15 සිසුවියක අපයෝජනය කළ 20 පෙම්වතා දැලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිට ඇතැයි කියන 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක රවටා ගෙන ගොස් ඇය අපයෝජනය කළා යැයි කියන 20 හැවිරිදි තරුණයෙකු හා එයට අනුබල දුන් බව කියන තරුණයාගේ සගයකු ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කරයි.ඉඹුල්ගොඩ පරකන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සැකකරු හා ඔහුට අනුබල දුන්නා යැයි කියන කිරිබත්ගොඩ ඊරිය වැටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    කිරිබත්ගොඩට ආසන්න ප්‍රදේශයක පදිංචි මෙම පාසල් දැරියගේ මවුපියන් වෙන්වෙන්ව වාසය කරන අතර දැරිය ආච්චි අම්මාගේ සහ සීයාගේ රැකවරණයෙන් සිට ඇත.දැරිය 2022 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේ දිනක අම්මා පදිංචිව සිටි වැලිවේරිය ප්‍රදේශයේ නිවසේ සිටියදී සිය පෙම්වතා යැයි කියන තැනැත්තාගේ ඉල්ලීම මත ඔහු හමුවීමෙන් පසු ඔහුගේ හිතවතෙකුගේ කිරිබත්ගොඩ ඊරිය වැටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් එහි කාමරයකදී දැරිය අපයෝජනය කර ඇතැයි පැවසේ.

    පසුව දෙදෙනා විරසකවී ඇතැයිද කියයි. මෙම සිද්ධිය පිළිබඳ පියාට දැනගැනීමෙන් පසු පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර 15 හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කර ඇත.කිරිබත්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    yako school yana dawas wala class eke hitapu kellanta api gal kapapu widiyata thawath inna wenne athule
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,842
    7,159

    Wamane yddi mttu wennathi