
11.22.63 tv series
මේකේ කතා 8 ක් අඩංගු වෙනවා. විකාශය වෙන්නේ hulu වෙබ් අඩවියේ. අපේ රටේ වැඩි පිරිසක් භාවිතයට ගත්තේ නැති වුනත් ඒකත් නෙට්ෆ්ලික්ස් වගේ තමයි විශේෂත්වය වෙන්නේ එකේ නම් කතාවක් විකාශය වුන ගමන්ම ඒ වෙබ් අඩවිය හරහාත් එම කොටස් නැරඹීමේ අවස්තාව තියනවා. හරියට අපේ ටොරන්ට් වගේ
මේක 2011 නොවැම්බර් 8 වැනිදා ස්ටීවන් කින් විසින් ප්‍රකාශයට පත් කරන ලද 11/22/63 ග්‍රන්ථය පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පොත ගැන කතා කරනවා නම් විශාල වශයෙන් අලෙවි වුන බොහොම ජනාදරයට පාත්‍ර වුන පොතක්. Mystery, Sci-Fi, Thriller කියන කාණ්ඩයන්ට තමයි මේ කතා මාලාව අදාළ වෙන්නේ. මේ වෙන විට IMDB 9.0 වගේ ඇති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. ඉතින් කියන්න ඕනේ නැහැ නෙව කොහොම ඇති ද කියලා.
තිරයේ දකින මුහුණු ගැන කතා කරනවා නම් සිනමාවේ නිතර දකින මුහුණක් මේ දවස්වල ආරට යමින් පුංචි තිරයට ඇවිත් තියනවා මේ කතාව වෙනුවෙන් ඒ James Franco. ඊට අමතරව Sarah Gadon, George MacKay, Josh Duhamel, Chris Cooper, Cherry Jones වගේ පිරිසක් එක්කාසු වෙනවා.
ජේක් කියන්නේ පාසල් ගුරුවරයෙක් ඔහු හැමදාම කෑම ගන්නා ආපනශාලාවක් තියනවා මේකේ වැඩ කරන්නේ ඇල් කියලා කලක් ඉදලා දන්නා හදුනනා පුද්ගලයෙක්. දවසක් කෑම ගන්නා අතරේ ජේක්ට ඔහුගේ බිරිද දික්කසාද ලියවිලි ගෙනත් දෙනවා අත්සන් කරන්න මේ අතරේ ඇල් යනවා කුස්සියට. නමුත් මේ ලිපිගොනු අත්සන් කරලා හැරෙන පරක්කුවට ඇල් එනවා මල මිනියක් වගේ සුදු මාලි වෙලා, වෛද්‍යවරුන්ට අනුව ඔහුට පිළිකාවක් තවත් ජිවත් වෙන්න වැඩි කාලයක් නැහැ. ජේක්ට මේක මහා ප්‍රහේලිකාවක් වෙනවා එක මොහොතක හොඳට හිටිය මිනිහා ඊලග මොහොතේ කොහොම එකපාර මෙහෙම අසනීප වෙන්න ද? ඊලග දවසේ ඔහුට එන්න කියනා ඇල් ජිවිතයට විශ්වාස කල නොහැකි අමුතුම කතාවක් කියනවා ජේක්ට. ඒ තමුන්ගේ කුසියේ අල්මාරියක් ඇතුලෙන් ගියාම 1960 ට යන්න පුළුවන් බව.
පිස්සු…. තනිකරම පිස්සු… හැබැයි ඒක තමා ඇත්ත. ඇල් ගේ ඉල්ලීම වෙන්නේ 1960 ට ගිහින් වසර 3 කට ආසන්න කාලයක් එහෙ ගත කරලා 1963 දී සිද්ධ වෙන ජෝන් එෆ්. කෙනඩි ඝාතනය වලක්වන්න කියන එක. ජේක් මුලින් කැමති වුනේ නැතත් පස්සේ ඔහු ඒකට කැමති වෙනවා තව හේතු එකක්… ඉතින් ඔහුට ලැබෙනවා 1960 න පස්සේ තරග ප්‍රතිඵල පොතක්, කෙනඩි ඝාතනය ගැන ඇල් හොයාගත් තොරතුරු ගොන්නක් වගේ සෑහෙන දේවල්. බලන්න ඔහුගේ අරමුණ ඉටුවේවි ද බලන්න…
details gaththe baiscope eken
imdb 8.7 rate aran tyanawa.
baluwe naththM balannam patta





Last edited:


