නියුමෝනියා රෝගය හා එයින් වැළකීමේ ඇති වැදගත්කම පිළිබදව දැනුවත් කිර්‍රිමට සෑම වසරකම වෙන් කර ඇති දිනය වන්නේ නොවැම්බර් 12 වන දිනයයි. මෙවර ලෝක නියුමෝනියා දිනයේ තේමාව වන්නේ " Stop Pneumonia / Every Breath Counts" යන්නයි.
නියුමෝනියා රෝගය යනු:
බෝවන හා බෝ නොවන කාරක මගින් ඇතිවන නියුමෝනියාව. නියුමෝනියා යනු පෙනහළුවල ඇතිවන ආසාදන ප්‍රතික්‍රියාවකි. බොහෝ අවස්තාවල දී මෙය විග්‍රහ කරනුයේ පෙනහළු පටකවල ගර්තවල ආසාදනයක් සහ අසාමාන්‍ය ලෙසට ඒවා තරලවලින් පිරීමක් ලෙසටය. (ගර්ත යනු අන්වීක්ෂීය වාතය පිරුණු මලු වැනි ව්‍යුහ වන අතර ඒවා බාහිර වායුගෝලයෙන් ඔක්සිජන් අවශෝෂණය කිරීමට උපකාරීවේ.) විවිධාකාර හේතු නිසා නියුමෝනියාව ඇතිවේ. ඒවානම් බැක්ටීරියා වෛරස , දිලීර , පරපෝෂීන් මගින් වන ආසාදන , රසායනික ද්‍රව්‍ය හෝ පෙනහළු වලට වන අනතුරක් විය හැකිය. නියුමෝනියාව ඇතිවීම සදහා වූ සියළුම හේතු බැහැර කළ විට එම නියුමෝනියාව අහේතුකව ඇතිවන්නක් නම්වේ.
නියුමෝනියාවේ රෝග ලක්ෂණය වන්නේ කැස්ස, පපුවේ වේදනාව , උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවයි. රෝග විනිශ්චය සදහා x කිරණ පරීක්ෂණ සහ සෙම පටල පරීක්ෂාව උපකාරී වේ. රෝග සදහා ප්‍රතිකාර කිරීම රෝගයට මුල් වූ හේතු කාරකය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙසට බැක්ටීරියාවන් මගින් ඇතිවන නියුමෝනියාවට ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය මගිනි.
නියුමෝනියාව යනු සියළුම වයස් කාණ්ඩ වලට පොදුවේ දක්නට ලැබෙන රෝගයකි. තවද, එය වයස්ගත හා බොහෝ රෝගී පුද්ගලයින්ට මරණය අත් කර දෙන ප්‍රධානතම හේතුවකි. විවිධ වර්ගයේ නියුමෝනියාවන් වළක්වා ගැනීම සදහා එන්නත් වර්ග නිපදවා ඇත. රෝගයේ තත්වය තීරණය වනුයේ නියුමෝනියාවේ වර්ගය , ප්‍රතිකාර ක්‍රම , සංකූලතා හා පුද්ගලයාගේ රෝගී වන විට ඇති සෞඛ්‍ය තත්වය අනුවයි.
රෝග ලක්ෂණ:
නියුමෝනියා රෝග ලක්ෂණ ඇති විට වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. වෛද්‍ය වරයෙකු මගින් රෝගියෙකු පරීක්ෂා කිරීමේදී උණ ඇති බව හෝ ඇතැම් අවස්ථාවලදී සිරුරේ උෂ්ණත්වය අඩුවීම, ශ්වසනවේගය වැඩිවීම, රුධිර පීඩනය අඩුවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම, රුධිරයෙහි ඔක්සිජන් සංතෘප්තතාව අඩුවීම, ඇති බව නිරීක්ෂණය කිරීම මගින් නියුමෝනියාව ඇති බවට නිගමනයකට එළඹේ. අධික ලෙස හුස්ම ගැනීමට අපහසුතාවය ඇති, සිහිවිකල් වු, සම නිල්පැහැ ගැන්වුනු රෝගීන්ට වහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.
සිරුර පරීක්ෂාකර බැලීමේදී පෙනහළු වල තත්ත්වය ඇතැම් විට සාමාන්‍යය නිරෝගී තත්ත්වයක පැවතිය හැකිය. නමුත් ඇතැම් අවස්ථා වලදී උරස් කුහරයෙහි බලපෑමට ලක්වු පෙනහැල්ල ඇති කොටසෙහි හුස්ම ගැනීමේදී ඇති වන පිම්බීම අඩුවීම සහ වෙද නලාවක් මගින් ශ්‍රවණය කිරීමේදී හුස්ම ගැනීමේ රටාවෙහි ඇති වන වෙනස්වීම් (Bronchial Breathing) දක්නට හැක. බලපෑමට ලක්වු පෙනහල්ල පිහිටා ඇති උරස් කුහරයේ කොටස වෙත ඇගිල්ලෙන් තට්ටු කිරීමේ දී අතට දැනෙන කම්පනය මෙහිදී වැඩි වන අතර ස්වර පරාසයෙහි (Vocal Resonance) වැඩිවීමක් ද සංවේදනය වේ. ඉහත සදහන් කරන ලද ලක්ෂණයන් නියුමෝනියාව නිෂ්චිත වශයෙන් නිර්ණය කිරීමට ප්‍රමාණවත් නොවන අතර නොයෙකුත් සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇති අන්දමට වෛද්‍යවරු දෙදෙනකු විසින් එකම රෝගීයා පරීක්ෂා කිරීමේ දී පවා එකිනෙකට වෙනස් වු නිර්ණයන් වෙත පැමිණේ.
Last edited: