක සහ සාකච්ඡාවක කොටසක්




    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    A few years ago she was auctioning her Olympic medals to raise money for living. She now lives somewhere in the USA. :(
    ඇයි මෙයාටයි තව female gymnasist කීපදෙනෙක්ටමයි මෙයාලගෙ කෝච්ගෙන් අතවර වුණා කියලත් පස්සෙ කාලෙක
    allegations ආවනෙ. මෙයාම ඔය ගැන පහුගිය කාලෙ සෑහෙන විස්තර කතා කරලා තිබුණා මීඩියාවලට දීපු interviews වලදි. අපිට බාහිරින් පේන දේට වඩා ඇතුළෙ හැංගිලා තියෙන යථාර්තෙ හුගක් ඛේදනීයයි. :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ඇයි මෙයාටයි තව female gymnasist කීපදෙනෙක්ටමයි මෙයාලගෙ කෝච්ගෙන් අතවර වුණා කියලත් පස්සෙ කාලෙක
    allegations ආවනෙ. මෙයාම ඔය ගැන පහුගිය කාලෙ සෑහෙන විස්තර කතා කරලා තිබුණා මීඩියාවලට දීපු interviews වලදි. අපිට බාහිරින් පේන දේට වඩා ඇතුළෙ හැංගිලා තියෙන යථාර්තෙ හුගක් ඛේදනීයයි. :(
    I haven't watched these interviews but remember that when another gymnast overdosed herself, leaving a suicide nore accusing the coach an investigation took place. But it was dropped citing lack of proper evidence.
    I also remember that her only son was involved with a counterfeit currency scandal in the USA and was charged.

    Even Nadia Comaneci accused that she was brutally treated and sexually assaulted by her coach. As you said all is not so rosy.