ඇමරිකාවෙ, නිව් යෝර්ක්වල 'Brooklyn' නගරයේ පිහිටලා තියෙන "The Bone Museum" කියන පුද්ගලික කෞතුකාගාරෙන් තමයි මේ චැනල් එක කරන්නෙ. පොදුවේ ගත්තොත් "Human anatomy" (මානව ව්‍යුහ විද්‍යාව) සහ ඒ විෂය පථය යටතෙ තියෙන අනු විෂයක් වෙන "Human osteology" (මානව අස්ථි විද්‍යාව) ගැන වගේම "forensic pathology" සහ "medical bone trade" කියන ක්ෂේත්‍රය ගැන කරුණුත් බොහොම සරලව වගේම පැහැදිලිව මේගොල්ලන්ගෙ වීඩියෝස්වලදි කියලා දෙනවා.