03 සැඟවුණු මරුවා

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    03 සැඟවුණු මරුවා

    Sniper ගැන තෙවන ලිපිය

    ස්නයිපර් අවියක් කියන්නේ බරෙන් අඩු අවියක් කියා පසුගිය ලිපියේදී කිව්වා. එහෙත් හැම විටම එය ප්‍රායෝගිකව එහෙම නෙවෙයි. විවිධ අවශ්‍යතා නිසා බරෙන් වැඩි අවි ද තිබෙනවා. නමුත් මා අත්දැකීමෙන් දන්නවා ස්නයිපර් අවියක් තද පොළොවක් මත ඉහල සිට බිමට වැටුනත් හානි සිදුවන අවස්ථා තියනවා. විශේෂයෙන් ඉලක්කය ගැනීම විකෘති වෙනවා. ස්නයිපර් පුහුණුව නැති පුද්ගලයකු ඒ තුවක්කුවකින් වෙඩි තැබුවොත් එහි අභ්‍යන්තර කොටස්වල ක්‍රියාකාරිත්වයට (උදා; බෝල්ට් එකේ ක්‍රියාකාරිත්වය, ට්‍රිගරයේ ක්‍රියාකාරිත්වය, වැනි දේ) හානි සිදුවෙනවා. මේ නිසා ස්නයිපර් වරයෙක් තමන් විසින් සියුම් ලෙස සීරු මාරු කර සාදාගත් තුවක්කුව වෙනත් ස්නයිපර් වරයකුටවත් දෙන්නේ නැහැ.

    107.jpg


    මීට පෙර මා ඔබට විවිධ තුවක්කු කීපයක් පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දක්වා තිබෙනවා. නමුත් ස්නයිපර් තුවක්කුවේ කෑල්ලෙන් කෑල්ල විස්තර කරන්න යන්නේ නැහැ. විශේෂතා පමණක් කියන්නම්. අනෙකුත් තුවක්කුවකට වඩා ස්නයිපර් තුවක්කුවක තිබෙන වෙනස්කම් මෙසේයි.
    1. අනෙක් තුවක්කු සම්පුර්ණ ස්වයංක්‍රීය තුවක්කු වුනත්,(Full Automatic) ස්නයිපර් තුවක්කුවක් අනිවාර්යයෙන්ම අර්ධ ස්වයංක්‍රීය (Semi Automatic) හෝ වරකට එක උණ්ඩයක් පමණක් යෙදිය හැකි (Manual Loading) ආකාරයටයි සකසා තිබෙන්නේ. එයට හේතුව ස්නයිපර් අවියකින් කිසිවිටෙකත් පොකුරු වෙඩි (Burst) තැබීමට අවශ්‍ය නොවන නිසයි.
    2. ස්නයිපර් තුවක්කුවකට අනිවාර්යයෙන්ම දුර දක්නයක් (Scope) සවිකර තිබෙනවා. දුර දක්නයක් නැතිව ස්නයිප් කරන්න බැහැ. මෙම දුරදක්න දිවා කාලයට (Day Scope) මෙන්ම රාත්‍රී කාලයටද (Night Scope) ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසා තියනවා. (දුරදක්නයටම සවිකළ GPS සහ සන්නිවේදන පහසුකම් මගින් තමන් දකින ඉලක්කය තවත් කෙනෙකු වෙත සියලු දත්ත සහිතව සම්ප්‍රේෂණය කළහැකි තත්වයට අද වැඩි දියුණු කර තිබෙනවා) මෙහි දැක්වෙන අද කාලයේ වඩාත් ජනප්‍රිය මෙන්ම දුර ඉලක්ක ගැනීමට සුදුසු ස්නයිපර් අවියක් ලෙස පිළිගැනෙන එම් 107 අවිය ගැන කෙටි විස්තරයක් කරන්නම්.
    පසුගිය ලිපියෙනුත් මා මෙම තුවක්කුවේම විස්තර දැක ගැනීමට ඔබට සබැඳියාවක් ලබාදුන්නා. එහෙත් සිංහලෙන් කියවන පාඨකයන් වෙනුවෙන් ඒ ගැන කෙටි විස්තරයක් සිංහලෙන් කිරීම සුදුසු බව හැඟුණ නිසයි මෙසේ කරන්නේ.


    1. නම : M107 .50 Caliber Long Range Sniper Rifle (LRSR)
    2. නිපදවන රට : ඇමරිකා එක්සත් ජනපදය
    3. මුලින්ම නිපදවූ වර්ෂය : 2002
    4. තුවක්කුවේ කැලිබරය : අඟල් 0.50 (12.7 මිලි මීටර්)
    5. යොදන පතරොම් වර්ගය : .50 Browning Machine Gun (12.7 x 99 mm)
    6. තුවක්කුවේ බර (පතරොම් නැතිව, දුර දක්නය සවිකර) : රාත්තල් 28.5 (12.9 kg)
    7. තුවක්කුවේ දිග : සම්පුර්ණයෙන් දිගහැරිය විට අඟල් 57 (1,448 mm) මිට හැකිලූ විට අඟල් 38 (965 mm)
    8. තුවක්කු බටයේ දිග : අඟල් 29 (737 mm)
    9. මැගසිනයට වරකට දැමිය හැකි පතරොම් ගණන : 10 යි
    10. පතරොම් 10 ක් දැමූ මැගසිනයේ බර : රාත්තල් 4යි අවුන්ස 12 යි (1.87 kg)
    11. උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : තත්පරයකට අඩි 2,800 (853 තත්පරයකට මීටර්)
    12. උණ්ඩයක් ගමන්කරන උපරිම දුර : යාර 7,450 (6,812 මීටර්)
    13. උපරිම සඵල වෙඩි දුර : යාර 2,000 (1,829 මීටර්)

    50-round.jpg


    මේ තුවක්කුව ගැන මීටවඩා තාක්ෂණික තොරතුරු රැසක් ඇතත් ඒ සියල්ල මෙහි ඇතුලත් නොකළේ පහත වෙනම තැනකින් එය ඔබට ඉදිරිපත් කරන නිසයි. මෙම තුවක්කුවට යොදන පතරොම ඉතා විශාල පතරොමක්. මේ බලන්න එහි ප්‍රමාණය. ගුවන් යානා නාශක තුවක්කු වලට යොදන්නෙත් මේ පතරොම් වර්ගයමයි. ඉහත පින්තුරයේ තුවක්කුව සමග පෙන්වා ඇති පතරොම් වල තුඩ කොලපාට බවත් මේ සමග ඇති රුපයේ පෙන්වන පතරොමේ තුඩ රතුපාට බවත් පෙනෙනවාද? එසේ වීමට හේතුව මීට පෙර මම ඔබට කියාදුන්නා මතකද?

    bullet.jpg


    පතරොම් තියෙන්නේ තුවක්කු වලට දමා වෙඩි තියන්නනේ. ඒත් ඉතින් යුද බිමේ ඉන්න සෙබලාට අවුරුද්දට කැවුම් බදින තාච්චුව වෙන්නේ යකඩ හිස්වැස්ම, කොකිස් අච්චුව වෙන්නේ මෝටාර් උණ්ඩයේ වලිගය කොටස. මේකත් ඒ වගේ වැඩක්. .50 වර්ගයේ හිස් කොපුවක් අහුවුනොත් කරලා බලන්න. රුපය මත ක්ලික් කර බලන්න.මාව හමුවීමට එන පළමුවැනි සියදෙනාට නොමිලේ එවැනි හිස් කොපු දෙනු ලැබේ

    rs-aeg-s181s-svd-s_1_mark.jpg


    මේ ලිපි මාලාවේදී මා ඔබේ වැඩි අවධානයට යොමු කරන්නේ ස්නයිපර් තුවක්කු ගැන නොව ස්නයිපර් වරයකුගේ කාර්යභාරය ගැනයි. එහෙත් මා හොඳින්ම දන්නවා ඔබෙන් සමහර දෙනෙක් කියන්නට ඉඩ තිබෙනවා කෝ අර තුවක්කුව ගැන කිව්වේ නැහැනේ මේ තුවක්කුව ගැන කිව්වේ නැහැනේ කියලා. ඒ නිසා තව එක තුවක්කුවක් ගැන කියන්නම්. කතාව සමබර වෙන්නත් එක්ක ඇමරිකන් කාරයාගේ තුවක්කුවට පස්සේ රුසියන් කාරයාගේ තුවක්කුවක් ගැන කියන්නම්කො. මේ තුවක්කුව අපේ හමුදාවත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ තුවක්කුව ලෝකයේ අතිශයින් ජනප්‍රිය ස්නයිපර් අවියක්.

    මෙන්න මේ තුවක්කුවේ තාක්ෂණික තොරතුරු
    1. වර්ගීකරණය : ස්නයිපර් රයිෆල්
    2. නිෂ්පාදනය කරන රට : සෝවියට් රුසියාව
    3. මුලින්ම නිපදවීම : 1958
    4. යුද කටයුතු සඳහා භාවිතය : 1963 සිට අද දක්වා
    5. සැලසුම්කරු : එව්ජෙනි ඩ්රැගුනොව්
    6. අවියේ බර (දුර දක්නය සවිකර පතරොම් නොදමා) : 4.30 කි.ග්රෑ. (9.48 රාත්තල්)
    7. අවියේ දිග : 1,225 මි.මී. (48.2 අඟල්)
    8. තුවක්කු බටයේ දිග : 610 මි.මී. (24.0 අඟල්)
    9. යොදන පතරොම් වර්ගය : 7.62 x 54
    10. යාන්ත්‍රණය : වායු පීඩනයෙන් ක්‍රියාකරන වර්තන බෝල්ට් එක
    11. උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : 830 තත්පරයකට මීටර් (2,723 තත්පරයකට අඩි)
    12. සඵල වෙඩි දුර : මීටර් 800 යි
    13. වෙඩි තැබිය හැකි උපරිම දුර : මීටර් 1200 (දුර දක්නය ආධාරයෙන්)
    14. පතරොම් යෙදීම : පතරොම් 10 ක් දැමිය හැකි මැගසිනය


    ලෝකයේ හොඳම ස්නයිපර් තුවක්කු පිලිබඳ වීඩියෝවක් පහත දක්වනවා.



    e0b6afe0b794e0b6bbe0b6afe0b69ae0b78ae0b6b1e0b6ba.jpg


    ස්නයිපර් තුවක්කුවකට සවිකළ දුරදක්නයක් තිබෙන බව මා ඉහත සඳහන් කළා ඔබට මතක ඇති. අපි ඉතා කෙටියෙන් සලකා බලමු, ඒ දුර දක්නය මොන වගේද? කොහොමද ඒ දුරදක්නය පාවිච්චි කරන්නේ? යන කරුණු. සාමාන්‍ය තුවක්කුවකට වුනත් විශේෂ ආධාරකයක් මගින් දුර දක්නයක් සවි කල හැකියි. නමුත් ස්නයිපර් තුවක්කුවක් නිෂ්පාදනය කරන්නේ දුරදක්න ආධාරකය සහිතවයි. ඒ වගේම විවිධ දුරදක්න අවශ්‍යතාව අනුව සවිකිරීමට අදාළ පහසුකම්ද ස්නයිපර් අවියක බොහෝවිට සකස්කර තිබෙනවා.

    scope.gif


    මේ දුරක්න දිවා රාත්‍රී දෙකේම පාවිච්චියට සුදුසු ආකාරයටද සකසා තිබෙනවා. එකී සැකැස්ම පිලිබඳ සරල සටහනක් මේ සමග ඉදිරිපත් කරනවා. රාත්රී දුරදක්නය තරමක් සංකීර්ණයි. ඒ නිසා ඒ ගැන විස්තර ලියන්න අදහස් කරන්නේ නැහැ.

    scope-view-day-time.jpg


    මීළඟට මා ඔබට අවස්ථාවක් දෙනවා ස්නයිපර් තුවක්කුවේ දුරදක්නයට ඇස තබා බලන්න. ඔබ දිවා කාලයේදී එවැනි දුර දක්නයකට ඇස තබා බැලුවොත් පෙනෙන්නේ මෙහෙමයි.

    3.jpg


    එසේම රාත්‍රී කාලයේදී ස්නයිපර් තුවක්කු සඳහා පාවිච්චි කරන, බැටරි බලයෙන් ක්‍රියා කරන, අධෝරක්ත කිරණ (Infra Red beam) දුරදක්න තිබෙනවා. එමෙන්ම බැටරි බලයෙන් දර්ශනය ආලෝකවත් කර, පැහැදිලි කර ලබාදෙන දුරදක්නද තිබෙනවා. මේ එවැනි දුරදක්නයකින් රාත්‍රී කාලයේදී ගත ඉලක්කයක් පෙනෙන ආකාරයයි. මේ පින්තුර දෙස බැලීමෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති ස්නයිපර් වරයකු කොතරම් සතුරාට හානිදායකද යන්න.

    airsoft-50-sniper-rifle.jpg


    ස්නයිපර් වරයකු යම් පුද්ගලයකු නිවැරදිව ඉලක්කයට හසු කරගතහොත්, ඒ පුද්ගලයා මරණයෙන් ගැලවෙන්නේ ඉතා කලාතුරකින්. ස්නයිප් කිරීම එතරම්ම මාරක වන්නේ ඒ නිසයි. මේ හේතුව නිසාමයි අද ලෝකයේ හමුදා හැකි සෑම විටම ස්නයිපර් වරුන් යුදබිමේ යොදවන්නේ. තම හමුදාවෙන් විශාල කොටසක් දැඩි වෙහෙසක් දරා යුද භූමියේ සටනට යොදවනවාට වඩා ස්නයිපර් වරුන් කීපදෙනෙක් සාර්ථකව යෙදවිය හැකිනම් ලබාගතහැකි වාසි පාබල හමුදා අණදෙන්නන් හොඳින් දන්නවා. ඒ නිසා ප්‍රහාරක සැලස්මක ස්නයිපර් වරුන්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඔත්තු බලන්න එන කුඩා කණ්ඩායම් මර්දනයටත් ස්නයිපර් වරු හොඳ ප්‍රත්‍යක්ෂ බෙහෙතක්.

    ඇත්තටම ස්නයිපර් වරයෙක් කරන්නේ හැංගිලා ඉඳලා වෙඩි තියලා සතුරන් මැරීම විතරද?

    sniper_hide.jpg


    ඔන්න අපි හොඳ කාරණයකට ආවා. මතකනේ මම මුලින්ම කිව්වා ස්නයිපර් වරයා විශේෂඥ පුහුණු සොල්දාදුවෙක් කියලා. ඒ වගේම ඔහු විවිධ ඉරියව් වල සිට, (කැලයේ සැඟවී, ගසක අතු අතර සැඟවී, බිම තිබෙන වළකට බැස, ජලයේ සැඟවී, අට්ටාලයක සිට, කඹයක එල්ලී, ගොඩනැගිල්ලක සැඟවී, වාහනයක සැඟවී, තවත් ඉරියව් අපමණයි) නිවැරදිව ඉලක්කය ගැනීමේ විශේෂඥ පුහුණුව තිබෙනවා. එපමණක් නෙවෙයි සැඟවීම සහ වෙස්වලාගැනීම (camouflage and concealment) පිළිබඳව ඔහු සාමාන්‍ය සොල්දාදුවකුට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නේ. පරිසරයේ ඇති විවිධ දේ පාවිච්චි කරමින් වෙස්වලාගැනීම, කිසිවකු නොසිතන තැනක සැඟවීම ස්නයිපර් වරයකු සතු විශේෂ ප්‍රාගුන්‍යයක්.

    gs-1.jpg


    ස්නයිපර් වරයා ඉලක්කක බල බලා වෙඩි තබමින් යන්නකු නොවේ. ඔහුට පැවරෙන අති විශේෂ රාජකාරි කීපයක්ම තිබෙනවා. ඔහුගේ සාර්ථක සැඟවීම සහ වෙස්වලාගැනීම නිසා ඔහුට හැකිවෙනවා ඉතා සාර්ථකව සතුරු භූමියේ ඉදිරියට රිංගා යාමට. එසේ යන අතර ඔහුට හැකි වෙනවා, සතුරු භූමියේ ස්වභාවය සහ සතුරු කඳවුරු වල පිහිටීම, සතුරාගේ ක්‍රියාකාරකම්, සතුරා ඉදිරියේදී ගනු ඇතැයි සිතෙන ආක්‍රමණශීලී පියවර, සතුරාගේ කාලතුවක්කු සහ යුද ටැංකි, එම්.බී.ආර්.එල්. අවි, ගුවන් යානා නාශක අවි ස්ථානගතකර ඇති ආකාරය, රේඩාර් මධ්‍යස්ථාන, අවි ගබඩා, පුහුණු කඳවුරු ආදී සියලු වැදගත් තොරතුරු තම අණදෙන නිලධාරියා වෙත ගුවන් විදුලි මගින් රහසිගතව දන්වන්නට. ඒ අනුව පාබල හමුදා සේනාංක ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් සතුරා වෙත නිවැරදි ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට හැකිවෙනවා.
    විශාල සේනාංකයක් වෙනුවට සමහරවිට එක ස්නයිපර් වරයකු යෙදීමෙන් සතුරාගේ ඉදිරි සැලසුම් අවුල් කර දැමීමට හැකිවෙනවා. එක ස්නයිපර් වරයකු සතුරු ප්‍රදේශයට රිංගා උසස් හමුදා නිලධාරීන් කීප දෙනෙකු, ගුවන් නියමුවන්, බර අවි ක්‍රියා කරවන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, බිම බෝම්බ සවිකරන ඉංජිනේරු සෙබළුන්, කීප දෙනෙකුට ‘වග කියපු ගමන්’ සතුරා අන්දමන්දවී ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවනවා. ස්නයිපර් හෙමින්ම පසු බැස තමන්ගේ අණදෙන නිලධාරියාට දන්වනවා සතුරා අවුලට පත්වී සිටින බව. එවිට කාලතුවක්කු, එම්.බී.ආර්.එල්, ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සතුරා එහෙම පිටින් අඩපණ වෙනවා.
    ඇෆ්ඝනිස්තානයේදී ඇමරිකානු ස්නයිපර් වරයකු ප්‍රහාර එල්ල කරන හැටි බලන්න පහල වීඩියෝවෙන්


    ලෝකයේ මෙතෙක් වාර්තා වූ දුරින් වැඩිම ඉලක්කයට එල්ල කළ ස්නයිපර් ප්‍රහාරය ගැන වීඩියෝවක් පහලින් බලන්න.

     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    තො නම් හැදෙන්නෙම නැති පොන්නයෙක්. තොට කියන්න තියෙනෙ එච්චරයි. මෙ මම තොගෙ දෙවෙනි පොස්ට් එකට දාපු කමෙන්ට් එක.

    යකෝ කැරි වැඩ කරන්න එපා....ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද උබලට....... :frown::frown::frown::frown::frown:උබ මේ උස්සල දාල තියෙන්නෙ යුද්දෙට ගිහිල්ල විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු රනවිරුවෙක්ගෙ බ්ලොග් එකකින් උස්සපු පොස්ට් එකක් ගෙඩි පිටින්ම. එක අකුරක්වත් වෙනස් කරල නෑ . ඉස්සුවට කමක් නෑ අනික් උන් වගේ ඉස්සුවෙ කොතනින්ද කියල දාපන් යුතුකමක් හැටියට. මට කමක් නෑ මෙක කොහෙන් ඉස්සුවත්. එත් බලපන් මේ බ්ලොග් එක ලියන මනිස්සය කියල තියෙන දේවල්.

    "ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා."

    එ රට රැක්ක මනුස්සයෙක්. උබ වගෙ රෙප් හිගන්නෙක් නෙමේ. ලැජ්ජ වෙයන් බන් එ මනුස්සය කියල තියෙනව ඔනෙම කෙනෙක් ගන්න එත් ගත්ත තැන දාන්න කියල. උබ උබෙ වගෙ උස්සල මදිවට තව උබ ලිඋව වගෙ කමෙන්ට්ස් දානව. විලි ලජ්ජයි බන්. අර scurvy හොදයි උබට වඩා. උ අම්මට බැන්නට කගෙවත් එව උස්සන්නෙ නෑ.උබ ඉලගට උබෙ මහා වැඩ වගේ ඉතුරු කොටස් දෙක දාන්න ඔනේ නෑ එ දෙකේ ලින්ක් මම මෙතන දාන්නම්

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)


    https://jangun.wordpress.com/2012/09/20/සැඟවුණු-මරුවා-තුන්වැනි-ක/

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)


    https://jangun.wordpress.com/2012/09/26/සැඟවුණු-මරුවා-අවසාන-කොටස-the-s/

    මෙ තො එකට දාල තිබ්බ රිප්ලයි එක

    :no::no::no::no::no::no::oo::oo::oo::oo:ඇත්තටම සමාවෙයල්ල ...මට ගත්ත තැන දාන්න අමතක උනා...
    මේක ලියපු මුල් අයිතිකාර කෙනාට ගොඩක් ස්තුතියි......

    එහෙම කියල මෙ පොන්නය ආයෙත් ඒ විදිහටම උබ ලිවුව වගෙ තව කොටසක් දාල ගෙඩි පිටින්ම උස්සල. විලි ලජ්ජවක් නැද්ද පොන්නයො? තො වගේ උන් හින්ද තමා එලකිරියෙ ඉන්න වැදගත් පොස්ට් එකක් දාන උනුත් මහන්සි වෙලා පොස්ට් එකක් දාන්නෙ නැත්තෙ. බලපන් මෙක එලකිරියටත් ලජ්ජවක් නෙමේද? යකො මෙකෙ මම 2008 ඉදන් ඉන්නව. එල කිරිය මෙ තත්වෙට ආවෙ මෙකෙ උන් කැපවීම් කරල වැදගත් දෙයක් කරන නිසා. නැතුව තො වගෙ පොන්න විදිහට කාගෙන්වත් උස්සල නෙමේ. අපි උබට කොහෙන්වත් උස්සන්න එප කිඋවෙ නෑ. අඩුම ගානෙ ගත්ත තැන කියල මෙක ලියපු කෙනාගැනත් පොඩ්ඩක් කියල දාපන් කියල යුතුකමක් විදිහට. එලකිරියට ලැජ්ජ කරන්න එපා පොන්නයො පොන්න වැඩ කරල.




     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න් මෙක පල කරපු එක හොදයි ගොඩක් එත් ලියපු කෙනාව දාන්න එක තමයි මච්න් එ මිනිහට දෙන ගෞරවය. උබ ඔක ඉස්සුවා කියලා දැම්මට රෙප් දෙන එකා නොදි ඉන්නෙ නැහැ. එ නිසා. පොඩ්ඩක් මුල් අයිතිකරු ගැන හිතන්න