14 දැරිය ගැබිනියක කළ හොර කපුවා වසර 15 ක් හිරේට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113

    කපුවෙකු ලෙසින් නිවසට පැමිණ 14 හැවිරිදි දැරියක ගැබිනියක කළ පුද්ගලයෙකු වරදකරු වූ පුද්ගලයෙකුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් ඊයේ (07) වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.

    හොරණ, හිඹුටුහේන ප්‍රදේශයේ පදිංචි ගාලුගේ සුරංග පුෂ්පකුමාර නමැති 44 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස සිර දඩුවම් නියමවිය.

    එකී සිර දඩුවමට අමතරව වින්දිත දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එම මුදල් නොගෙවන්නේ නම් මාස 24 ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම විය.

    චූදිතයා 2021 වර්ෂයේදී කපුවෙකු වෙසින් හොරණ, හිඹුටුහේන ප්‍රදේශයට පැමිණ එවකට වින්දිත දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන එම නිවසේ පදිංචිව සිට තිබේ. එම කාලසීමාව තුළදී එකී දැරිය අපහරණය කිරීමෙන් පසු ගැබිණියක බවට පත්කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381

    හෙළ සීන්
     
    Similar threads