bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් තමාට එකඟ විය නොහැකි නිසා පාර්ලිමේන්තුවේදී තමා ස්වාධීනව කටයුතු කරන බව එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා ප්‍රකාශ කළේය. (2018 නොවැම්බර් 06 - මව්බිම)

    මේ සති 3කට පෙර ප්‍රවෘත්තියක්..

    ඊයේ පාර්ලිමෙන්තුවේ ඡන්ද විමසීමේදී ඩිජිටල් බෝඩ් එකේ සටහන් වූ 117කගේ නම් අතරවත්, හදිසියේ අක්‍රිය වූ අර හතර දෙනාගේ නම් අතරත් මේ නම නැත..

    (මීට පෙරද තීරණාත්මක අවස්ථාවල කථානායක කරූ යටතේ පාර්ලිමෙන්තුවේ මෙවැනි යන්ත්‍ර අක්‍රිය වීම් සිදු වූ බව මතක තබා ගන්න..)

    මින් පෙරද ඔය එජාප - දෙජාස - ජවිපෙ හවුලේ සිටි 122 අතරද මේ නම තිබුනේ නැත..

    දෙජාස තුල පවතින අභ්‍යන්තර ගැටුම හැකිතාක් යටපත් කර සමාජයෙන් වසන් කිරීමට ප්‍රබල උත්සහයක් ජාත්‍යන්තර අනුග්‍රහයද සහිතව සිදුවෙමින් ඇත..

    රනිල් වික්‍රමසිංහට නැවත අගමැති වීම සඳහා අත්සන් 113+ සොයන ක්‍රියාවලියට දායකත්වය දීමට දෙමළ ජාතික සන්ධානය තල්ලු කරන්නට සුමන්තිරම් ගත් උත්සහය ව්‍යාර්ථ කල හය දෙනාගේ මන්ත්‍රී කණ්ඩායමේද ශිවශක්ති ආනන්දන් ප්‍රබල සාමාජිකයෙකි..

    ඊයේ ඩිජිටල් බෝඩ් එකට නම් 117ක් පමණක් ඒම සහ සුමන්තිරම් සෙටප් එකට පිටින් චූන් එකට නම් වශයෙන් ඡන්ද විමසීම කරමු යැයි කී කිරිඇල්ලට බැන වදිමින් ඇඟට ගොඩවීම පිටුපස ඇති රහස දෙජාස තුල පවතින අභ්‍යන්තර ගැටුම බව මගේ අදහසයි..

    අමාරුවෙන් වහන් ඉන්න රෙද්ද කඩා දැමීමට යම්කිසි ගොනෙක් උත්සහ කරන විට සුමන්තිරම්ට යක්ෂාරූඩ වීම පුදුමයට කරුණක් නොවේ.. 😎

    මින් පෙර පසුගිය අයවැය දිනන්න අල්ලස් ලෙස ටීඇන්ඒ මන්ත්‍රීවරුන්ට දෙකෝටිය බැගින් ප්‍රතිපාදන වෙන් කල බව ප්‍රසිද්ධියේ කීවේද මේ එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන්ය..