🪐 ජ්‍යෝතිෂ්‍යය සහ තාරකා විද්‍යාව

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව යනු බොහෝ විට එකිනෙක සමඟ අනුකූලතා මෙන්ම ව්‍යාකුලතා ද පෙන්වන විෂයය ක්‍ෂේත්‍ර දෙකකි. මේවා දෙස සංසන්දනාත්මක බැලීමේදී දැකිය හැකි පරස්පරතා කීපයක් මෙසේය;

    තාරකා විද්‍යාව යනු තාරකා, ග්‍රහලෝක, වල්ගාතරු සහ මන්දාකිණි වැනි ආකාශ වස්තූන් සහ ඒවා හා සම්බන්ධ සංසිද්ධීන් සහ ඒවායේ භෞතික හා රසායනික ගුණාංග පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි. අනෙක් අතට, ජ්‍යොතිෂය යනු ආකාශ වස්තූන්ගේ බලපෑම මිනිස් කටයුතු සහ ස්වභාවික සංසිද්ධීන් මත යෙදෙන්නාවූ ආකාරය අධ්‍යයනය කිරීමයි.

    astro.JPG


    තාරකා විද්‍යාව, විද්‍යාත්මක මූලධර්ම මත පදනම් වන අතර ආකාශ වස්තූන්ගේ ස්වභාවය සහ හැසිරීම් තේරුම් ගැනීමට විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරයි. අනෙක් අතට, ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය පදනම් වී ඇත්තේ ආකාශ වස්තූන්ගේ පිහිටීම් සහ මානව කටයුතු අතර සම්බන්ධයක් ඇති බවට වන විශ්වාසය මතයි. ඒ විශ්වාසය මත පිහිටා සත්වයින් ගේ සහ ස්වභාවික සංසිද්ධීන් වල අනාගත තත්වයන් පුරෝකථන (අනාවැකි කීම) කරමින් ඇතිවිය හැකි අයහපත් තත්වයන් මඟහරවා ගතහැකි මාර්ගය පෙන්වා දීම ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයේ මුඛ්‍ය අරමුණ වේ.
    මීට අමතරව තාරකා විද්‍යාව එහි න්‍යායන් සහ උපකල්පන වලංගු කිරීම සඳහා ආනුභවික සාක්ෂි සහ නිරීක්ෂණ භාවිතා කරයි. නමුත් ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයේ දැක්වෙන බොහෝ කරුණු එසේ ආනුභවික සාක්ෂි මගින් සනාථ කිරීමට නොහැකිව තිබේ. මේ තත්ත්වයන් හේතුවෙන් ජ්‍යෝතිෂය බොහෝ නූතන උගතුන්ගේ දැඩි විවේචනය ට ත් ඇතමුන්ගේ ගර්හාවට ත් ලක්වෙමින් තිබේ.
    මෙහිදී ජ්‍යෝතිර්වේදීන් වන අපගේ වගකීම සහ යුතුකම වන්නේ එල්ලවන විවේචන කෙරෙහි නිසි අවධානය යොමුකරමින් සාධනීය විවේචන භාරගෙන ඒවා විෂයය ශෝධනය පිණිස යොදාගැනීමත්, පදනම් විරහිත නිර්දය විවේචන වෙතොත් ඒවා ඛණ්ඩනය කරමින් මේ ශාස්ත්‍රයේ සුජාත භාවය ආරක්‍ෂා කරගැනීමට නොසැලී කටයුතු කිරීමත් වේ.
    --
     
    Last edited: