🧟🎬 "28 Days Later" සිනමාපට මාලාවේ නවමු පරිච්ඡේදයක සම්ප්‍රාප්තිය - "28 Years Later" 🎥☣️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    p6GyYt1.jpg

    "Rage virus" නමින් හදුන්වන දරුණු ගණයේ වෛරසයක් හේතුවෙන් මිනිසුන්, සොම්බීන්ගේ ස්වභාවයක් ගත් රුදුරු ගති ලක්ෂණවලින් යුත් පිරිසක් බවට පත් කළ ලෝකයක් තුළ තම දිවි බේරාගනිමින් එම වෛරසයේ බලපෑමට හසු නොවුණු කලාපයක් වෙත ගමන් කිරීම සදහා මිනිසුන් කණ්ඩායමක් විසින් දරණ ප්‍රයත්නයක කතා තේමාවක් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන"Danny Boyle" (Slumdog Millionaire, Trainspotting, Sunshine, 127 hours, Steve Jobs වැනි සම්මානනීය සිනමාපටයන් අධ්‍යක්ෂණය කළ) විසින් 2002 වසරේදී රිදී තිරයට ගෙන ආ "21 Days Later" නම් සිනමාපටයට පාදක වුණා."Zombie genre" වර්ගයට අයත් සිනමා ධාරාවේ නව පිබිදීමක් ඇති කළ මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවුණු ලැබුවේ "Cillian Murphy" විසිනුයි. මීට අමතරව Brendan Gleeson, Naomie Harris සහ Christopher Eccleston යන ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිණියන් ද සිනමාපටයේ සෙසු චරිතයන් සදහා මෙහිදී රංගනයෙන් දායක වුණා. සිනමා විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ නොමද පැසසුම් වලට ලක් වූ "21 Days Later" සිනමාපට මාලාවේ දෙවන කොටස වූ "28 Weeks Later" (Danny Boyle සහ Alex Garland මේ සිනමාපටය වෙනුවෙන් නිර්මාණ කාර්යයෙන් දායක වූයේ නැත) 2007 වර්ෂයේදී තිරගත කරනු ලැබුවා.

    "28 Days Later" සිනමාපටයේ ප්‍රධාන තේමා සංගීතය : "In the House - In a Heartbeat" by John Murphy
    (ෆිල්ම් එක නොබලපු කෙනෙක් වුණත් මේ Theme music එක නොදැනගෙන ඉන්න විදිහක් නෑ :yes: :))

    මේ අතර හොලිවුඩයෙන් ලැබෙන නවතම නිල වාර්තාවන්ට අනුව "21 days later" සිනමාපට මාලාවේ නවතම පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට "21 Days Later" සිනමාපටය අධ්‍යක්ෂණය කළ "Danny Boyle" සහ එහි තිරපිටපත රචනා කළ ග්‍රන්ථ රචකයෙකු, තිරපිටපත් රචකයකු සහ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වන "Alex Garland" (Ex machina, Annihilation යන සිනමාපටවල හා මේ වසරේ තිරගත වීමට නියමිතව ඇති Civil war සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා ද මොහුයි) මේ වනවිට සූදානම් වෙමින් පවතින බව පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. "28 Years Later" ලෙස නම් කොට ඇති මෙම නව සිනමාපටය බොහෝ විට "28 Weeks Later" සිනමාපටයට සම්බන්ධ නොවන "21 Days Later" සිනමාපටයෙහි ඇතුළත් වූ කතාංගය හා එහි ඇතුළත් වූ චරිතයන්ට අනුබද්ධ වූ කතා තේමාවක් ඔස්සේ ගලා යා හැකි බවයි බහුතරයක් වන සිනමා ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය වී තිබෙන්නේ.

    Sony-Pictures-logo.jpg

    "Sony pictures" සමාගම විසින් මෙම සිනමාපටයේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු පිළිබද අයිතිය මේ වන විට හිමි කරගෙන ඇති අතර "28 Years Later" සිනමාපටයෙන් ඇරඹෙන නව සිනමාපටයන් ත්‍රිත්වයක් (Trilogy) ලෙස මෙහි නිර්මාණ කටයුතු සිදු කිරීමට ඔවුන් සූදානමින් පසුවන බවත් හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ගයන්ට අනුව ප්‍රකාශ වෙනවා. සුපුරුදු පරිදි "Danny Boyle" අධ්‍යක්ෂණයෙන් හා "Alex Garland" තිරපිටපත් රචනයෙන් දායක වීමට නියමිතව ඇති "28 Years Later" සදහා "Cillian Murphy" රංගනයෙන් දායක වේද යන වග මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර ඔහු සිනමාපටයෙහි විධායක නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති බවට නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

    "Oppenheimer' සිනමාපටයේ ප්‍රචාරක කටයුතු අතරතුර පවත්වපු සම්මුඛ සාකච්ඡාවලදි "28 Years Later" සිනමාපටය ගැන "Cillian Murphy" ගෙන් විමසපු ප්‍රශ්ණවලට ඔහු ලබාදුන්නු පිළිතුරු

    ✍️🖼️ ලිපිය සහ ඡායාරූප සැකසුම: @Stimulus mind 🖼️✍️
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    Bump. උඹ මේ ෆිල්ම් එක බලල තියෙනවද? 2002 ආපු එක? කොහොමද හොඳයිද? ට්‍රේලර් එක බැලුවට ලොකු ආසාවක් ආවෙ නෑ
    ෆිල්ම් එක නම් හුගක් හොදයි. Digital film cameras ආපු මුල්ම කාලෙ ෂූට් කරපු ෆිල්ම් එකක් නිසා ෆිල්ම් එකේ රූපරාමුවල low quality, Dark, Shaky cam ගතියක් තියෙන්නෙ. කොහොමත් මං හිතන්නෙ ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු ඩැනී බොයිල්, ෆිල්ම් එකට dark, gritty, documentary ෆීල් එකක් ගන්න ගත්තු creative choice එකක් හින්දා මං හිතන්නෙ ඔය විදිහට ෂූට් කරන්න ඇත්තෙ. ඔය ගතිය හින්දා ෆිල්ම් එක බලද්දි සෑහෙන realistic ගතියක් එකක් දැනෙන්නෙ. 2007 ආපු "28 weeks later" ෆිල්ම් එකත් හුගක් හොදයි පළවෙනි එක තරම්ම හොද නොවුනට. :yes:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,009
    113
    අපායෙ දොරකඩ

    දැන් ඉතින් ආයෙ බලන්නමයි හිතෙන්නෙ (✿◕‿◕✿)
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ෆිල්ම් එක නම් හුගක් හොදයි. Digital film cameras ආපු මුල්ම කාලෙ ෂූට් කරපු ෆිල්ම් එකක් නිසා ෆිල්ම් එකේ රූපරාමුවල low quality, Dark, Shaky cam ගතියක් තියෙන්නෙ. කොහොමත් මං හිතන්නෙ ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු ඩැනී බොයිල්, ෆිල්ම් එකට dark, gritty, documentary ෆීල් එකක් ගන්න ගත්තු creative choice එකක් හින්දා මං හිතන්නෙ ඔය විදිහට ෂූට් කරන්න ඇත්තෙ. ඔය ගතිය හින්දා ෆිල්ම් එක බලද්දි සෑහෙන realistic ගතියක් එකක් දැනෙන්නෙ. 2007 ආපු "28 weeks later" ෆිල්ම් එකත් හුගක් හොදයි පළවෙනි එක තරම්ම හොද නොවුනට. :yes:
    එහෙනම් බලමු🫡
     
    Similar threads