එදිනෙදා ජීවිතේදි එක එක තැන්වලදි එක එක මිනිස්සු හම්බෙනව, හිනාවෙනව කතාකරනවනෙ. ඒක සාමාන්‍ය දෙයක්නෙ. ඒත් සමහර අය හිතට දැනෙනව වැඩියි. සමහර අය දැකල පුරුදු ගතියක්, සමීප ගතියක් දැනෙනව. ආයෙත් දවසක හම්බෙන්න තිබ්බනං වචනයක් දෙකක් කතා කරන්න තිබ්බනං කියල හිතෙනව. ඒත් කවදාවත් ආයෙ හම්බෙලා නෑ. කාලෙත් එක්ක ඒ අය අමතකත් වෙනව. මට ඒ වගේ සිද්ධිවලදි දැනුණ හැඟීම වචනෙන් කියන්න අමාරුයි. නිකං හාට් එක මෙව්ව උනා වගේ...දෙයක්.
මම කියන්නෙ තත්ත්පර ගාණකට හම්බවෙච්ච මූණු ගැන. බස් එකක ජනේලෙ අයිනෙ ඉන්නකොට දැකපු පාර අයිනෙ ඉන්න කෙනෙක් වගේ දේවල්.
ඔයගොල්ලොන්ටත් මේ වගේ සිද්ධි වෙලා තියෙනව ද? සමහර කට්ටිය ගැන විශේෂ හැඟීමක් ඇති වෙලා තියෙනව ද? එහෙම කට්ටිය ආයෙත් දවසක හම්බෙලා, හිනාවෙලා කතාකරල තියෙනව ද?ඔයගොල්ලොන්ට වෙලා තියෙන දේවලුත් කැමැතිනම් බෙදා ගන්න.
මගේ කතාවට මේ සිංදුවනම් ලොකු අදාළත්වයක් නෑ. ඒත් මේ සිංදුව අහනකොටත් මට දැනෙන්නෙ උඩ කිව්ව සිද්ධිවලදි දැනුණ වගේ හැඟීමක්.

Last edited: