කොරෝනා වෛරසයට බෙහෙවින් සමාන වෛරස සහිත වවුලන් විශේෂයක් විද්‍යාඥයින් විසින් ලාඕසයෙන් හඳුනාගෙන තිබෙනවා.
මෙම වවුල් විශේෂය තුළ කොරෝනා වෛරසයට සමාන වෛරස් වර්ග 03ක් පැවති බව සඳහන්.
උතුරු දිග ලාඕසයේ ලෙන් තුළ වසන මෙම වවුලන් 645 දෙනෙකුගේ අපද්‍රව්‍ය සාම්පල ප්‍රංශයේ පාස්චර් පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි එම නිගමනයට එළැඹී ඇත්තේ.
එහිදී අනාවරණ වී ඇති කරුණක් වන්නේ මෙම වවුලන් තුළ කොරෝනා වෛරසයට සමාන වෛරස් 95% ක් පමණ පැවති බවයි.
එමෙන්ම, කොරෝනා වෛරසය විද්‍යාගාරයක නිර්මාණය කරන ලද්දක් නොව ස්වභාවයෙන් බිහි වූවක් බව මෙමඟින් වැඩි දුරටත් තහවුරු වන්නේ යැයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ වෛරස් විද්‍යාඥ එඩ්වඩ් හෝම්ස් පෙන්වා දෙනවා.......
වෛරස් විද්‍යාඥ එඩ්වඩ් හෝම්ස්
nethgossip.lk ඇසුරෙනි.
වැඩිදුර තොරතුරු:
Closest known relatives of virus behind COVID-19 found in Laos
Viruses found in Laos bats are closest known relatives to SARS-CoV-2