MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අද දිනය (11) වසර 10 කට පසුව එළඹෙන සුවිශේෂී දිනයක් ලෙසට ඉතිහාසයට එක්වනවා.ඒ අද දිනය 1 ඉලක්කම භාවිතයෙන් පමණක් ප්‍රකාශ කිරීමට හැකි වීමයි.

11/11/11 පිලිබඳ විවිධ දෙනා විවිධ මත පල කරනු ලබනවා.එක පිරිසක් මෙය සුබ දිනයක් යැයි ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මෙය ඉතා අසුබ දිනයක් යැයි සලකනවා.


නමුත් ලංකාවේ හා ඉන්දියාවේ ප්‍රවීන ජෝතිර්වේදීන් කිහිප දෙනෙක්ම මේ පිළිබඳව සිය මතය පල කල තිබුනේ "මෙය තවත් එක දිනයක් යැයි සිතා" කටයුතු කරන ලෙසයි.


චීනය අද දිනය ඉතා සුබ දිනයක් ලෙසට සලකන අතර ඔවුන් එය සමරන්නේ විශාල විවාහ මංගල උත්සවයක් පැවැත්වීමෙනි.

ලොව පුරා මෙම දිනය සැමරීමට උනන්දුවෙන් සිටින අතර ඒ අතර අලුත් නිෂ්පාදන එලි දැක්වීම,නව චිත්‍රපට එලි දැක්වීම,දරු ප්‍රසුතියට සුදානම්වී සිටින ගැබිණි මව්වරුන් විශේෂ වනවා.


2011 11 වන මස 11 වන දින 11 වන පැයේ 11 වන තත්පරය
සැමරීමටද ලෝකයේ රටවල් සුදානමින් සිටිනවා.

ලංකාවට අද දිනය වැදගත් වන්නේ 2018 පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය ලැබෙන්නේ හම්බන්තොටටද, ඕස්ටේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයටද යන්න අද දිනයේ ප්‍රකාශ කිරීමට නියමිත නිසයි.

2011-11-11 චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝ පටය පහතින් නරඹන්න


 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ වගේ දවසක් ගෙවන්න ලැබීමත් එක්තරා වාසනාවක්....
    1011....අද 2011 ඊලඟට 3011...අවුරුදු දාහකින් එන විශේෂ දවසක්.
    අපි මිලේනියම් එකක් වෙනස් වෙනවා දැක්කා...
    01/02/03 04.05.06 වගේ වෙලාවක් ගත වෙනවා දැක්ක
    නරකම නෑ අපෙ ලයිෆ් ටයිම් එක දුවන කාලේ.
     
    Nov 2, 2011
    990
    76
    0
    මේ වගේ දවසක් ගෙවන්න ලැබීමත් එක්තරා වාසනාවක්....
    1011....අද 2011 ඊලඟට 3011...අවුරුදු දාහකින් එන විශේෂ දවසක්.
    අපි මිලේනියම් එකක් වෙනස් වෙනවා දැක්කා...
    01/02/03 04.05.06 වගේ වෙලාවක් ගත වෙනවා දැක්ක
    නරකම නෑ අපෙ ලයිෆ් ටයිම් එක දුවන කාලේ.

    ai
    12-12-12 ;)