11 සිංහලු Office යනවාද ?

11 OFFICE යනවාද?

  • ඔව්

    Votes: 26 42.6%
  • නැ

    Votes: 35 57.4%

  • Total voters
    61
  • Poll closed .

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හෙට සිට වැඩ ඇරඹුවත් පෞද්ගලික බස් වැඩ නැහැ - ගැමුණු විජේරත්න

    හෙට (11) දින සිට රට සාමාන්‍ය අතර පත්වීම ආරම්භ  වුවද පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    පවත්නා තත්ත්වයට යටතේ සෞඛ්‍යාරක්ෂිතව මගී ප්‍රවාහනය සඳහා වන රෙගුලාසි ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශ කිරීමට නියමිත තර පසුව එය නීතියක් බවට පත්වන හෙයින් එම නිර්ණායක අනුව බස් රථ ධාවනයට එක් කළ නොහැකි බවයි විජේරත්න මහතා සඳහන් කරන්නේ.

    බස් රථයේ ආසනවලින් හරි අඩක් මගීන් එක් කර ගත යුතු අතර එලෙස ධාවනය කිරීමේ පිරිවැය හෝ පියවා ගත නොහැකි බවයි ඔහු කියා සිටින්නේ.

    රජයෙන් ඉන්ධන සහනාධාරයක් හෝ ඉල්ලා සිටියද එයද නොලැබුණු බවයි විජේරත්න මහතා පවසන්නේ.

    කෙසේවෙතත් පෞද්ගලික බස් රථ හිමියන්ට ධාවනයේ නොදෙන්නැයි තමන් උපදෙස් නොදෙන නමුත් කිහිපයක් හෝ ධාවනය වුවහොත් එම බස් රථවලට අධික මගීන් ප්‍රමාණයක් එක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

    පවත්නා තත්ත්වය යටතේ කොරෝනා වාහකයෙකු වීමට සූදානම් නැති බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා  වැඩිදුරටත් සඳහන් කරයි.