🧭 මාලිමාව විසින් පිහිටවූ වාර්තා ❤️

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    මෙවර මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයින් 05 දෙනා කවුදැයි ඔබ දන්නවාද?

    2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන් අපේක්ෂකයින් ලබා ගත් මනාප ගණන කෙරෙහි යොමු වී තිබේ.

    මේ, මෙවර මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයින් 05 දෙනා පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

    💟 විජිත හේරත්

    මහා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකර ගැනීමට විජිත හේරත් මහතා සමත්විය. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 716,715 කි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඔහු ලබා ගෙන තිබූ මනාප සංඛ්‍යාව 527,364 කි.

    💟 හරිනි අමරසූරිය

    2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289 ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගණනක් ලබා ගත් අපේක්ෂිකාව බවට පත්වූවාය.

    මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඉකුත් සැප්තැම්බර් මස 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නාය. ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය.

    ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වීමට පෙර ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටි අතර, 2020 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය හිමි කරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් වූවාය.

    💟 වෛද්‍ය නලින් ද ජයතිස්ස

    නලින් ද ජයතිස්ස මහතා තුන් වැනි ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් මහා මැතිවරණ අපෙක්ෂකයා බවට පත්විය. ඒ, ඡන්ද 371,640 ක් ලබා ගනිමිනි. ඔහු මැතිවරණයට තරඟ කරනු ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

    💟 නාමල් කරුණාරත්න

    නාමල් කරුණාරත්න මහතා මනාප ඡන්ද 356,969 ක් ලබා ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කරමිනි.

    💟 කේ. ඩී. ලාල්කාන්ත

    මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරමින් මනාප ඡන්ද 316,951 ක් ලබා ගැනීමට කේ. ඩී. ලාල්කාන්ත මහතා සමත් විය.

    ━━━━━━━━━━━━━━━━━━━━━━

    ©️ උපුටා ගැනීම 🌷
    BBC News සිංහල වෙබ් අඩවියෙන් 🌾
     
    • Like
    Reactions: NRTG and ElaBaba

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    එක අමුතුම දෙයක් නෙවේ බන් ඉතින්
    මෙහෙමනෙ බන් ඕක අමුතු දෙයක් වෙන්නෙ, මෙච්චර කල් දකුන ගන්න එකාට උතුර නෑ, උතුර ගන්න එකාට දකුන නෑ. මේ පාර උතුරයි දකුණයි සේරම එකම එකෙක් ගත්තා.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    images
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙමනෙ බන් ඕක අමුතු දෙයක් වෙන්නෙ, මෙච්චර කල් දකුන ගන්න එකාට උතුර නෑ, උතුර ගන්න එකාට දකුන නෑ. මේ පාර උතුරයි දකුණයි සේරම එකම එකෙක් ගත්තා.

    එක එහෙම තමා බන්. ඇමරිකාවේ උනත් එහෙමයි. බටහිර ගන්න එකාට නැගෙනහිර නෑ. නැගෙනහිර ගන්න එකාට බටහිර නෑ.

    උතුරු ගත්තා කිව්වට උතුර චන්දේ දීල තියෙන්නෙ. මාලිමාවෙන් තරග කරපු අපේක්ෂකයට මිසක් මාලිමාවට නෙවේ. එහෙනම් ජනාධිපතිවරනෙ අනුරට දාන්න එපාය චන්දේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    එක එහෙම තමා බන්. ඇමරිකාවේ උනත් එහෙමයි. බටහිර ගන්න එකාට නැගෙනහිර නෑ. නැගෙනහිර ගන්න එකාට බටහිර නෑ.

    උතුරු ගත්තා කිව්වට උතුර චන්දේ දීල තියෙන්නෙ. මාලිමාවෙන් තරග කරපු අපේක්ෂකයට මිසක් මාලිමාවට නෙවේ. එහෙනම් ජනාධිපතිවරනෙ අනුරට දාන්න එපාය චන්දේ.
    ස්වින්ග් එකක් වගේ නෙවෙයි, බ්ලු ස්ටේට් එකක් මෙදා පාර රෙඩ් උනුත් ඒක අමුතු දෙයක්නෙ.

    රනිලයි සජියයි පච කෙලලා බය කරපු බය කිරිල්ලට ජනාදිපතිවරනෙදි දකුනෙ ඡන්දවත් අනුරට ලැබුනෙ නෑ බන්. දින්නට පස්සෙ මාලිමා කාරයො මිනි මරන්න තියා අඩුම ගානේ ට්‍රාන්ස්ෆෝමරේකට කෙලින්න තරම් වත් උවමනාවක් නැති කම්මැලි කුසීත ජාතියක් කියලා මිනිස්සුන්ට තේරුම් ගියා. ඒකයි සිලින්ඩර චන්ද කුට්ටි පිටින් ජීවිතේට දැකල තිබ්බ නැති මාලිමා අපේක්ශයොන්ට චන්දෙ දුන්නෙ. උතුරෙත් කතාවත් ඒකම තමයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,138
    113
    දෙහිවල
    අනුරට සුළු ජනා කියලා කිව්ව සිලින්ඩර ටැලිපෝන් ටොයියන්ට ස්තූතියි. උබල නැත්නම් උතුරු නැගෙනහිර වතුකර චන්ද ගන්න එක අපිට හීනයක් වෙන්න තිබ්බා.
    කදිමයි පොන්නයෝ කදිමයි :love:
     
    • Love
    Reactions: ruchira55

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ...
    11. අඩුම කාලයකින් ඉල්ලා අස්වූ කතානයක

    NPP එකට දුන්නේ මේවා බලාපොරොත්තුවෙන් තමයි :love2:
     
    • Like
    Reactions: KDH